පාරිසරික ගැටලුවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!
“දේශගුණික විපර්යාස නිසා පෘථිවිය මේ හෙළන්නේ අවසන් හුස්ම කීපයයි. මිනිස්සු විතරක් නෙවෙයි පොළොවේ ඉන්න හැම ජීවියෙක්ම ඉන්නේ ලොකු අනතුරක. දේශගුණික වෙනස් වීම් නිසා එන්න එන්නම බිහිසුණු සුළිකුණාටු ඇති වෙනවා. ඒවා නිසා ගෙවල්දොරවල්, ව්‍යාපාර සුනුවිසුනු වෙලා. සාගර ජලයේ උණුසුම ඉහළ යාම නිසා ජීවීන් වඳ වීමේ තර්ජනයටත් ලක් වෙලා.”—ඉන්ගර් ඇන්ඩර්සන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිපාලන නිලධාරිනී සහ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂකවරිය, 2023 ජූලි 25.
මේ ලෝකේ තියෙන ඔක්කොම ආණ්ඩු එකතු වෙලා හරි මේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් ගේන්න පුළුවන් වෙයිද?
පාරිසරික ගැටලුවලට නියම විසඳුමක් ගේන්න හැකියාව තියෙන සහ අනිවාර්යයෙන්ම විසඳුමක් ගේන ආණ්ඩුවක් ගැන බයිබලයේ කියලා තියෙනවා. ඒකේ කියනවා ‘ස්වර්ගයේ දෙවි රාජ්‍යයක් පිහිටුවනවා’ කියලා. (දානියෙල් 2:44) ඒ රාජ්‍යය ඒ කියන්නේ ඒ ආණ්ඩුව යටතේ ඉන්න මිනිස්සු අනිත් අයටවත් මේ පොළොවටවත් ‘හානියක් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ.’—යෙසායා 11:9.