Skip to content

පටුනට යන්න

දෙවියන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්ද?

දෙවියන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්ද?

සමහර අය හිතනවා දෙවියන්ගෙන් ප්‍රශ්න අහන්න අපිට අයිතියක් නැහැ කියලා. එහෙම කරන එක දෙවියන්ට අගෞරවයක් කියලයි ඒ අය කියන්නේ. ඔයත් හිතන්නේ එහෙමද?

එහෙනම් පුරාණයේ හිටිය දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් දෙවිගෙන් ප්‍රශ්න අහලා තියෙන එක ගැන ඔයා පුදුම වෙයි. ඒ අය අහලා තියෙන ප්‍රශ්න කිහිපයක් දැනගන්න ඔයා කැමතිද?

යෝබ්: ‘දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව ජීවත් වෙන්නේ ඇයි? ඔවුන් ධන සම්පත් රැස් කරගෙන බලවත් වෙලා දිගු කාලයක් ජීවත් වෙන්නේ ඇයි?’—යෝබ් 21:7.

හබක්කුක්: ‘ද්‍රෝහිකම් කරන අයට විරුද්ධව ඔබ පියවර නොගන්නේ ඇයි? දුෂ්ටයා තමාට වඩා යහපත් කෙනෙකුව විනාශ කරද්දී ඔබ නිහඬව බලා ඉන්නේ ඇයි?’—හබක්කුක් 1:13.

යේසුස් ක්‍රිස්තුස්: ‘මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි?’—මතෙව් 27:46.

ඒ එක අවස්ථාවකදීවත් යෙහෝවා * දෙවි කෝප වුණේ නැහැ. දෙවි ප්‍රේමණීය කෙනෙක් නිසා අපි ඒ ගැන පුදුම වෙන්න ඕනෙත් නැහැ. ටිකකට හිතන්න, අපිට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් අපි හැමදාමත් ඉල්ලද්දී දෙවි කේන්ති ගන්නවාද? නැහැ. ඒ වෙනුවට අපිට අවශ්‍ය දේවල් ඔහු ලබා දෙන්නේ කැමැත්තෙන්මයි. (මතෙව් 6:11, 33) ඒ වගේම අපේ මනසට සහනයක් ගෙන දෙන තොරතුරුත් ලබා දෙන්න දෙවියන් කැමැත්තෙන් ඉන්නවා. (ෆිලිප්පි 4:6, 7) “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි” කියලා යේසුස් කිව්වා. (මතෙව් 7:7) අපේ එදිනෙදා අවශ්‍යතා විතරක් නෙවෙයි, ජීවිතේ වැදගත් ප්‍රශ්න ගැනත් දෙවිගෙන් අහන්න අපිට පුළුවන් බව ඒකෙන් පැහැදිලි වෙනවා.

ඔයා දෙවියන්ගෙන් අහන්න කැමති මේ ප්‍රශ්නවලින් මොන ප්‍රශ්නයද?

  • මගේ ජීවිතයට අරමුණක් තියෙනවාද?

  • මැරුණාට පස්සේ වෙන්නේ මොනවාද?

  • දෙවියන් මට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි?

‘දෙවිගේ මඟ පෙන්වීමෙන්’ ලියවිලා තියෙන ශුද්ධ බයිබලයේ ඒ ප්‍රශ්නවලට උත්තර තියෙනවා. (2 තිමෝති 3:16) සමහර අය ඒ ප්‍රශ්න ගැන හිතන්නේ ඇයි කියලත් ඒවාට බයිබලයේ තියෙන උත්තර මොනවාද කියලත් දැන් අපි බලමු.

^ 7 ඡේ. බයිබලයේ සඳහන් වෙන විදිහට දෙවියන්ගේ නම යෙහෝවා.