Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙරෙමියා 51-52

යෙහෝවා දෙවි කියන හැම දෙයක්ම අකුරක් නෑර ඉටු වෙනවා

යෙහෝවා දෙවි කියන හැම දෙයක්ම අකුරක් නෑර ඉටු වෙනවා

අනාගතයේදී වෙන දේවල් ගැන යෙහෝවා දෙවි කලින්ම නිවැරදිවම කියලා තියෙනවා

පර්සියානු හමුදාවේ දුනුවායෙක්

“ඊතල මුවහත් කරගන්න”

51:11, 28

  • මේදියවරු, පර්සියානුවරු දක්ෂ දුනුවායන්. එයාලා ප්‍රධානම ආයුධය විදිහට පාවිච්චි කළේ දුන්න. පසාරු කරගෙන යන්න පුළුවන් වෙන විදිහට එයාලා ඊතල මුවහත් කළා

‘බැබිලෝනියේ දක්ෂ යුධ සෙබළු සටනින් පසුබැස්සා’

51:30

  • “සයිරස්ගේ හමුදාව සටනක් නැතුවම බැබිලෝනියට ඇතුල් වුණා” කියලා නැබෝනිඩස්ගේ ශිලා ලේඛනයේ සඳහන් වෙනවා. ඒකෙන් අදහස් වෙන්න ඇත්තේ ලොකු ගැටුමක් නැතුවම ඇතුල් වුණා කියන එකයි. ඒක යෙරෙමියාගේ අනාවැකියටත් එකඟයි

නැබෝනිඩස්ගේ ශිලා ලේඛනය

‘බැබිලෝනියේ ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි. බැබිලෝනිය සදහටම පාළු ස්ථානයක් බවට පත් වෙනවා’

51:37, 62

  • ක්‍රි.පූ. 539 ඉඳන්ම බැබිලෝනියේ තේජශ්‍රීය පිරිහෙන්න පටන්ගත්තා. මහා ඇලෙක්සැන්ඩර් රජ අගනුවර විදිහට බැබිලෝනිය තෝරාගන්න හැදුවාත් එයා හදිසියේම මැරුණා. මුල් සියවසේදීත් යුදෙව්වන් පිරිසක් බැබිලෝනියේ හිටියා. ඒ නිසායි පේතෘස් එහෙට ගියේ. ඒත් ක්‍රි.ව. හතරවෙනි සියවස වෙද්දී නටබුන් ගොඩක් වුණු ඒ නගරය අන්තිමේදී පාළු තැනක් වුණා

ඒ බයිබල් අනාවැකියේ ඉටු වීම මට බලපාන්න ඕනෙ කොහොමද?

 

මේ අනාවැකිය ගැන අනිත් අයට කියලා දෙන්න පුළුවන් මොනවාද?