‘ඔබ මා ගැන සාක්ෂි දරයි’
“යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. ‘ඔබ . . . පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.’”
1, 2. (අ) “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” කවුද? (ආ) යේසුස් කියන නමේ අර්ථය මොකක්ද? ඔහු ඒ නමේ අර්ථයට අනුව ක්‍රියා කළේ කොහොමද?
“මා ඉපදුණෙත් මේ ලෝකයේ මිනිසුන් අතරට පැමිණියෙත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටයි.” (යොහන් 18:33-37 කියවන්න.) යේසුස් ආණ්ඩුකාර පිලාත්ට පැවසූ ඒ වචන ඔබට මතක ඇති. ඊට අවුරුදු කීපයකට පස්සේ යේසුස්ගේ නිර්භීතකම ගැන මතක් කරමින් පාවුල් කිව්වේ ඔහු ‘පොන්තියුස් පිලාත් ඉදිරිපිට ඉතා කදිම සාක්ෂියක් ඉදිරිපත් කළා’ කියලයි. (1 තිමෝ. 6:13) අද අපි ජීවත් වෙන්නේ සාතන්ගේ පාලනය යටතේ තියෙන දුෂ්ට සමාජයක නිසා “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” වන යේසුස් වගේ දිගටම සාක්ෂි දරන්න අපිටත් ලොකු ධෛර්යයක්, නිර්භීතකමක් ඕනේ.
2 යේසුස් යුදෙව් ජාතියට අයත් කෙනෙක් නිසා ඔහු උපතින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. (යෙසා. 43:10) ඒත් අනිත් හැමෝටම වඩා ශ්‍රේෂ්ඨතම සාක්ෂිකරුවා වුණේ ඔහුයි. ඔහු ඉපදෙන්න කලින් දේවදූතයා යෝසෙප්ට කිව්වේ “ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවාගනියි” කියලයි. (මතෙ. 1:20, 21) හෙබ්‍රෙව් භාෂාවට අනුව යේසුස් කියන නමේ තේරුම “යෙහෝවා දෙවි දෙන ගැලවීම” යන්නයි. ඒ නමේ අර්ථයට අනුව මිනිසුන්ට උරුම වෙලා තියෙන පාපයෙන් හා මරණයෙන් ඔවුන්ව බේරගන්න යෙහෝවා දෙවි යොදාගන්නේ යේසුස්වයි. දෙවිගේ අනුමැතිය ආපහු ලබාගන්න නම් තමන් කරපු වැරදි ගැන පසුතැවෙන්න අවශ්‍යයි කියලා යේසුස් යුදෙව්වන්ට මතක් කළා. (මතෙ. 10:6; 15:24; ලූක් 19:10) ඒ වගේම ඔහු දේවරාජ්‍යය ගැන උද්යෝගයෙන් දේශනා කළා. ඒ ගැන බයිබලේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “යේසුස් ගලීලයට ගොස් දෙවිගේ ශුභාරංචිය දේශනා කරමින්, මෙසේ කීවේය. ‘නියමිත කාලය දැන් සම්පූර්ණයි. දෙවිගේ රාජ්‍යය ළඟයි. ජනයෙනි, පසුතැවිලි වී ශුභාරංචිය කෙරෙහි ඔබට විශ්වාසයක් ඇති බව පෙන්වන්න.’” (මාක් 1:14, 15) දේශනා කරද්දී යේසුස්ට කොයි තරම් නිර්භීතකමක් තිබුණද කියනවා නම් ඔහු බලවත් ආගමික නායකයන්ගේ වැරදි ක්‍රියා හෙළාදැක්කා. ඔවුන් යේසුස්ව මරලා දාන්න ඒකත් හේතුවක්.
“දෙවිගේ බලවත් ක්‍රියා”
3. යේසුස්ගේ මරණයෙන් දින තුනකට පස්සේ සිද්ධ වුණේ මොකක්ද?
3 සතුරන් යේසුස්ව කෲර විදිහට මරලා දාලා දින තුනකට පස්සේ යෙහෝවා දෙවි ඔහුව ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට නැවත නැඟිට්ටෙව්වා. (1 පේතෘ. 3:18) දෙවි තමන්ව නැවත නැඟිටෙව්වා කියලා ඔප්පු කරන්න යේසුස් මිනිස් වෙස් අරගෙන ඔහුගේ ගෝලයන් ඉදිරියට කීප වතාවක්ම ආවා. ඔහුව නැවත නැඟිටවපු දවසෙම අඩුම තරමේ පස් වතාවක්වත් ගෝලයන් කීපදෙනෙක් ඉදිරියේ පෙනී හිටියා.
