Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයා විශ්වාස කරන දේ පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?

ඔයා විශ්වාස කරන දේ පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?

දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි කියන එක ගැන කවුරු හරි ඇහුවොත් ඔයා උත්තර දෙන්නේ කොහොමද? හොඳ විශ්වාසයකින් උත්තර දෙන්න නම් ඔයා දේවල් දෙකක් කරන්න ඕනේ. මුලින්ම ඒ දේ ඇත්තක් කියලා ඔයා ඔයාටම තහවුරු කරගන්න ඕනේ. (රෝම 12:1, 2) ඊළඟට ඔයා විශ්වාස කරන දේ ගැන වෙන කෙනෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද කියලා හොඳට හිතලා බලන්න ඕනේ.—හිතෝ 15:28.

දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා සමහර අය විශ්වාස කරන්නේ ඇයි කියන එක ගැන දැනගන්න ‘විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි’ සහ ‘සත්ව විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි’ කියන වීඩියෝ බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඉරේන් හෝෆ් ලෝරාන්සෝ පරිණාමවාදය විශ්වාස කරනවා වෙනුවට නිර්මාතෘ කෙනෙක් ගැන විශ්වාස කරන්නේ ඇයි?

  • යොරොස්ලාව් ඩොවනිච් පරිණාමවාදය විශ්වාස කරනවා වෙනුවට නිර්මාතෘ කෙනෙක් ගැන විශ්වාස කරන්නේ ඇයි?

  • නිර්මාතෘ කෙනෙක් ගැන ඔයා විශ්වාස කරන්නේ ඇයි කියලා තව කෙනෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද?

  • යෙහෝවා දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා ඔයාටම තහවුරු කරගන්නත් ඒක අනිත් අයට ඔප්පු කරලා පෙන්වන්නත් උදව් වෙන්නේ සංවිධානයෙන් ලබා දීලා තියෙන මොන වගේ දේවල්ද?