පූජාවල වැදගත්කම
මෝසෙස්ගේ නීතියෙන් ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා පූජාවන් සහ පරිත්‍යාගයන් ඔප්පු කරන්න කියලා. ඒවා ඔප්පු කරද්දී යෙහෝවා දෙවියන් සතුටු වුණා. ඒ වගේම ඒ දේවලින් යේසුස්ගේ ජීවිත පූජාවත් ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජනත් සංකේතවත් වුණා.—හෙබ්‍රෙ 8:3-5; 9:9; 10:5-10.
-
පූජා කරපු සතුන් නිරෝගී සහ නිකැළැල් සතුන් වෙන්න ඕනෙ වුණා. ඒ හා සමානව යේසුස් පූජා කරපු ශරීරයත් කිසිම කැළැලක් නැති පරිපූර්ණ ශරීරයක් වුණා.—1පේතෘ 1:18, 19
-
දවන පූජාවක් ඔප්පු කරද්දී ඒක යෙහෝවා දෙවියන්ට සම්පූර්ණයෙන්ම ඔප්පු කළා. ඒ හා සමානව යේසුස් ඔහුගේ ජීවිතය යෙහෝවා දෙවියන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම දුන්නා
-
දෙවියන්ට පිළිගන්න පුළුවන් විදිහේ හවුල් පූජාවක් ඔප්පු කරපු අයට දෙවියන් එක්ක සමාදාන වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හා සමානව ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට හවුල් වෙන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් දෙවියන් එක්ක සමාදාන වෙන්න අවස්ථාව ලැබෙනවා