ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයමින් සතුටක් ලබන්න. මෙම මියුරු ගීතිකාවල පද මාලා සහ සංගීතය ඩවුන්ලෝඩ් කරගෙන පුහුණු වෙන්න.
ගීතිකා අංක 136
අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
යේසුස් පාලනය කරන දේවරාජ්‍යය ගැන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින් ගැයෙන විශිෂ්ට ගණයේ ගීතිකාවක්.
ගීතිකා අංක 137
දෙනු මැන නිර්භීතකම
යෙහෝවා දෙවි ගැන සාක්ෂි දරන්න නිර්භීතකම ඉල්ලා කරන අයැදීමට ඔබත් එක් වන්න.
ගීතිකා අංක 138
යෙහෝවා, ඒ ඔබේ නාමයයි
යෙහෝවා දෙවියන්ගේ නාමයට ප්‍රශංසා කරලා මහෝත්තම දෙවියන් ඔහුයි කියන එක සියලුදෙනාටම දැනගන්න සලස්වන්න.
ගීතිකා අංක 139
ස්ථිරව ඉන්න කියා දෙන්න
රැකබලා ගන්න කියලත් දෙවියන්ට විශ්වාසවන්තව ජීවන මඟේ යන්න උදව් කරන්න කියලත් යෙහෝවා දෙවියන්ට කරන අයැදීමක්.
ගීතිකා අංක 140
පුරෝගාමියෙකුගේ ජීවිතය
යෙහෝවා දෙවිට ඇති ආදරයත් සේවයෙන් ලැබෙන සතුට ගැනත් ඔබේ හදවතේ ඇති අගය කියන්න.
ගීතිකා අංක 141
සොයමු සාමයට ළැදි අයව
මිනිසුන්ට ඇති ආදරයත් දෙවිගේ බැටළුවන් වන ඔවුන්ව මහත් උනන්දුවෙන් සොයන විදිහ ගැනත් කියවෙන උද්යෝගිමත් ගීතිකාවක්.
ගීතිකා අංක 142
සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ
යෙහෝවා දෙවිගේ යහපත්කම සහ දෙවිගේ මිතුරන් වෙන්න කියලා හැම තරාතිරමකම ඉන්න අයට ආරාධනා කිරීමට ඇති අපේ වගකීම ගැන කියන මේ ගීතිකාව ගයන්න.
ගීතිකා අංක 146
ඔබ ඒ දේ කළේ මටයි
අභිෂේක ලත් අය වෙනුවෙන් කරන හැම දෙයක්ම යේසුස් සලකන්නේ තමන්ට කරන දෙයක් විදිහටයි.
ගීතිකා අංක 147
දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
යෙහෝවා දෙවිට තම අභිෂේක ලත් සෙනඟ අගනා වස්තුවක්. ඔවුන්ගෙත් එකම ආශාව වන්නේ දෙවිගේ කැමැත්ත කරන එකයි.
ගීතිකා අංක 148
දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!
යෙහෝවා දෙවි අපිට දුන්න වටිනාම තෑග්ග වෙනුවෙන් ඔහුට ස්තුති කරමු. හැමෝගෙම ජීවිතවලට බලාපොරොත්තුවක් ලැබුණේ ඔහු නිසයි.
ගීතිකා අංක 149
ජීවිත පූජාවට සදා ණයගැති වෙමු
මිනිසුන් වෙනුවෙන් මෙතෙක් කරපු ශ්‍රේෂ්ඨතම ක්‍රියාව යේසුස්ගේ ජීවිත පූජාවයි. ඒකට අපි යෙහෝවා දෙවිට සදා ණයගැතියි.
ගීතිකා අංක 151
දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි
යෙහෝවා දෙවි යේසුස්ගේ සහෝදරයන් සියලුදෙනාවම ස්වර්ගයට රැස් කර දෙව් පාලනය අරඹන කල් අපි බලන් ඉන්නේ මහත් ආසාවෙන්.
ගීතිකා අංක 152
ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
ජීවිතේ දුක් කරදර නිසා අපේ සිතේ බිය සැක ඇති වෙද්දී යෙහෝවා දෙවි අපේ ශක්තිය හා බලාපොරොත්තුව කරගමු.
ගීතිකා අංක 154
දිගටම විඳදරාගමු
ජීවත් වෙන තාක් කල් පීඩා දරාගෙන දෙවිට විශ්වාසවන්තව ඉන්න දිරිගැන්වීමක් ලබා දෙන ගීතිකාවක්.