යේසුස්ගේ අනුගාමිකයන් කරන්න ඕනෙ මොනවාද?
සීසාද්දී ගොවියා වටපිට බැලුවොත් නඟුලෙන් කැපෙන පුංචි කාණු කෙළින් කපාගන්න බැරි වෙනවා. ක්‍රිස්තියානීන් විදිහට අපිත් අපි අත්හැරලා ආපු දේවල් ගැන හිතහිත ඉන්න ගියොත් අපේ අවධානය වෙනතකට යයි.—ෆිලි 3:13.
දුෂ්කරතා අද්දකිද්දී අපිට හිතෙයි ‘ඉස්සර නම් කොච්චර සතුටින් හිටියාද’ කියලා. හැබැයි අපි මුහුණ දීපු ප්‍රශ්න ගැන ඒ වෙලාවෙදී අපිට මතක් වෙන එකක් නැහැ. ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු ඊශ්‍රායෙල්වරුන්ටත් වුණේ ඒ දේමයි. (ගණන් 11:5, 6) ඒ වගේ සිතුවිලිවලට අපි ඉඩ දුන්නොත් යෙහෝවා දෙවිව අත්හරින්න අපිත් පෙලඹෙයි. ඒ නිසා අපි දැන් අද්දකින ආශීර්වාද ගැනත් අනාගතයේදී දේවරාජ්‍යය මාර්ගයෙන් අද්දකින්න යන ආශීර්වාද ගැනත් නිතරම හිතන එක කොච්චර වැදගත්ද!—2කොරි 4:16-18.