Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවි පියාණන් මොන වගේ කෙනෙක්ද?

අපිට වගේ ශරීරයක් දෙවියන්ට නැති නිසා ඔහුව අපිට පේන්නේ නැහැ. මේ විශ්වය ඇතුළු සෑම දෙයක්ම නිර්මාණය කළේ දෙවි පියාණන්. ඔහුට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ. (ගීතාවලිය 90:2) දෙවියන් කැමති අපි ඔහුගේ මඟ පෙන්වීම් හොයලා ඔහු ගැන සත්‍යය දැනගන්නවාටයි.ක්‍රියා 17:24-27 කියවන්න.

අපිට දෙවියන්ගේ නම දැනගන්න පුළුවන්. ඔහු නිර්මාණය කරලා තියෙන දේවලින් ඔහුගේ ගුණාංග ගැන යම් අවබෝධයක් ලබාගන්නත් පුළුවන්. (රෝම 1:20) ඒත් ඔහුව හොඳින් දැන හඳුන ගන්න නම් බයිබලය කියවලා තේරුම්ගන්න ඕනේ. ඔහුගේ පෞද්ගලිකත්වය ගැන දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටයි.ගීතාවලිය 103:7-10 කියවන්න.

අසාධාරණකම් ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් අසාධාරණකම් හෙළාදකිනවා. ඔහු අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ ගුණාංග ඇතුවයි. (ද්විතීය කතාව 25:16) අසාධාරණයට අපි අකමැති ඒ නිසයි. දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ යන්ත්‍ර වගේ නෙමෙයි, හිතලා බලලා තීරණ ගන්න පුළුවන් විදිහටයි. ඒත් හුඟක් අය ඒ හැකියාව වැරදි විදිහට පාවිච්චි කරලා අසාධාරණකම් කරද්දී “දෙවිගේ සිතට මහත් වේදනාවක්” දැනෙනවා.උත්පත්ති 6:5, 6; ද්විතීය කතාව 32:4, 5 කියවන්න.

යුක්තියට ප්‍රිය කරන දෙවියන් හැමදාම අසාධාරණකම් පවතින්න ඉඩ තියන්නේ නැහැ. (ගීතාවලිය 37:28, 29) ළඟදීම අසාධාරණකම් නැති කරනවා කියලා ඔහු පොරොන්දු වෙනවා.2 පේතෘස් 3:7-9, 13 කියවන්න.

දෙවියන් ළඟදීම අසාධාරණකම් නැති කරනවා