Skip to content

පටුනට යන්න

Francesco Carta fotografo/Moment via Getty Images

තනිකම තනි රකිද්දී - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

තනිකම තනි රකිද්දී - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 හැම හතරදෙනෙක්ගෙන්ම එක් කෙනෙක් විතර පාළුව තනිකම නිසා දුක් විඳිනවා කියලා ලෝකේ පුරාම කරපු සමීක්ෂණයකින් a හෙළි වෙලා තියෙනවා.

  •   “ඕනෙම වයසක, ඕනෙම තැනක ඉන්න, ඕනෙම කෙනෙක්ට පාළුව තනිකම දැනෙන්න පුළුවන්.”—ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජ සම්බන්ධතා පිළිබඳ කොමිසමේ උපසභාපති, කීඩෝ පෙම්බා.

 හුඟක් අය හිතන්නේ පාළුව තනිකම දැනෙන්නේ වයසක අයට නැත්නම් සමාජයෙන් වෙන් වෙලා ඉන්න අයට විතරයි කියලා. ඒත් තරුණ වයසේ ඉන්න, හොඳ සෞඛ්‍යයක් තියෙන, හොඳ රැකියාවක් කරන, විවාහක අයටත් තනිකම තදින්ම බලපානවා. ඒක නිසා කෙනෙක් ලෙඩ වෙන්නත් පුළුවන්. මානසික ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්.

  •   එක්සත් ජනපදයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විවේක් මූර්ති ඒ ගැන මෙහෙම කියනවා. “පාළුව තනිකම නිසා කෙනෙක්ට දුකක් දැනෙනවා විතරක් නෙමෙයි ඒක එයාගේ ජීවිතේටත් ලොකු අවදානමක්. ඒක හරියට දවසට සිගරට් 15ක් බොන කෙනෙක්ට තියෙන ජීවිත අවදානම වගේ.”

ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 අපිව නිර්මාණය කරපු කෙනා කැමති නැහැ අනිත් අයගෙන් අපි වෙන් වෙලා ඉන්නවාට. දෙවියන්ට මුල ඉඳන්ම ඕනෙ වුණේ මිනිස්සු හොඳ යාළුකම් පවත්වලා සතුටින් ඉන්නවා දකින්නයි.

  •   බයිබල් ප්‍රතිපත්තිය: “දෙවි තවදුරටත් මෙසේ කීවේය. ‘මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.’”—උත්පත්ති 2:18.

 දෙවියන් කැමති අපි ඔහුගේ යාළුවෝ වෙනවාට. අපි ඔහුට ළං වෙන්න උත්සාහ කරද්දී ඔහුත් අපිට ළං වෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා.—යාකොබ් 4:8.

  •   බයිබල් ප්‍රතිපත්තිය: “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි.”—මතෙව් 5:3.

 දෙවියන්ට ඕනෙ අපි අනිත් අය එක්ක එකතු වෙලා ඔහුට නමස්කාර කරනවාට. එහෙම කරද්දී අපේ සතුට වැඩි වෙනවා.

  •   බයිබල් ප්‍රතිපත්තිය: “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. . . . එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු.”—හෙබ්‍රෙව් 10:24, 25.

 තනිකමෙන් ගොඩ එන එක වැදගත් වෙන්නේ ඇයි කියන එක ගැන තව දැනගන්න “දහසක් මැද තනිවූවෝ” කියන ලිපිය බලන්න.

a The Global State of Social Connections, by Meta and Gallup, 2023.