දෙවි ඉදිරියේ ගෞරවනීය තැනක්
“මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත් පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත් ඔබට වැටහෙයි” කියා යේසුස් පැවසුවා. (යොහන් 8:28, 29; කොලොස්සි 1:15) ඒ නිසා යේසුස් ගැන සලකා බැලීමෙන් දෙවි කාන්තාවන්ට සලකන ආකාරය හොඳින් වටහාගන්න පුළුවන්.
යේසුස් කාන්තාවන්ට සැලකුවේ ඒ කාලයේ සිටි මිනිසුන්ට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින්.
යේසුස් කාන්තාවන්ට සැලකූ ආකාරය
යේසුස් ඔවුන්ව සැලකුවේ කාමාශාවන් සන්සිඳුවාලිය හැකි අය ලෙස නෙවෙයි. එදා සිටි යුදෙව් ආගමික නායකයන් ඉගැන්නුවේ පුරුෂයන් කාන්තාවන්ව ඇසුරු කළොත් ඔවුන් අනාචාරයට වැටෙන බවයි. පුරුෂයන්ගේ හැඟීම් අවුස්සයි යන බිය නිසා කාන්තාවන්ට ප්‍රසිද්ධියේ පුරුෂයන් සමඟ කතා කරන්නවත් මුහුණු වැස්මක් නැතිව මඟ තොටේ යන්නවත් අවසර තිබුණේ නැහැ. නමුත් පුරුෂයන් තමන්ගේ ආශාවන් පාලනය කරගත යුතු බවත් කාන්තාවන්ව කොන් නොකර ඔවුන්ට මතෙව් 5:28.
ගෞරවයෙන් සැලකිය යුතු බවත් යේසුස් පැවසුවා.—එදා සිටි යුදෙව් ආගමික නායකයන් ඉගැන්නුවේ ‘කුමන හේතුවක් නිසා හෝ මිනිසෙකුට තම බිරිඳව දික්කසාද කිරීමට’ අවසර තිබෙනවා කියායි. (මතෙව් 19:3, 9) පුරුෂයෙක් මොන දේ කළත් එය බිරිඳට ද්‍රෝහි වීමක් කියා යුදෙව් පුරුෂයන් සැලකුවේ නැහැ. ඔවුන් සිතුවේ නිතරම ද්‍රෝහි වන්නේ බිරිඳ කියායි. නමුත් “තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කෙනෙක් ඇයට ද්‍රෝහි වෙමින් අනාචාරයේ යෙදෙනවා” කියා යේසුස් පැවසුවා. (මාක් 10:11, 12) එය ඔවුන්ට අලුත් දෙයක් වුණා. “සදාචාර ප්‍රමිති ස්ත්රීන්ට මෙන්ම පුරුෂයන්ටද අදාළයි කියා පැවසීමෙන් යේසුස් ස්ත්‍රීන්ටත් නිසි ගෞරවයක් ලබා දුන්නා” කියා බයිබලය ගැන ලියූ එක් පොතක සඳහන් වුණා.
අද සිටින කාන්තාවන් ලබන ප්‍රයෝජන: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලදී ඔවුන් අතර සිටින කාන්තාවන් සෙසු කාන්තාවන්ව මෙන්ම පුරුෂයන්වද නිදහසේ ආශ්‍රය කරනවා. ඊට හේතුව ඔවුන් අතරේ සිටින පුරුෂයන් ‘වැඩිහිටි ස්ත්‍රීන්ව තම මව්වරුන් මෙන්ද තරුණියන්ව පවිත්‍ර සිතින් තම සහෝදරියන් මෙන්ද සලකන’ නිසයි. ඒ නිසා පුරුෂයන් අනවශ්‍ය ලෙස ආලහැඟුම් පායි කියා බිය වීමට ඔවුන්ට කිසිම හේතුවක් නැහැ.—1 තිමෝති 5:2.
යේසුස් කාන්තාවන්ටත් ඉගැන්නුවා. යුදෙව් ආගමික නායකයන්ට වඩා වෙනස්ව කාන්තාවන්ටත් ඉගැන්වූ යේසුස් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමටත් අවස්ථාව දුන්නා. යේසුස් කාන්තාවන්ට සැලකුවේ කුස්සිය මුල්ලේ සිටිය යුතු අය ලෙස නෙවෙයි. මාර්තා හා මරියා සම්බන්ධ සිද්ධියෙන් එය පැහැදිලි වෙනවා. යේසුස් ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේදී ඉතා උනන්දුවෙන් ඔහුට සවන් දෙමින් සිටි මරියාව කුස්සියේ වැඩවලට යවන්න ඔහු කැමති වුණේ නැහැ. (ලූක් 10:38-42) මාර්තාද යේසුස්ගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. ලාසරුස් මිය ගිය අවස්ථාවේදී ඇය නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන පැවසූ දේවලින් එය පැහැදිලි වෙනවා.—යොහන් 11:21-27.
