Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: හදිසි ආපදාවලට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙන එක වැදගත් ඇයි?

බයිබල් පදය: හිතෝ 27:12

ඉදිරිපත් කිරීම: හදිසි ආපදාවක් වෙන්න කලිනුත් ආපදාවකට මුහුණ දෙද්දීත් ඊටපස්සෙත් කරන්න ඕනෙ මොනවාද කියලා මේ සඟරාවේ විස්තර කරනවා.

බයිබලයෙන් උගන්වන්න

ප්‍රශ්නය: දෙවියන්ට ආදරේ කරන්න අපිට පුළුවන් කොහොමද?

බයිබල් පදය: 1යොහ 5:3

බයිබලයේ කියන්නේ: අපි ඇත්තටම දෙවියන්ට ආදරෙයි නම් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපි කරනවා.

‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ (T-35)

ප්‍රශ්නය: ලෝකේ පුරාම ඉන්න මිනිස්සු මැරුණු අය වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. මරණයෙන් වෙන් වුණු, අපි ආදරය කරන අයව ආයෙත් දකින්න අපිට පුළුවන්ද?

බයිබල් පදය: ක්‍රියා 24:15

ඉදිරිපත් කිරීම: මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියන පොරොන්දුව නිසා ඔයාගේ ජීවිතයට බලාපොරොත්තුවක් ලැබෙන්නේ කොහොමද කියලා මේ පත්‍රිකාවේ පෙන්නනවා. [පුළුවන් නම් ‘මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙයිද?’ වීඩියෝ එක පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.