“කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න”
“කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න”
“කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න. සියලුදෙනා ඉදිරියෙහි යහපත්ව තිබෙන දේවල් කරන්න සිතෙහි තබාගන්න.”—රෝම 12:17.
1. අද දින පොදුවේ දකින්න ලැබෙන්නේ කුමක්ද?
කුඩා දරුවෙක් තවත් දරුවෙක්ව තල්ලු කරයි. එවිට අනික් දරුවා කරන්නේ කුමක්ද? ඔහුත් අනික් අතට ඒ දේම කරයි. ඒ ආකාරයට එකට එක කිරීම දරුවන්ට පමණක් සීමා වී නැති එක කනගාටුවට කරුණක්. බොහෝ වැඩිහිටියන්ද තමන්ට යම් ආකාරයකින් වරදක් කළ කෙනෙකුට නපුරු ආකාරයකින් ප්‍රතිචාරය දක්වන්න පෙලඹෙනවා. සමහරවිට ඔහු එය කරන්නේ ඒ පුද්ගලයාගේ නමට හානි වෙන ආකාරයෙන් කටයුතු කිරීමෙන් හෝ ඔහුගේ දියුණුවට හරස් කැපීමෙනුයි. ඒ කුමන ආකාරයෙන් ප්‍රතිචාරය දැක්වුවත් ඔහුගේ චේතනාව නම් පළිගැනීමයි.
2. (අ) ක්‍රිස්තියානීන් පළිගැනීමට ඇති නැඹුරුවාවට එරෙහි වෙන්නේ ඇයි? (ආ) අපි අවධානය දිය යුත්තේ කුමන ප්‍රශ්නවලටද? අපි දැන් සලකා බලන්න යන්නේ කුමන බයිබල් පරිච්ඡේදයද?
2 පළිගැනීම සඳහා ප්‍රබල නැඹුරුවාවක් තිබුණත් ක්‍රිස්තියානීන් ඊට ඉඩ නොදිය යුතුයි. ඒ වෙනුවට ඔවුන් පාවුල්ගේ මෙම උපදෙස අදාළ කරගන්නවා. “කාටවත් නපුරට නපුර නොකරන්න.” (රෝම 12:17) ඒ උපදෙසට කීකරු වීමට අපිව පොලඹවන්නේ කුමක්ද? අපි විශේෂයෙන්ම පළි නොගත යුත්තේ කාගෙන්ද? ඉන් වැළකී සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? මීට පිළිතුරු ලබාගැනීම සඳහා අපි දැන් රෝම 12වෙනි පරිච්ඡේදය සලකා බලමු. එහි සඳහන් ලෙස පළිගැනීමෙන් වැළකී සිටීම නිවැරදි බවත්, ප්‍රේමණීය මෙන්ම නිහතමානී ක්‍රියාමාර්ගය බවත් අපි දකිනවා. දැන් අපි එම පැති තුන එකිනෙක සලකා බලමු.
‘එබැවින් මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි’
3, 4. (අ) රෝම 12වෙනි පරිච්ඡේදයේ පාවුල් සාකච්ඡා කරන්නේ කුමක් ගැනද? ඔහු භාවිත කළ “එබැවින්” යන වචනයේ ඇති වැදගත්කම කුමක්ද? (ආ) දෙවිගේ දයානුකම්පාවට රෝමයේ සිටි ක්‍රිස්තියානීන් ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
3 ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයට බලපාන දේවල් හතරක් ගැන රෝම 12වෙනි පරිච්ඡේදයේ විස්තර කර තිබෙනවා. ඒවා නම් යෙහෝවා දෙවි සමඟ, සෙසු නමස්කාරකයන් සමඟ, නමස්කාරකයන් නොවන අය සහ රටේ බලධාරීන් සමඟ අපට ඇති සම්බන්ධතාවයයි. මුලින්ම පාවුල් සඳහන් කරන්නේ පළිගැනීම ඇතුළු තවත් වැරදි නැඹුරුවාවන්ට විරුද්ධ වීමට ප්‍රබල හේතුවක් ඇති බවයි. ඔහු මෙසේ පැවසුවා. “එබැවින් සහෝදරයෙනි, . . . දෙවිගේ දයානුකම්පාව නිසා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි.” (රෝම 12:1) එහිදී පාවුල් යොදාගත් “එබැවින්” කියන වචනයෙන් ඇඟවූයේ ඔහු දැන් කියන්න යන දෙයට කලින් කියූ දේ සම්බන්ධ වන බවයි. තවත් ආකාරයකින් විස්තර කළොත් ඔහු පැවසුවේ ‘මම මේ කලින් ඔබට පැහැදිලි කළ දේවල් හිතට අරගෙන, දැන් මම කියන්න යන දේට කීකරු වෙන්න’ කියායි. පාවුල් රෝමවරුන්ට කලින් සඳහන් කළේ කුමක්ද?
