දෙවිගේ බලය ක්‍රියාත්මක වන අයුරු
දෙවිගේ බලය ක්‍රියාත්මක වන අයුරු
යේසුස් එක් අවස්ථාවකදී ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. ‘ඔබේ පුතෙක් ඔබෙන් මාළුවෙක් ඉල්ලුවොත් මාළුවා වෙනුවට සර්පයෙක් දෙන්නේ ඔබෙන් කවුද? ඔහු බිත්තරයක් ඉල්ලුවොත් ඔහුට ගෝනුස්සෙක් දෙයිද?’ (ලූක් 11:11, 12) එදා ගලීලයේ සිටි දරුවන් බිත්තර සහ මාළු ආහාරයට ගන්න රුචිකත්වයක් දැක්වූ නිසා යේසුස් පැවසූ උදාහරණය ඔහුගේ ගෝලයන්ට හොඳින් තේරුම්ගත හැකි වුණා.
යේසුස් ඉන් අදහස් කළේ බඩගින්නේ සිටින දරුවෙක් දෙමාපියන්ගෙන් කෑම ඉල්ලනවා හා සමානව අපිත් නොකඩවාම දෙවිගෙන් ඔහුගේ බලය ඉල්ලිය යුතු බවයි. (ලූක් 11:9, 13) දෙවිගේ බලය ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කරගැනීමෙන් එම බලය ලබාගැනීම කොතරම් වැදගත්ද කියා අපට පැහැදිලි වෙයි. එමනිසා දෙවිගේ බලය ක්‍රියාත්මක වන ආකාරය ගැන බයිබලයේ සඳහන් තොරතුරු අපි සලකා බලමු.
“මහෝත්තම දෙවිගේ මහත් බලය”
සිය අරමුණු ඉටු කරගැනීමට දෙවි ඔහුගේ බලය යොදාගන්නා ආකාරය බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ගාබ්‍රියෙල් දේවදූතයා කන්‍යාවක්ව සිටි මරියාව හමු වීමට පැමිණි අවස්ථාවේදී මෙසේ පැවසුවා. ‘ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි.’ (ලූක් 1:35) ගාබ්‍රියෙල් දේවදූතයා පැවසූ ලෙස “මහෝත්තම දෙවිගේ බලය” මරියාට ලැබුණු විට ඇය දෙවිගේ පුත්‍රයාව පිළිසිඳගත්තා. ඉන් අපට පැහැදිලි වන්නේ ඉතා මහත් දේවල් කිරීමට දෙවි ඔහුගේ බලය යොදාගන්නා බවයි.
දෙවිගේ බලය ලැබුණු තවත් අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට අතීතයේ සිටි අනාගතවක්තෘ කෙනෙක් වූ මීකා පැවසුවේ දෙවි “ඔහුගේ බලය නොඅඩුවම මට ලබා දුන්නා” කියායි. (මීකා 3:8, නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම ‘දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි’ කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවා. (ක්‍රියා 1:8) ඊට අමතරව යේසුස්ගේ අනුගාමිකයෙකු වූ පාවුල්ද ‘දෙවිගේ බලයේ ප්‍රබල ක්‍රියාකාරිත්වය’ අද්දැක්කා.—රෝම 15:13, 19.
යෙසායා 40:26, NW.
මෙම තොරතුරුවලින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? එය නම් තම අරමුණු ඉටු කිරීමට දෙවි ඔහුගේ බලය විවිධ ආකාරවලින් යොදාගන්නා බවයි. දෙවි අපගේ විශ්වය නිර්මාණය කළේ ඔහුගේ බලය යොදාගෙනයි. එසේනම් දෙවිගේ බලය කොතරම් ප්‍රබලද කියා ඔබට සිතාගත හැකිද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය. ඔහු සතු අතිමහත් බලය හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.”—අපගේ විශ්වය සහ එහි ඇති සියල්ල මනා පිළිවෙළකින් ක්‍රියාත්මක වෙන්නේ දෙවිගේ “අතිමහත් බලය” නිසයි. ඒ අනුව අපගේ ජීවිත පවා පවතින්නේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසයි.—“දෙවි තම බලය යොදාගත් ආකාරය” නමැති කොටුව බලන්න.
යෙහෝවා දෙවි ඔහුගේ අතිමහත් බලය යොදාගත්තේ විශ්වය නිර්මාණය කිරීමට පමණක් නොවෙයි. ඔහු තම සේවකයන්ටත් එම බලය ලබා දෙනවා. එවැනි අය ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවාද? ඔව්.
‘යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත’
යෙහෝවා දෙවිගේ බලය ලැබුණු අය අතර යේසුස් ක්‍රිස්තුස් කැපී පෙනෙනවා. එක් අවස්ථාවකදී නාසරෙත් නුවර වැසියන්ට ඔහු පැවසුවේ ‘යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත’ කියායි. (ලූක් 4:18) දෙවිගේ බලයෙන් යේසුස් කළේ කුමක්ද? (ලූක් 4:14) ඔහු ලෙඩුන් සුව කළා, කුනාටු නිහඬ කළා, රොටි සහ මසුන් ස්වල්පයකින් දහස් ගණනකට කෑම ලබා දුන්නා. එපමණක්ද නොව මළවුන්ව පවා නැවත නැඟිටෙව්වා. එමනිසා යේසුස්ගේ ගෝලයෙකු වූ පේතෘස්, යේසුස් ගැන මෙවැනි දෙයක් පැවසීම ගැන අප පුදුම විය යුතු නැහැ. ‘දෙවි ඔහු මාර්ගයෙන් බලවත් ක්‍රියා, ආශ්චර්යයන් සහ ලකුණු ප්‍රසිද්ධියේ සිදු කළ බව ඔබ සියලුදෙනා හොඳින් දන්නවා.’—ක්‍රියා 2:22.
