වියෝ දුකින් පෙළෙන ඔබේ දරුවාට සැනසිල්ල
වියෝ දුකින් පෙළෙන ඔබේ දරුවාට සැනසිල්ල
මවක් එක් ප්‍රසිද්ධ පොත් සාප්පුවකට ගොස් එහි සිටි සේවිකාවකට අඬමින් මෙසේ පැවසුවා. “මේ පොත් සාප්පුවේ කොච්චර පොත් තිබුණත් මට ඕන කරන පොත මෙතන නැහැ.” ඒ මව සොයමින් සිටියේ පවුලේ කෙනෙකුගේ වියෝව නිසා දුකින් සිටින තම දරුවාට උපකාර කළ හැකි ක්‍රම ඇතුළත් පොතකුයි.
දරුවෙක් කිට්ටුවෙන් ආශ්‍රය කළ පවුලේ කෙනෙක්ව එයාගෙන් වෙන් කරන්න මරණයට හැකියි. එවැනි අවස්ථාවක දරුවෙක් කොතරම් අසරණ තත්වයකට පත් වෙනවාද? දරුවා ආදරය කරන කෙනා මිය යන්න ආසන්නයේ සිටිනවා නම් හෝ දැනටමත් මිය ගොස් සිටිනවා නම් දරුවාට උපකාර කරන්න මවක් හෝ පියෙක් හැටියට ඔබට හැක්කේ කෙසේද?
ඔබ ප්‍රේම කරන කෙනෙක් මිය ගිය විට ඒ දුක දරාගන්න ඔබත් මහත් වෑයමක් දරනවා ඇති. නමුත් ඔබේ දරුවාට ඒ දුක දරාගන්න ඔබගේ උපකාරය අවශ්‍ය බව අමතක කරන්න එපා. එක් ප්රකාශනයක ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් වී තිබුණා. “සාමාන්‍යයෙන් දරුවන් අනිත් අයගේ කතා බහට ඇහුම්කන් දෙනවා. පසුව ඔවුන්ට ඇසුණු තොරතුරු මත ඔවුන් විවිධ නිගමනවලට එළඹෙනවා. සමහරවිට ඒ නිගමන වරදින්නත් පුළුවන්. ඒ නිසා සුදුසුම දේ වන්නේ සැබෑ තත්වය ගැන දරුවාට පැහැදිලි කිරීමයි.” නමුත් යම් කාරණා තේරුම්ගන්නා ආකාරය දරුවාගෙන් දරුවාට වෙනස් වන නිසා එය පැහැදිලි කිරීම පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසා දරුවාට තේරුම්ගත හැකි ආකාරයට කාරණා පැහැදිලි කරන්න යම් වෑයමක් දැරීමට සිදු වෙනවා.—1 කොරින්ති 13:11.
මරණය ගැන දරුවාට පවසන්නේ කෙසේද?
දරුවෙකුට කෙනෙකුගේ මරණය ගැන පවසද්දී “එයා අපිව දාලා ගියා,” “එයා නැති වුණා,” “එයා නිදි” වැනි යෙදුම් පාවිච්චි කිරීම එතරම් සුදුසු නැති බව පර්යේෂකයන් පවසනවා. ඊට හේතුව වන්නේ දරුවන්ට එවැනි යෙදුම් තේරුම්ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් ව්‍යාකූල වීමට ඉඩ තිබෙන නිසයි. යේසුස් එක් අවස්ථාවක මරණය නින්දකට සමාන කරමින් මෙසේ පැවසුවා. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි.” යේසුස් එසේ පැවසුවේ හොඳ හේතුවක් ඇතුවයි. නමුත් යේසුස් ඒ අවස්ථාවේදී කතා කරමින් සිටියේ කුඩා ළමුන් සමඟ නෙවෙයි. නමුත් ගෝලයන් සිතුවේ යේසුස් “නින්දෙහි විවේක ගැනීම ගැන” කතා කරනවා කියායි. ඒ නිසා යේසුස් තමා පැවසූ දෙයෙහි අදහස තේරුම්ගත හැකි වන අයුරින් ගෝලයන්ට මෙසේ පැවසුවා. “ලාසරුස් මිය ගොස් යොහන් 11:11-14) වැඩිහිටියන් වූ ගෝලයන්ට ඒ ආකාරයෙන් කාරණා පැහැදිලි කළ යුතු වුණා නම් දරුවන්ට ඊට වඩා කොපමණ වැඩියෙන් කාරණා පැහැදිලි කළ යුතුද?