4. පස්වෙනි වතාවට ගෝලයන් ඉදිරියේ පෙනී හිටපු වෙලාවේ යේසුස් කළේ මොකක්ද? ඔහු ඔවුන්ට භාර දුන්න කාර්යය මොකක්ද?
4 පස්වෙනි වතාවේ යේසුස් පෙනී හිටියේ නියෝජිතයොත් තවත් පිරිසකුත් රැස් වෙලා හිටපු වෙලාවකයි. ඔහුගේ මරණය හා නැවත නැඟිටීම ගැන කලින්ම ශුද්ධ ලියවිල්ලේ සඳහන් වුණු දේවල් තේරුම්ගන්න ඒ වෙලාවේ ඔහු ඔවුන්ට උදව් කළා. ඒ රැස්වීම අවසානයේදී ඔවුන් කළ යුතු වැදගත් කාර්යයක් ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “ඔහුව [යේසුස්ව] පිළිගෙන පසුතැවිලි වන සියලුදෙනාගේ පව්වලට සමාව ලැබෙනවා. මේ දේවල් යෙරුසලමෙන් පටන්ගෙන සියලු ජාතීන්ට දේශනා කරන්න අවශ්‍යයි. මේ සෑම දෙයකටම සාක්ෂිකරුවන් වුණේ ඔබයි.”
5, 6. (අ) යේසුස්ගේ අනුගාමිකයන් සාක්ෂි දරන්නේ කා ගැනද? (ආ) ඔවුන්ට සාක්ෂි දරන්න තිබුණේ මොනවා ගැනද?
5 යේසුස්ව නැවත නැඟිටුවලා දවස් 40කට පස්සේ නියෝජිතයන්ව හම්බ වෙන්න ආපු අන්තිම වතාවේ ඔහු ඔවුන්ට තවත් ආඥාවක් දුන්නා. ඔහු කිව්වේ මෙහෙමයි. “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) ඒ වෙනකොටත් ඔවුන් යෙහෝවා දෙවි ගැන සාක්ෂි දරපු සෙනඟට අයත් වෙලා හිටියා. ඒත් මෙතනදී යේසුස් කියනවා ඔවුන් යේසුස් ගැනත් සාක්ෂි දරනවා කියලා. ඒකෙන් අදහස් කළේ මොකක්ද?
6 මිනිසුන්ව බේරගන්න දෙවි දැන් යොදාගන්නේ යේසුස්වයි කියලා ප්‍රසිද්ධියේ හැමෝටම කියන එක එතැන් පටන් ඔවුන්ගේ වගකීමක් වුණා. යේසුස් මගින් දෙන ගැලවීම අතීතයේ ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් ගලවගත්තාට වඩා ශ්‍රේෂ්ඨ එකක්. යේසුස්ගේ මරණයත් නැවත නැඟිටීමත් නිසා මිනිසුන්ට පාපයෙන් හා මරණයෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබුණා. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ දෙවි තම බලයෙන් අභිෂේක කරපු යේසුස්ගේ අනුගාමිකයන් “දෙවිගේ බලවත් ක්‍රියා” ගැන සාක්ෂි දැරුවේ ලොකු උද්යෝගයකින්. ඔවුන්ට සවන් දුන්න හුඟදෙනෙක් පසුතැවිලි වෙලා යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තැබුවා. නැවත නැඟිටුණු යේසුස්ට දෙවි ස්වර්ගයේ අලුත් බලතල රාශියක් ලබා දුන්නා. දහස් ගාණක් මිනිසුන්ව බේරගන්න දෙවි යොදාගන්නේ යේසුස්ව කියන දේ පැහැදිලිව දකින්න තිබුණා.
‘බොහෝදෙනෙකුව මුදවාගැනීමට ජීවිතය පූජා කරයි’
7. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිද්ධ වුණු දේවලින් ඔප්පු වුණේ මොකක්ද?
7 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිද්ධ වුණු දේවලින් ඔප්පු වුණේ මිනිසුන්ව පාපයෙන් බේරගන්න වන්දියක් විදිහට දීපු යේසුස්ගේ ජීවිත පූජාව දෙවි පිළිගත්තා කියන එකයි. (හෙබ්‍රෙ. 9:11, 12, 24) යේසුස් කිව්වේ ඔහු පොළොවට ආවේ “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්න” කියලයි. (මතෙ. ) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්නේ පසුතැවිලි වෙන යුදෙව්වන් විතරක් නෙමෙයි. ඒ පූජාව නිසා ‘ලෝකයෙන් පාපය නැති කර දමනවා’ කියලා බයිබලේ කියනවා. ( 20:28යොහ. 1:29) දෙවිගේ කැමැත්ත වුණේ ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමයි.’