කාන්තාවන් සිතන ආකාරය ගැනත් යේසුස් සැලකිලිමත් වුණා. උදාහරණයකට එවකට සිටි කාන්තාවන් සිතුවේ ප්‍රීතියෙන් ජීවිතය ගත කරන්න නම් පුතෙක් සිටිය යුතුයි කියායි. “ඔබව කුසේ දරා ඔබට කිරි දුන් ස්ත්‍රිය මොන තරම් සන්තෝෂවත් කෙනෙක් විය යුතුද” කියා එක් කාන්තාවක් යේසුස්ට පැවසුවේ ඒ නිසයි. (ලූක් 11:27, 28) නමුත් සැබෑ සන්තෝෂය ලැබෙන්නේ කෙනෙක් දෙවි පවසන දේ අසා ඒවා පිළිපැඳීමෙන් බව යේසුස් ඇයට පහදා දුන්නා.—ලූක් 11:27, 28; යොහන් 8:32.
අද සිටින කාන්තාවන් ලබන ප්‍රයෝජන: සාක්ෂිකරුවන් අතර සිටින ගුරුවරුන් ඔවුන්ගේ රැස්වීම්වලදී කාන්තාවන්ටත් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙනවා. අවබෝධයෙන් ක්‍රියා කරමින් කතාවෙන් හා හැසිරීමෙන් අන් අයට “යහපත් දේවල් උගන්වන” කාන්තාවන්ව ඔවුන් බොහෝ සෙයින් අගය කරනවා. (තීතස් 2:3) ඒ වගේම දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදීත් කාන්තාවන්ගෙන් විශාල වැඩ කොටසක් ඉටු වෙනවා.—ගීතාවලිය 68:11.; 9වන පිටුවේ ඇති කොටුව බලන්න.
යේසුස් කාන්තාවන් ගැන සැලකිලිමත් වුණා. ඒ කාලයේදී දූවරුන්ට වඩා පුතුන්ට වැඩි සැලකිල්ලක් ලැබුණා. තල්මුඩයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “පවුලකට පුතෙක් ලැබීම ලොකු සතුටක් වුණත් දුවෙක් ලැබීම දුකට හේතුවක්.” දුවෙක්ට හොඳ සැමියෙක් සොයා දී දෑවැද්දක් දීමට සිදු වෙයි කියාත් වයසට ගිය පසු දුවෙක් මත යැපෙන්න බැරි වෙයි කියාත් සිතූ දෙමාපියන් දුවෙක්ව සැලකුවේ බරක් ලෙසයි.
යේසුස් නායින් නුවර වැන්දඹුවගේ පුත්‍රයාව මෙන්ම යායිරස්ගේ දියණියවත් නැවත නැඟිට්ටෙව්වා. එයින් යේසුස් පෙන්නුම් කළේ දියණියන්ගේ ජීවිතත් වටිනා බවයි. (මාක් 5:35, 41, 42; ලූක් 7:11-15) ‘අවුරුදු දහඅටක් පුරා දුබල වී සිටි ස්ත්‍රියක්ව’ සුව කළ යේසුස් ඇයට “ආබ්‍රහම්ගේ දියණිය” කියා ඇමතුවා. (ලූක් 13:10-16) සාමාන්‍යයෙන් යුදෙව්වන් කාන්තාවන්ට එලෙස ඇමතුවේ නැතත් යේසුස් ඇයට එසේ ඇමතීමෙන් පෙන්වූයේ කාන්තාවන්ටත් ගෞරවයෙන් සැලකිය යුතු බවයි. ඒ වගේම ඇයටත් දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබුණාද කියාත් ඉන් ඇඟවුණා.—ලූක් 19:9; ගලාති 3:7.
අද සිටින කාන්තාවන් ලබන ප්‍රයෝජන: එක් ආසියානු කියමනක මෙසේ සඳහන් වෙනවා. “දුවෙක්ව හදන එක හරියට වෙන වත්තක තියෙන ගහකට වතුර දානවා වගේ දෙයක්.” නමුත් අද සිටින ක්‍රිස්තියානී දෙමාපියන් එසේ සිතන්නේ නැහැ. ඔවුන් තම පුතුන්ව මෙන්ම දූවරුන්වත් ඉතා ආදරයෙන් රැක බලාගන්නා අතර නිසි පෝෂණයක් සහ හොඳ අධ්‍යාපනයක් ලබා දීමටත් උපරිම වෙහෙසක් දරනවා.
යේසුස් කාන්තාවන්ව විශ්වාස කළා: යුදෙව් සමාජයේ තිබූ අධිකරණවල කාන්තාවන්ගේ සාක්ෂි සැලකුවේ වහලෙක් ඉදිරිපත් කරන සාක්ෂි හා සමානවයි. මුල් සියවසේ සිටි ඉතිහාසඥයෙක් වූ ජොසීෆස් මෙසේ පැවසුවා. “කවදාවත් ස්ත්‍රියක් දෙන සාක්ෂි විශ්වාස කරන්න එපා. ස්ත්‍රීන් කියන්නේ විශ්වාස කරන්න බැරි ජාතියක්.”
