ඉතාලි සොහොන් බිමකින් සොයාගත් ආසියාතිකයා
ඉතාලි සොහොන් බිමකින් සොයාගත් ආසියාතිකයා
නැඟෙනහිර ආසියාතිකයෙක් මීට වසර 2,000කට පෙර රෝම අධිරාජ්‍යයට පැමිණියේ කෙසේද? වර්ෂ 2009දී දකුණු ඉතාලියේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට මතු වූ ප්රශ්නය එයයි.
ඔවුන් කැණීම් කළේ වාන්යාරි නම් ප්‍රදේශයේ තිබූ ඉපැරණි සොහොන් පිටියකයි. එය පිහිටා තිබෙන්නේ බාරි නම් නගරයේ සිට කිලෝමීටර් 60ක් බටහිර දෙසට වෙන්නයි. එම සොහොන් පිටියෙන් ඔවුන් ඇටසැකිලි 75ක් සොයාගත්තා. ඒවා පරීක්ෂා කළ විට පෙනී ගියේ ඒ අවට ජීවත් වූ බොහෝදෙනෙකුව එහි වළලා ඇති බවයි. නමුත් එක් ඇටසැකිල්ලක් පරීක්ෂා කිරීමෙන් පසු පර්යේෂකයන් පුදුමයෙන් පුදුමයට පත් වුණා. ඊට හේතුව එම පුද්ගලයාට ආසියාතික මූලාරම්භයක් තිබූ බව පෙනී යෑමයි. එය අනාවරණය වුණේ එම ඇටසැකිල්ලේ ඇති මයිටොකොන්ඩ්‍රීය DNA පරීක්ෂා කිරීමෙනුයි. * ක්‍රිස්තු වර්ෂ පළවෙනි හෝ දෙවෙනි සියවසට අයත් එම ඇටසැකිල්ල ගැන එක් වාර්තාවක මෙසේ සඳහන් වුණා. “රෝම අධිරාජ්‍යයේ නැඟෙනහිර ආසියාතිකයෙකුගේ ඇටකටු සම්බ වූ මුල්ම අවස්ථාව මෙයයි.” එම ආසියාතිකයා කවුරුන් විය හැකිද?
ඉහත වාර්තාවේ තවදුරටත් සඳහන් වුණේ “රෝමය සහ චීනය අතර සිදු වූ සේද වෙළඳාමේ ප්‍රතිඵලයක් ලෙස ඒ ආසියාතිකයා රෝමයට පැමිණියා කියා සිතිය හැකි” බවයි. කොහොමවුණත් ඒ වෙළඳාම සිදු වී තිබෙන්නේ අතරමැදියන් මාර්ගයෙන් නිසා කිලෝමීටර් 8,000ක පමණ දුරක් ගෙවාගෙන චීනයේ සිට රෝමයට එන්න කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ කියා සමහරු විශ්වාස කරනවා.
පුරාවිද්‍යාඥයන් කැණීම් සිදු කළ වාන්යාරි නම් ප්‍රදේශය අතීතයේදී රෝම අධිරාජ්‍යයාගේ පාලනයට නතුව තිබූ පිටිසර ගම්මානයක්. විවිධ කම්කරුවන් යකඩ උණු කිරීම සහ උළු සෑදීම වැනි දේවල් එහිදී කර තිබෙනවා. එහි වැඩ කළ බොහෝ අය වහලුන් වූ අතර එම ආසියාතිකයාද වහලෙක් කියා සිතීමට සාක්ෂි තිබෙනවා. උදාහරණයකට ඔහුව භූමදානය කර තිබූ ස්ථානයේ කැණීම් කළ විට සම්බ වුණේ ඔහු සමඟම වළලා තිබූ මැටි කළයක් පමණයි. එපමණක්ද නොව ඔහුව භූමදාන කළ වළේම තවත් කෙනෙකුවත් වළලා තිබුණා.
ඉතාලියේ පිහිටි ඉපැරණි සොහොන් බිමකින් ආසියාතිකයෙකුගේ ඇටකටු සොයාගැනීමෙන් හෙළි වෙන්නේ කුමක්ද? ඉන් හෙළි වෙන්නේ නැඟෙනහිර ආසියාව සහ මධ්‍යධරණී මුහුද අවට රටවල් අතර මුහුදු මාර්ග ඔස්සේ ගමනාගමනය සිදු වී තිබෙන බවයි. * පළමු සියවසේදී ශුභාරංචිය ව්‍යාප්ත වීමට එය විශාල වශයෙන් දායක වුණා. ක්‍රිස්තු වර්ෂ 33දී දුර ඈත රටවලින් යෙරුසලමට පැමිණි විදේශිකයන් ශුභාරංචියට සවන් දී නැවත තම ගම රට බලා ගිය විට එම ශුභාරංචිය ව්‍යාප්ත කළ බව බයිබලයේ පෙන්නුම් කරනවා.—ක්‍රියා 2:1-12, 37-41.
[පාදසටහන්වල]
^ 3 ඡේ. මයිටොකොන්ඩ්‍රීය DNA පරීක්ෂණයෙන් මව ගැන යම් තොරතුරු සොයාගත හැකි වුණත් පියා ගැන තොරතුරු ලබාගත නොහැකියි.
^ 6 ඡේ. බටහිර රටවල අය නැඟෙනහිර ආසියාව දක්වා ගමන් කර තිබෙනවා. වර්ෂ 2009 ජනවාරි 1 මුරටැඹ කලාපයේ “අතීතයේදී ශුභාරංචිය ව්‍යාප්ත වන්න ඇත්තේ කෙසේද?” නමැති ලිපිය බලන්න.
[29වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
රෝමය
වාන්යාරි
මධ්‍යධරණී මුහුද
නැඟෙනහිර ආසියාව
පැසිෆික් සාගරය
[29වන පිටුවේ පින්තූරය]
ඉපැරණි සොහොන් බිමෙන් සොයාගත් ආසියාතිකයාගේ ඇටකටු
[හිමිකම් විස්තර]
© Su concessione del Ministero per i Beni e le Attività Culturali-Direzione Regionale per i Beni Culturali e Paesaggistici della Puglia-Soprintendenza per i Beni Archeologici della Puglia