8. දිගටම යේසුස් ගැන සාක්ෂි දරන්න මුල් අනුගාමිකයන්ට පුළුවන් වුණේ කොහොමද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?
8 යේසුස්ගේ මුල් අනුගාමිකයන් දිගටම උද්යෝගයෙන් යේසුස් ගැන සාක්ෂි දැරුවා. ඔවුන්ට ඒක කරන්න පුළුවන් වුණේ ඔවුන්ගේ ශක්තියෙන් නෙමෙයි. දිගටම සාක්ෂි දරන්න අවශ්‍ය ශක්තිය ඇති කරගන්න දෙවිගේ බලය ඉල්ලලා ඔවුන් යාච්ඤා කළා. (ක්‍රියා 5:30-32 කියවන්න.) සාක්ෂි දැරීම පටන් අරගෙන අවුරුදු 27කට පස්සේ ඔවුන්ට පුළුවන් වුණා “සත්‍යය එනම්, ශුභාරංචිය ගැන” යුදෙව්වන්ට වගේම වෙනත් ජාතීන්ටත් දේශනා කරන්න. ඔවුන් “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර” ශුභාරංචිය දේශනා කළා කියලා සඳහන් වෙන්නේ ඒ නිසයි.
9. කලින්ම කියලා තිබුණු විදිහට ක්‍රිස්තියානි සභාවට සිද්ධ වුණේ මොකක්ද?
9 කාලයක් ගත වෙනවත් එක්කම සභාවේ හිටපු සමහරු අසත්‍ය ඉගැන්වීම් පතුරුවන්න පටන්ගත්තා. (ක්‍රියා 20:29, 30; 2 පේතෘ. 2:2, 3; යූද් 3, 4) ඒ අසත්‍ය ඉගැන්වීම් තව තවත් පැතිරුණු නිසා සත්‍යය යටපත් වුණා. යේසුස් කලින්ම කිව්වේ ඒ තත්වය “පවතින මේ සමාජයේ අවසාන කාලය” වෙනකම්ම තියෙනවා කියලයි. (මතෙ. 13:37-43) සාතන්ගේ දුෂ්ට සමාජයේ ‘අවසාන කාලය’ 1914 ඔක්තෝබර් මාසේ යෙහෝවා දෙවි යේසුස්ව දේවරාජ්‍යයේ රජු හැටියට පත් කරනවත් එක්කම ආරම්භ වුණා.
10. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අවුරුදු ගාණක ඉඳන් දේශනා කළේ කුමන වැදගත් අවුරුද්ද ගැනද? (ආ) 1914 ඔක්තෝබර් මාසේ සිද්ධ වුණේ මොකක්ද? ඒ ගැන අපි දන්නේ කොහොමද?
10 දෙවිගේ රාජ්‍යයේ පාලනය 1914 ඔක්තෝබර් මාසේ ආරම්භ වෙනවා කියන දේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඊට අවුරුදු 30කටත් කලින් ඉඳන්ම මිනිසුන්ට දැනුම් දුන්නා. ඔවුන්ට එහෙම කියන්න පුළුවන් වුණේ දානියෙල් කියපු අනාවැකියක් ඔවුන් හොඳින් අවබෝධ කරගත්ත නිසයි. ඒ අනාවැකියේ කියන්නේ විශාල ගසක් කපා දමා ‘කාලවල් සතකට’ පස්සේ ඒක ආපහු වැවෙන්න සලස්වනවා කියලයි. (දානි. 4:16) ඒ වගේම දේවරාජ්‍යයේ රජකම යේසුස්ට හිමි වෙලා කියලත් අවසාන දවස් ආරම්භ වෙලා කියලත් දැනගන්න උදව් වෙන ලකුණක් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන්නා. ඒ ලකුණට අයිති සිද්ධීන් 1914 ඉඳලා සිදු වෙන එකෙන් පැහැදිලි වෙන්නේ යේසුස් ස්වර්ගයේ රජ වෙලා කියන එකයි. (මතෙ. 24:3, 7, 14; ලූක් 21:24) අද අපි දේශනා කරන ‘දෙවිගේ බලවත් ක්‍රියාවලට’ 1914දී යෙහෝවා දෙවි යේසුස්ව දේවරාජ්‍යයේ රජු හැටියට පත් කළා කියන ශුභාරංචියත් ඇතුළත්.