ඇත.” (“දරුවෙක් කම්පනයට පත් වෙයි කියා සිතමින් මවක් හෝ පියෙක් කෙනෙකුගේ මරණය ගැන පවසද්දී ඒ ගැන කෙළින්ම නොකියා එය වෙනත් විදිහකට පවසන්න පෙලඹිය හැකියි. නමුත් එසේ කිරීමෙන් සමහරවිට දරුවාගේ මනසේ වැරදි අදහසක් හෝ බියක් ඇතිවීමට ඉඩ තිබෙනවා” කියා මේරි ඈන් එම්ස්විලර් හා ජේම්ස් පී. එම්ස්විලර් යන ලේඛකයන් පවසනවා. උදාහරණයකට මිය ගිය කෙනා “අපිව දාලා ගියා” කියා පැවසුවොත් අපිව එපා වුණ නිසා අපිව දාලා ගියා කියලා දරුවාට සිතෙයි. නැත්නම් “එයා නිදි” කියා පැවසුවොත් තමන්ද නින්දට ගිය පසු නැඟිටීමට නොහැකි වෙයි කියා දරුවා තුළ බියක් ඇති විය හැකියි.
කෙනෙකුගේ මරණය ගැන සැබෑ තත්වය දරුවන්ට සරලව හා පැහැදිලිව තේරුම් කර දීම ඥානවන්ත බව බොහෝ දෙමව්පියන් පවසනවා. (1 කොරින්ති 14:9) ඊට අමතරව පර්යේෂකයන්ද පවසන්නේ දරුවන්ට තම සිතේ තිබෙන ප්‍රශ්න දෙමව්පියන්ගෙන් ඇසීමට ඉඩ සලසා දිය යුතු බවයි. දරුවන්ගේ සිතේ තිබෙන ප්‍රශ්න දෙමව්පියන්ගෙන් අසන්න දරුවාට ඉඩ දිය යුතු බවයි. මේ ආකාරයෙන් දරුවන් සමඟ කතා බහ කිරීමෙන් ඔහුගේ වැරදි ආකල්ප නිවැරදි කරන්නත් ඔහුට තවදුරටත් උපකාර අවශ්‍ය පැති ගැන දැනගන්නත් ඔබට හැකි වෙනවා.
කදිම මඟ පෙන්වීම් ඇති පොතක්
ඔබේ දරුවා වියෝ දුකින් පෙළෙන විට ඔහුට අවශ්‍ය මඟ පෙන්වීම්, උපකාර හා ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු ඔහු බලාපොරොත්තු වෙන්නේ ඔබගෙනුයි. එවන් අවස්ථාවක මරණය ගැන පැහැදිලිව දරුවාට කියා දීමට ඔබට කුමක් උපකාර වෙයිද? බයිබලයෙන් මේ ගැන තොරතුරු ලබාගත හැකි බව බොහෝ දෙමව්පියන් තේරුම්ගෙන තිබෙනවා. ඊට හේතුව නම් මරණය ආරම්භ වුණේ කෙසේද කියාත් මිය ගිය අය ඉන්නේ කුමන තත්වයේද කියාත් වියෝ දුකින් පෙළෙන අයට තබාගත හැකි බලාපොරොත්තුව කුමක්ද කියාත් එහි පැහැදිලිව සඳහන් කර තිබීමයි. උදාහරණයකට “මිය ගිය අය කිසිවක් නොදනිති” කියා බයිබලයේ සඳහන් වී තිබෙනවා. මෙය මිය ගිය කෙනා යම් ස්ථානයක දුක් විඳින්නේ නැති බව තේරුම්ගැනීමට දරුවාට උපකාරවත් වෙනවා. (දේශනාකාරයා 9:5, නව ලොව පරිවර්තනය) එමෙන්ම මිය ගිය අයව යළි පාරාදීස පොළොවක දකින්න ලැබෙන බවට වූ දෙවිගේ පොරොන්දුව ගැනද බයිබලයේ සඳහන් වෙනවා.—යොහන් 5:28, 29.
