යේසුස් වගේ සාතන්ව ප්රතික්ෂේප කරන්න
අපේ හිත්වල තියෙන ආශාවන් පාවිච්චි කරලා අපිට දෙවිත් එක්ක තියෙන බැඳීම නැති කරලා දාන්නයි සාතන් උත්සාහ කරන්නේ. එක් එක් පුද්ගලයාට යොදාගන්න ඕනෙ මොන උපක්රමයද කියලත් ඒක යොදාගන්න ඕනෙ කොයි වෙලාවෙද කියලත් සාතන් හොඳින්ම දන්නවා.
තමන්ට ආපු පරීක්ෂා තුනෙන්ම ජය ගන්න යේසුස් පාවිච්චි කළේ මොකක්ද? (හෙබ්රෙ 4:12; 1යොහ 2:15, 16) යේසුස්ව ආදර්ශයට ගන්න මට පුළුවන් කොහොමද?