නමුත් යේසුස් තමන්ගේ නැවත නැඟිටීම ගැන මුලින්ම සාක්ෂි දරන්න ඔහුගේ අනුගාමිකයන් අතර සිටි කාන්තාවන්ව තෝරාගත්තා. (මතෙව් 28:1, 8-10) යේසුස්ව සියැසින් දුටු බව එම කාන්තාවන් පැවසුවත් සෙසු අනුගාමිකයන් එය පිළිගත්තේ නැහැ. (මතෙව් 27:55, 56, 61; ලූක් 24:10, 11) කොහොමවුණත් නැවත නැඟිටීමෙන් පසුව යේසුස් මුලින්ම කාන්තාවන් ඉදිරියේ පෙනී සිටීමෙන් පෙන්නුම් කළේ තම අනුගාමිකයන් අතර සිටි පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටත් ඔහු එක හා සමානව සැලකූ බවයි.—ක්‍රියා 1:8, 14.
අද සිටින කාන්තාවන් ලබන ප්‍රයෝජන: සාක්ෂිකරුවන් අතර සිටින කාන්තාවන් ලබා දෙන යෝජනා 1 පේතෘස් 3:7; උත්පත්ති 21:12.
සලකා බැලීමෙන් සභාවේ වගකීම් දරන පුරුෂයන් ඔවුන්ට ගෞරව කරනවා. ඒ වගේම ක්‍රිස්තියානී ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන්ගේ අදහස්වලට ඇහුම්කන් දීමෙන් ඔවුන්ට ‘ගෞරවයෙන්’ සලකනවා.—බයිබල් ප්‍රතිපත්ති නිසා සතුටින්
යේසුස්ව අනුගමනය කරන ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට ගෞරවයෙන් සලකමින් අවශ්‍ය නිදහස ලබා දෙනවා. දෙවි මුල් පුරුෂයාගෙන් බලාපොරොත්තු වුණෙත් ඒ දෙයමයි. (උත්පත්ති 1:27, 28) අද සමාජයේ ස්ත්‍රීන්ව පහත් කර සැලකුවත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා පුරුෂයන් තම භාර්යාවන්ට ගෞරවයෙන් සලකනවා.—එෆීස 5:28, 29.
ස්වාමිපුරුෂයාගෙන් පීඩා විඳිමින් සිටි යෙලේනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. ඇගේ පුරුෂයා හැඳී වැඩුණේ කාන්තාවන්ව පැහැරගෙන යෑම, පහර දීම බහුලව සිදු වූ සමාජයක. යෙලේනා පැවසූ දේ බලන්න. “මං දැන් දන්නවා මං ගැන සැලකිලිමත් දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම මගේ මහත්තයා කවදා හරි බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තොත් එයාත් මට ආදරෙන් සලකයි කියලා මම හිතුවා.” ඇය සිතූ ලෙසම වැඩි කල් නොගොස් ඇගේ පුරුෂයා බයිබලය ගැන ඉගෙනගෙන බව්තීස්ම වුණා. “මගේ මහත්තයා දැන් හුඟක් ඉවසනවා. අපි දෙන්නාම එකිනෙකාට සමාව දෙන්න ඉගෙනගත්තා. මට සතුටින් විවාහ ජීවිතය ගෙවන්න පුළුවන් වුණේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසයි. දැන් මම ඉන්නේ හුඟක් සතුටින්.”—කොලොස්සි 3:13, 18, 19.
යෙලේනා මෙන් තවත් මිලියන ගණන් භාර්යාවන් ඔවුන්ගේ පවුල් ජීවිත සතුටින් ගත කරනවා. ඊට හේතුව ඔවුන් මෙන්ම ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ද බයිබල් ප්‍රමිති පවුල් ජීවිතයට අදාළ කරගැනීමයි. ඊට අමතරව සියලුම ක්‍රිස්තියානීන් එකිනෙකාට ගෞරවයෙන් සලකන නිසා ඔවුන් අතර සිටින ස්ත්‍රීන් මහත් සහනයක් හා නිදහසක් අද්දකිනවා.—යොහන් 13:34, 35.
ක්‍රිස්තියානී ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද තමන්ට “නිෂ්ඵල ජීවිතයක් උරුම” වී තිබෙන බව තේරුම්ගෙන සිටිනවා. නමුත් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමෙන් ඉන් මිදිය හැකි අතර අනාගතයේදී සියලුදෙනාට “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව” ලැබෙනවා. එලෙස දෙවිට කීකරු වන පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටත් තිබෙන්නේ මොන තරම් කදිම බලාපොරොත්තුවක්ද!—රෝම 8:20, 21.