එසේ බයිබලයේ සඳහන් දේවල් සලකා බැලීමෙන් ඕනෑම පීඩාකාරී තත්වයකට අවශ්‍ය සහනය හා සැනසිල්ල එයින් ලබාගත හැකි බව දරුවා තේරුම්ගන්නවා. එමෙන්ම මුහුණ දීමට සිදු වන ඕනෑම තත්වයකදී මවක් හෝ පියෙක් ලෙස ඔබ නිතරම මඟ පෙන්වීම් පතන්නේ බයිබලයෙන් බව ඔවුන් දකීවි.—හිතෝපදේශ 22:6; 2 තිමෝති 3:15.
අසීරු තත්වයන්වලදී කටයුතු කරන ආකාරය
මවක් හෝ පියෙක් ලෙස වියෝ දුකින් පෙළෙන ඔබේ දරුවාට උපකාර කිරීමේදී සමහරවිට යම් අසීරුතාවන්ට මුහුණ දීමට සිදු විය හැකියි. එවැනි තත්වයන් කිහිපයක් දැන් අපි සලකා බලමු. *
• මගේ දුක දරුවාගෙන් සැඟවිය යුතුද? තමන්ගේ දුක හැඬීමෙන් ප්‍රකාශ කිරීම සුදුසු බව බොහෝ දෙමව්පියන් අද්දැක තිබෙනවා. එමෙන්ම දුක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අවස්ථා ගැන බයිබලයේ සඳහන් වී තිබෙන තොරතුරු ඇතැම් දෙමව්පියන් තම දරුවන්ට පෙන්වා දී තිබෙනවා. උදාහරණයකට යේසුස් ඔහුගේ කිට්ටු මිතුරෙක් වූ ලාසරුස් මිය ගිය අවස්ථාවේදී හැඬුවා. යේසුස් කවදාවත් ඔහුගේ හැඟීම් සැඟවීමට උත්සාහ කළේ නැහැ.—යොහන් 11:35.
• නිවසේ හෝ සුසාන භූමියේ සිදු කෙරෙන අවමංග්‍ය කටයුතුවලට මගේ දරුවාව සහභාගි කළ යුතුද? ඒ සඳහා ඔබ දරුවාව සහභාගි කරගැනීමට අදහස් කරනවා නම් එහි සිදු වන්නේ කුමක්ද කියාත් එය පැවැත්වීමට හේතුව කුමක්ද කියාත් දරුවාට කලින්ම පැහැදිලි කරන්න. ඇතැම් හේතු රෝම 12:10, 15; යොහන් 13:34, 35.
නිසා දරුවාව අවමංග්‍ය උත්සවයට සහභාගි කරවා නොගැනීමට දෙමව්පියන් තීරණය කළ හැකියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිදු කරන අවමංග්‍ය උත්සවවලදී බයිබලය මත පදනම් කතාවක් ඉදිරිපත් කරනු ලබන නිසා එයට සවන් දීමෙන් දරුවන් ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඊට අමතරව ඒ අවස්ථාවට පැමිණ සිටින අයගේ ‘සෙනෙහස’ දැකීමෙන් දරුවාට යම් සහනයක්ද ඇති විය හැකියි.—• මිය ගිය තැනැත්තා ගැන මම දරුවා සමඟ කතා කළ යුතුද? පර්යේෂකයන් පවසන්නේ මිය ගිය පුද්ගලයා ගැන කිසිම දෙයක් කතා නොකර සිටීම නුසුදුසු බවයි. ඊට හේතුව එසේ සිටීමෙන් මිය ගිය කෙනා ගැන යම් තොරතුරු සැඟවීමට හෝ එම පුද්ගලයාව අමතක කර දමන්න උත්සාහ කරනවා කියා දරුවාට සිතෙන්න ඉඩ තිබීමයි. ලේඛිකාවක් වූ ජූලියා රැත්කේයි පවසන ආකාරයට “දරුවා තුළ මිය ගිය කෙනා සම්බන්ධයෙන් මතකය තිබිය යුතුයි.” මිය ගිය කෙනා ගැන කතා කරද්දී ඔහුගේ පෞද්ගලිකත්වයේ හොඳ පැති ගැන පැවසීම ඉතා වැදගත්. එය වියෝ දුක සමඟ කටයුතු කිරීමට දරුවාට උපකාරවත් විය හැකියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිය ගිය අයව පාරාදීස පොළොවක යළි දැකගැනීමට ලැබෙන බව දරුවන්ට පවසනවා. ඒ කාලයේදී කිසිකෙනෙක් ලෙඩ දුක් හෝ මරණය අද්දකින්නේ නැති බව බයිබලයේ සඳහන් වෙනවා. එය දැනගැනීම දරුවාට මහත් සහනයක් වෙයි.—එළිදරව් 21:4.
