පැනයට පිළිතුර බයිබලයෙන්
අපි යාච්ඤා කරන්න ඕන ඇයි?
අපේ හැම කාරණයක් ගැනම දිනපතාම යෙහෝවා දෙවියන්ට කියනවාට ඔහු කැමතියි. (ලූක් 18:1-7) ඒකට හේතුව ඔහු අපි ගැන සැලකිලිමත් වීමයි. අපේ ස්වර්ගික පියාණන් යාච්ඤාවෙන් හැම දෙයක්ම කියන්න කියලා කියනවා නම් අපි එහෙම කරන්න ඕන නේද?
යාච්ඤා කරන්න ඕන උදව් ලබාගන්න විතරක් නෙමෙයි දෙවියන්ට ළං වෙන්නයි. (ගීතාවලිය 8:3, 4) දිගටම අපේ හැඟීම් දෙවියන්ට කියනවා නම් ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන්.
යාච්ඤා කරන්න ඕන කොහොමද?
කටපාඩමින් යාච්ඤා කරනවාටවත් ලොකු ලොකු වචන කියලා යාච්ඤා කරනවාටවත් දෙවියන් කැමති නැහැ. ඒ වගේම විශේෂ ඉරියව්වකින් යාච්ඤා කරන්න අවශ්‍යත් නැහැ. දෙවියන් කැමති අපි මුළු හදවතින්ම ඔහුට යාච්ඤා කරනවාටයි. (මතෙව් 6:7) උදාහරණයකට හන්නා ඇගේ හිතේ තිබුණු ලොකු ප්‍රශ්නයක් ගැන යාච්ඤා කළා. ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාම ඇය මුළු හදවතින්ම ස්තුති කරමින් දෙවියන්ට යාච්ඤා කළා.
යාච්ඤාව මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! අපේ ප්‍රශ්න ගැන කියන්න පුළුවන්. ඔහු අපි වෙනුවෙන් කරන දේවලට ස්තුති කරන්නත් ප්‍රශංසා කරන්නත් පුළුවන්. යාච්ඤා කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය සුළු නොකරමු.