යෙහෝවා දෙවි තම බලය ඔහුගේ සේවකයන්ට ලබා දීමට කැමැත්තෙන් සිටින බව යේසුස් පැවසුවා. (ලූක් 11:13) නමුත් එම බලය තුළින් යේසුස් කළාක් මෙන් බලවත් ක්‍රියා කිරීමට අද දින සිටින දෙවිගේ සේවකයන්ට හැකියාවක් නැහැ. කොහොමවුණත් ජීවිතයේ ඇති වන ඕනෑම ප්‍රශ්නයකදී අපව ශක්තිමත් කිරීමට එම බලයට හැකියි. පාවුල්ට මෙසේ පැවසීමට හැකි වුණේ ඒ නිසයි. ‘මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.’ (ෆිලිප්පි 4:13) යෙහෝවා දෙවි ලබා දෙන බලය තුළින් ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකිද? ඊට පිළිතුර ඊළඟ ලිපියෙන් කියවා බලමු.
[5වන පිටුවේ කොටුව/පින්තූරය]
ශුද්ධාත්මය යනු පුද්ගලයෙක්ද?
බයිබලයේ ඇතැම් ස්ථානවල දෙවිගේ බලය වතුර මෙන් වගුරුවනවා කියා සඳහන් වෙනවා. උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන්ට ආශීර්වාද කිරීම ගැන දෙවි දුන් පොරොන්දුවේ මෙසේ සඳහන් වුණා. “මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි. වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි. මම මාගේ අත දිගහැර ඔබෙන් පැවත එන්නන්ට මාගේ බලය දී බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි.” මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව ‘මාගේ බලය දෙනවා’ යන්නෙන් අදහස් කළේ දෙවිගේ බලය වගුරුවනවා කියායි.—යෙසායා 44:3, NW.
යෙහෝවා දෙවි තම බලය ඔහුගේ සේවකයන් මත වැගිරූ විට එනම් බලය ලබා දුන් විට ඒ බලය ඔවුන් තුළ “ප්රබලව ක්‍රියාත්මක” වුණා. මිනිසුන්ව බව්තීස්ම කළ යොහන්, යේසුස්, පේතෘස්, පාවුල් සහ බානබස් තුළත් පෙන්තකොස්ත දිනයේ රැස් වුණු යේසුස්ගේ අනුගාමිකයන් තුළත් එම බලය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වුණා.—ලූක් 1:15; 4:1; ක්‍රියා 4:8; 9:17; 11:22, 24; 13:9.
ශුද්ධාත්මය යනු පුද්ගලයෙක් නම් ඔහුව විවිධ පුද්ගලයන් මත වගුරුවන්න පුළුවන්ද? බැහැ. ඒ අනුව ශුද්ධාත්මය කියා පුද්ගලයෙක් නැති බව පැහැදිලියි. පුද්ගලයෙකුට දෙවිගේ බලයෙන් මෙන්ම දැනුම, අවබෝධය සහ ප්‍රඥාව වැනි දේවලින්ද පූර්ණ විය හැකි බව බයිබලයේ සඳහන් වෙනවා. ඒත් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගෙන් පූර්ණ වන බවක් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. මෙයින්ද ඔප්පු වෙන්නේ ශුද්ධාත්මය කියා පුද්ගලයෙකු නැති බවයි.—නික්මයාම 28:3; 1 රාජාවලිය 7:14; ලූක් 2:40; කොලොස්සි 1:9.
දෙවිගේ බලය විස්තර කිරීමට යොදාගෙන ඇති ග්‍රීක වචනය වන්නේ නියුමා. එක් ශබ්දකෝෂයක නියුමා යන වචනය ගැන මෙවැනි දෙයක් සඳහන් වුණා. ‘සුළඟ සහ හුස්ම විස්තර කිරීමට යොදාගෙන තිබෙන්නේ නියුමා යන වචනයයි. එවැනි දේවල් අපේ ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් ඒවා සැබෑවටම පවතිනවා. ඒ හා සමානව දෙවිගේ බලය අපගේ ඇසට නොපෙනුනත් එය සැබෑවටම පවතින ප්‍රබල බලයක්.’—Expository Dictionary of New Testament.
ඒ අනුව බලන කල “ශුද්ධාත්මය” යන වචනය භාවිත කරනවාට වඩා “දෙවිගේ බලය” යන වචනය භාවිත කිරීම වඩාත් නිවැරදියි. *
[පාදසටහන]
^ 19 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 201-204 දක්වා ඇති “පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය පිළිබඳ සත්‍යය” යන මාතෘකාවෙන් යුත් කොටස බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.
[හිමිකම් විස්තර]
Photodisc/SuperStock