Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

සාමය උදා කරන්න මිනිසුන්ට බැරි ඇයි?

ලෝකෙට සාමය උදා කරන්න පුළුවන් වෙන්නේ මිනිසුන් හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් ආණ්ඩුවකට විතරයි

ඒකට ප්‍රධාන හේතු දෙකක් බයිබලේ පෙන්නලා තියෙනවා. එකක් තමයි මිනිසුන්ට, මිනිසුන්ව සාර්ථකව පාලනය කරන්න හැකියාවක් නැති එක. අනිත් හේතුව “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ” ඒ කියන්නේ සාතන්ගේ ‘බලපෑම යටතේ’ තියෙන එක. ඒ නිසා සාමය උදා කරන්න මිනිසුන් කොච්චර උත්සාහ කළත් අසාර්ථක වෙනවා.—යෙරෙමියා 10:23; 1 යොහන් 5:19 කියවන්න.

මිනිසුන් නිතරම එයාලගෙම වාසිය ගැන විතරක් හිතලා වැඩ කරන නිසාත් සාමය උදා කරන්න දරන උත්සාහයන් අසාර්ථක වෙනවා. මේ ලෝකෙට සාමය උදා කරන්න පුළුවන් වෙන්නේ යහපත් දේ කරන්නත් එකිනෙකාට ආදරෙන් හා කරුණාවෙන් සලකන්නත් මිනිසුන්ට උගන්නන්න පුළුවන් ආණ්ඩුවකට විතරයි.—යෙසායා 32:17; 48:18, 22 කියවන්න.

ලෝකෙට සාමය උදා කරන්නේ කවුද?

සියලු බලැති දෙවියන් මේ මුළු ලෝකයම පාලනය කරන්න එක ආණ්ඩුවක් පිහිටුවන්න පොරොන්දු වෙලා තියෙනවා. (දානියෙල් 2:44) ඒ ආණ්ඩුවේ රජ තමයි සමාදානයේ කුමාරයා හැටියට හඳුන්වන දෙවිගේ පුත් යේසුස්. ඔහුගේ ආණ්ඩුව පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා දානවා. ඒ වගේම හැම දුෂ්ටකමක්ම නිමා කරලා එකිනෙකා එක්ක සමාදානයෙන් ඉන්න මිනිසුන්ට උගන්වනවා.—යෙසායා 9:6, 7; 11:4, 9 කියවන්න.

දැනටමත් පොළොවේ ඉන්න මිලියන ගණනක් අය එකිනෙකා එක්ක සමාදානයෙන් ඉන්න පුළුවන් කොහොමද කියලා බයිබලෙන් අනිත් අයට කියලා දෙනවා. එයාලා ඒ කාර්යය කරන්නේ යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ. ඒ නිසා මේ ලෝකෙට සාමය උදා වෙන දවස වැඩි ඈතක නෙමෙයි.—යෙසායා 2:3, 4; 54:13 කියවන්න.