සෝදිසියෙන් ඉන්න!
විනාශයට ඇද වැටෙන මහා පොළොව - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
“මේ මහා පොළොව හිතාගන්නවත් බැරි වේගයකින් විනාශය කරා ළං වෙනවා. ලෝකේ ප්‍රධාන නගර වතුරෙන් යට වෙලා. එකපාරටම අසාමාන්‍ය විදිහට උෂ්ණත්වය ඉහළ යනවා. භයානක කුණාටු ඇති වෙනවා. හැම තැනම ජල අර්බුද. සතුන් හා ශාක විශේෂ මිලියන ගාණක් වඳ වෙනවා. මේක නිකං ගොතපු කතාවක් නෙවෙයි. පරිසරය ගැන හිතන්නේ නැතුව, කිසිම පාලනයක් නැතුව එක එක රටවල් කරන දේවල් නිසා අන්තිමට මේකයි වෙන්නේ කියලා විද්‍යාඥයෝ කියනවා.”—2022 අප්‍රියෙල් 4වෙනිදා දේශගුණික වෙනස්කම් පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව විසින් ඉදිරිපත් කරපු වාර්තාවක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වන ඇන්ටෝනියෝ ගුටරෙස් කරපු ප්‍රකාශයක්.
“ගෝලීය උණුසුම දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා ඇති වෙන අහිතකර ප්‍රතිඵලවලින් ඉදිරි අවුරුදු කීපය ඇතුළත ඇමරිකාවේ තියෙන ජාතික උද්‍යාන 423ම වගේ අවදානමේ කියලා විද්‍යාඥයන් අනතුරු අඟවනවා. ලැව් ගිනි, ගංවතුර, අයිස් තට්ටු දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, අසාමාන්‍ය විදිහට උෂ්ණත්වය ඉහළ යාම වගේ පරිසරයට තර්ජනයක් වෙන දේවල් එක පිට එක වෙද්දී අපි මේ ළං වෙන්නේ බයිබලේ කියන ලෝක විනාශයටද කියලා අපිට හිතෙනවා.”—The New York Times සඟරාව, 2022 ජූනි 15.
මේ වෙන විනාශයෙන් පෘථිවිය බේරගන්න පුළුවන්ද? එහෙමනම් ඒ කාටද? බලන්න ඒ ගැන බයිබලේ කියන දේ.
කලින්ම කියලා තිබුණා
බයිබලේ කියනවා දෙවියන් “පොළොව විනාශ කර දමන අයව විනාශ කරනවා” කියලා. (එළිදරව් 11:18) ඒ බයිබල් පදෙන් අපිට දේවල් තුනක් තේරුම්ගන්න පුළුවන්.
1. මිනිස්සු කරන දේවල් නිසා පොළොවට ලොකු හානියක් වෙනවා.
2. පරිසර හානිය නවතින දවසක් එනවා.
3. පරිසර හානියට තිත තියන්නේ දෙවියන් මිසක් මිනිස්සු නෙවෙයි.
පෘථිවියේ අනාගතය සුරක්ෂිතයි!
බයිබලේ කියන්නේ “පොළොව සදහටම පවතියි” කියලා. (දේශනාකාරයා 1:4) ඒ වගේම කවදාවත් මේ පොළොවෙන් මිනිස්සු නැත්තටම නැති වෙලා යන්නේ නැහැ.
“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.
පොළොව ආයෙත් යථා තත්වයට පත් වෙනවා.
“වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.”—යෙසායා 35:1.