11, 12. (අ) 1919දී සිද්ධ වුණේ මොකක්ද? (ආ) 1935 වෙනකොට සිද්ධ වුණේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
11 යේසුස් 1914දී රජ වුණාට පස්සේ ඔහු තමන්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ව “මහ බැබිලෝනිය” හැටියට හඳුන්වන අසත්‍යය උගන්වන ආගම්වලින් නිදහස් කළා. (එළි. 18:2, 4) 1919දී පළවෙනි ලෝක මහා යුද්ධය අවසන් වෙනවත් එක්කම දේශනා කිරීම ලෝකෙ පුරාම ව්‍යාප්ත කරන්න අභිෂේක ලත් අයට ලැබුණේ ලොකු නිදහසක්. ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව මගින් ලැබෙන ගැලවීම ගැනත් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියත් හැමෝටම දේශනා කළා. ප්‍රතිඵලයක් විදිහට යේසුත් එක්ක ස්වර්ගයේ රජකම් කිරීමේ බලාපොරොත්තුව තියෙන දහස් ගාණක් අභිෂේක ලත් අයව එක් රැස් කරන්න පුළුවන් වුණා.
12 යේසුස් ඔහුගේ ‘වෙනත් බැටළුවන්ව’ එකතු කරමින් ඉන්නවා කියලා 1935 වෙනකොට පැහැදිලිව දකින්න තිබුණා. අද දින වෙනත් බැටළුවන් මිලියන ගාණක් ලෝකෙ පුරාම ඉන්නවා. ඔවුන් අභිෂේක ලත් අයත් එක්ක එකතු වෙලා යේසුස් වගේ නිර්භීතව සාක්ෂි දරනවා. ගැලවීම ලබාගන්න පුළුවන් එකම මාර්ගය යේසුස්ගේ ජීවිත පූජාවයි කියන දේ ඔවුනුත් විශ්වාස කරනවා. දිගටම විඳදරාගෙන දේශනා කරන අතරේ දෙවි කැමති විදිහට ජීවත් වුණොත් “මහත් පීඩාවෙන්” බේරිලා පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.
‘නිර්භීතව දෙවිගේ ශුභාරංචිය ගැන කතා කරන්න’
13. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපේ අධිෂ්ඨානය මොකක්ද? මුල් ක්‍රිස්තියානීන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
13 “දෙවිගේ බලවත් ක්‍රියා” ගැනත් අනාගතයේදී ඔහු කරන දේවල් ගැනත් අනිත් අයට සාක්ෂි දරන්න ලැබීම විශාල ගෞරවයක්. මේ සේවය දිගටම කරන එක ලේසි දෙයක් නෙමෙයි. සමහරු අපේ පණිවිඩය අහන්න කැමති නැහැ. සමහරු අපිට පීඩා කරනවා. ඒ වෙලාවලදී අපිට පුළුවන් පාවුල්වත් ඔහු එක්ක හිටපු අයවත් ආදර්ශයට ගන්න. ඔහු කිව්වේ “ඉමහත් වෙහෙසක් දරමින් නිර්භීතව ඔබට දෙවිගේ ශුභාරංචිය ගැන කතා කිරීමට අපි අපගේ දෙවිගෙන් උපකාර ලැබුවෙමු” කියලයි. (1 තෙස. 2:2) අපි දෙවිට කැප වුණු වෙලාවේ දුන්න පොරොන්දුවට අනුව දිගටම ජීවත් වෙන්න ඕනේ. සාතන්ගේ මේ දුෂ්ට සමාජය විනාශ වෙද්දීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට ඉන්නයි අපිට ඕනේ. (යෙසා. 6:11) ඒක අපිට අපේ හැකියාවෙන් විතරක් කරන්න බැහැ. මුල් ක්‍රිස්තියානීන් වගේ අපිත් දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරමු. එතකොට “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබාගන්න අපිටත් පුළුවන් වෙයි.
14, 15. (අ) පළවෙනි සියවසේ හිටපු හුඟදෙනෙක් ක්‍රිස්තියානීන්ට සැලකුවේ කොහොමද? පේතෘස් ඔවුන්ව දිරිගැන්නුවේ කොහොමද? (ආ) අපි යෙහෝවා දෙවි ගැන සාක්ෂි දරන නිසා පීඩා එද්දී මතක තියාගන්න ඕනෙ මොකක්ද?
