ඔබට නොසැලෙන විශ්වාසයක් තිබෙනවාද?
යෙරුසලම වටලපු රෝම හමුදාව හිටිහැටියේම ආපහු හැරිලා යනවා. එහේ ජීවත් වෙන ක්‍රිස්තියානි පවුල් දෙකක් මොන වගේ තීරණයක් ගනීද? ඔවුන් යේසුස් කියපු දේට කීකරු වෙලා ඒ නගරය අත්හැරලා යයිද? ඔවුන් ගන්න තීරණය ජීවිතයට හෝ මරණයට හේතු වෙනවා. මේ නාට්‍යය හදලා තියෙන්නේ බයිබලයේ වාර්තා වෙලා තිබෙන සැබෑ සිදුවීමක් මත පදනම්වයි. සමහර දර්ශනවල සටන් ජවනිකා ඇතුළත් කරලා තියෙන්නේ යෙරුසලමේ හිටපු ක්‍රිස්තියානීන් ඇත්තටම මුහුණ දුන්න තත්වය පෙන්වන්නයි.