• වියෝ දුකින් සිටින මගේ දරුවාට උපකාර කළ හැක්කේ කෙසේද? දරුවා වියෝ දුකින් සිටින කාලය තුළ අසනීප වීමට පවා ඉඩ තිබෙනවා. එමෙන්ම කලකිරීම සහ දුක හේතුවෙන් ඉක්මනින්ම කේන්ති යෑමේ ස්වභාවයක්ද දරුවා තුළ ඇති විය හැකියි. සමහරවිට මෙවැනි අවස්ථාවක දරුවා ඔබ ළඟින්ම සිටීමට උත්සාහ කරයි. ඔබ ගමනක් ගිහින් එන්න පරක්කු වුණොත් හෝ ඔබට අසනීපයක් හැදුණොත් දරුවා කලබල වීම සාමාන්‍ය දෙයක්. දරුවා කැමති වන්නේ දෙමව්පියන් ලෙස ඔබ ඔහුගේ තත්වය තේරුම්ගන්නවාටයි. ඒ නිසා දරුවාගේ හැඟීම් තේරුම්ගැනීමට උත්සාහ කරන්න. දරුවා සමඟ නිතරම කතා බහ කරමින් ඔහුගේ සිතේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න. එමෙන්ම “ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්” ඔබේ දරුවාට බලාපොරොත්තුවක් හා සහනයක් ලබා දීමට ඔබට හැකියි.—රෝම 15:4.
• පවුලේ වැඩකටයුතු හා වෙනත් ක්‍රියාකාරකම් නැවතත් පෙර පරිදිම ආරම්භ කළ යුත්තේ කොපමණ කාලයක් ඇතුළතද? හැකි විගස පවුලේ සාමාන්‍ය වැඩකටයුතුවලට යොමු විය යුතු බව පර්යේෂකයන් පවසනවා. එමෙන්ම පවුලක් ලෙස යම් ක්‍රියාකාරකම්වල නිරත වීම වියෝ දුක සමඟ කටයුතු කිරීමට උපකාරයක් බව බොහෝදෙනා පවසනවා. පවුලක් ලෙස බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමෙන් සහනයක් ලැබිය හැකි බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අද්දැක තිබෙනවා.—ද්විතීය කතාව 6:4-9; හෙබ්‍රෙව් 10:24, 25.
යෙහෝවා දෙවි මරණය හා ලෙඩ දුක් සම්පූර්ණයෙන්ම නැති කර දමන කාලය පැමිණෙන තුරු දරුවන්ට කෙනෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව අද්දකින්න සිදු වෙනවා. (යෙසායා 25:8) නමුත් අවශ්‍ය ශක්තිය හා උපකාරය ලබා දීමෙන් ප්‍රේමණීය කෙනෙකුගේ මරණය සමඟ කටයුතු කිරීමට දරුවන්ට හැකියාව ලැබෙනවා.
[පාදසටහන]
^ 13 ඡේ. එකිනෙකා කාරණා හසුරුවන ආකාරය රටින් රටට හා සංකෘතියෙන් සංකෘතියට වෙනස් නිසා පහත සඳහන් තොරතුරු ඔබ අදාළ කරගත යුතුමයි කියා නීතියක් නැහැ.
[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දරුවන්ට තම සිතේ තිබෙන ප්‍රශ්න දෙමව්පියන්ගෙන් ඇසීමට ඉඩ දෙන්න
[20වන පිටුවේ පින්තූරය]
පවුලක් ලෙස කරන ක්‍රියාකාරකම්වලට බයිබලය අධ්‍යයනය කිරීමත් ඇතුළත්