තීත. 1:16) පළවෙනි සියවසේ හිටපු හුඟදෙනෙකුත් දෙවි බලාපොරොත්තු වුණු විදිහට දෙවිට නමස්කාර කළේ නැහැ. ඒ නිසා ඔවුන් සැබෑ ක්‍රිස්තියානීන්ට වෛර කළා. පේතෘස් සැබෑ ක්‍රිස්තියානීන්ව දිරිගන්වමින් මෙහෙම කිව්වා. “ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳීමට ඔබට සිදු වේ නම් ඒ ගැන සතුටු වන්න.” ඔවුන්ට සතුටු වෙන්න පුළුවන් වුණේ ඇයි? ඒ දෙවිගේ බලයත් ඔහුගේ අනුමැතියත් ඔවුන්ට තිබුණු නිසයි.
15 අද ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන අපිත් ‘ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳිනවා.’ අපි දෙවි ගැන සාක්ෂි දරනවා විතරක් නෙමෙයි අපි යේසුස් ගැනත් සාක්ෂි දරනවා. ඔහු දේවරාජ්‍යයේ රජු කියලා මිනිසුන්ට කියලා දෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණු නිසා යේසුස්ටත් පීඩා විඳින්න සිද්ධ වුණා. “මා මගේ පියාණන්ගේ නාමයෙන් පැමිණ සිටියත් ඔබ මාව පිළිගන්නේ නැහැ” කියලා ඔහුට පීඩා කරපු අයට ඔහු කිව්වේ ඒ නිසයි. (යොහ. 5:43) සාක්ෂි දරන නිසා මිනිසුන් ඔබට පීඩා කළොත් අධෛර්යය වෙන්න එපා. මොකද එහෙම වෙන්නේ දෙවිගේ අනුමැතියත් ඔහුගේ බලයත් ඔබට තියෙන නිසයි කියලා මතක තියාගන්න.
16, 17. (අ) දේශනා සේවය ගැන ලෝකෙ පුරා ඉන්න දෙවිගේ සෙනඟට හැඟෙන්නේ කොහොමද? (ආ) ඔබේ අධිෂ්ඨානය මොකක්ද?
16 ලෝකෙ පුරාම ඉන්න දහස් ගාණක් දෙනා සත්‍ය නමස්කාරයට ඇදිලා එනවා කියන දේත් අමතක කරන්න එපා. අපි කොහේ හිටියත් නිතරම දේශනා කරන ප්‍රදේශයක ජීවත් වුණත් අපේ පණිවිඩයට සවන් දෙන්න ආශාවෙන් ඉන්න අය තවමත් ඉන්නවා. ඒ වගේ අයව මුණගැහුණොත් ආයෙත් ගිහින් ඒ අයව හම්බ වෙලා බයිබල් පාඩමක් පටන්ගන්න උත්සාහ කරමු. එහෙම කළොත් යෙහෝවා දෙවි ගැන දැනගෙන ජීවිත දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න ඒ අයට පුළුවන් වෙයි. ඒ වටිනා කාර්යයේ හවුල් වෙන්න ලැබිලා තියෙන එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? දකුණු අප්‍රිකාවේ ඉන්න අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් තිස්සේ දෙවිට සේවය කරන සාරෙයි මෙහෙම කියනවා. “යේසුස්ගේ ජීවිත පූජාව ගැන මං දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා. විශ්වයේ පාලකයාණන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න මට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමය ගැන අනිත් අයට කියන්න අවස්ථාව ලැබිලා තියෙන එක ගැනත් මං සතුටු වෙනවා.” ඇය ඇගේ සැමියා වන මාටෙනස් එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන්න ඔවුන්ගේ දරුවන් තුන්දෙනාටත් තවත් හුඟදෙනෙක්ටත් උදව් කරලා තියෙනවා. “මේ තරම් තෘප්තියක් ගෙන දෙන වෙන කිසිම දෙයක් නැහැ. ජීවිත ගලවන මේ කාර්යය දිගටම කරගෙන යන්න දෙවි අපි හැමෝටම බලය දෙනවා” කියලා සාරෙයි කියනවා.
17 අපි බව්තීස්ම වෙලා හිටියත් නැතත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එකතු වෙන්න අපිට අවස්ථාව ලබා දීම ගැන දෙවිට කොයි තරම් ස්තුතිවන්න වෙන්න ඕනෙද! ඒ නිසා ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවන් එක්ක එකතු වෙලා සම්පූර්ණ සාක්ෂියක් දරන්න උත්සාහ කරන්න. සාතන්ගේ ලෝකෙ දේවලින් කිලුටු නොවී පවිත්‍ර ජීවිතයක් ගත කරන්න. එහෙම කළොත් අපි නියෝජනය කරන යෙහෝවා යන අපේ ප්‍රේමණීය දෙවිගේ නාමය ගෞරවයට පත් කරන්න ඔබටත් පුළුවන් වෙයි.