4 රෝම පොතේ මුල් පරිච්ඡේද 11 තුළ පාවුල් ඉතාමත් අනගි බලාපොරොත්තුවක් ගැන සාකච්ඡා කළා. එය නම් යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමයි. මුලින්ම එම වරප්‍රසාදය විවෘතව තිබුණේ ඊශ්‍රායෙල් ජාතියට වූ අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා පසුව එම වරප්‍රසාදය යුදෙව්වන්ටත් වෙනත් ජාතීන්ටත් හිමි වුණා. (රෝම 11:13-36) මේ වරප්‍රසාදය ඔවුන්ට ලැබෙන්න ප්‍රධානතම හේතුව ‘දෙවිගේ දයානුකම්පාවයි.’ එම ක්‍රිස්තියානීන් ඊට තම අගය පෙන්විය යුත්තේ කෙසේද? එය කළ හැක්කේ පාවුල් දැන් පවසන දේට කීකරු වීම මගිනුයි. ඔහු පැවසුවේ “ඔබේ ශරීර ජීවමාන වූද, ශුද්ධ වූද, දෙවිට පිළිගත හැකි වූ පූජාවක් ලෙසද, ඔබේ කල්පනා ශක්තිය භාවිත කර පරිශුද්ධ සේවයක් ලෙසද ඔප්පු” කරන්න කියායි. (රෝම 12:1) නමුත් එම ක්‍රිස්තියානීන් තමන්වම “පූජාවක්” හැටියට දෙවිට ඔප්පු කරන්නේ කෙසේද?
5. (අ) රෝම 12:2හි සඳහන් වන්නේ කුමක්ද? (ආ) කෙනෙකුට තමන්වම “පූජාවක්” හැටියට දෙවිට ඔප්පු කරන්න පුළුවන් කොහොමද?
5 පාවුල් තවදුරටත් පැවසුවේ මෙසේයි. “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” (රෝම 12:2) ඔවුන් තම සිතුවිලි පාලනය කිරීමට මේ ලෝකයට ඉඩ නොදී, යේසුස් සිතන ආකාරයට සිතන්න උත්සාහ කළ යුතු වුණා. (1 කොරින්ති 2:16; ෆිලිප්පි 2:5) පාවුල් සඳහන් කළ එම ප්රතිපත්තියම අපගේ එදිනෙදා ජීවිතයෙදීත් විදහා පෙන්විය යුතුයි.
6. පළිගැනීමෙන් වැළකී සිටීමට අපිව පොලඹවන්නේ කුමක්ද?
6 රෝම 12:1, 2හි පාවුල්ගේ වචනවලින් අපි ප්‍රයෝජන ලබන්නේ කෙසේද? එදා රෝමයේ සිටි ක්‍රිස්තියානීන් මෙන් අපිත් දිනපතාම දෙවිගේ දයානුකම්පාව අද්දකිනවා. එබැවින් අපි එය මහත් සේ අගය කරන නිසා අපගේ හැකියාවන් සම්පත් සහ ශක්තිය යොදාගෙන දෙවිට සේවය කරන්න පෙලඹෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි එම කරුණාව අගය කරනවා නම් ලෝකයේ මිනිසුන් සිතන ආකාරයට සිතන්නේ නැතිව, යේසුස් සිතන ආකාරයට සිතන්නත් අපි පෙලඹෙනවා. එය අපි අන්‍යයන්ට, එනම් සෙසු ඇදහිලිවන්තයන්ට සහ එසේ නොවන අයට සලකන ආකාරයට බලපානවා. (ගලාති 5:25) උදාහරණයකට, අපිට ක්‍රිස්තුස්ගේ මනස තිබෙනවා නම් යම් කෙනෙක් වරදක් කළොත් අපි ඔහුගෙන් පළිගන්න උත්සාහ කරන්නේ නැහැ.—1 පේතෘස් 2:21-23.
“ඔබේ ප්‍රේමය කුහකකමින් තොරව තිබිය යුතුය”
7. රෝම 12වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ කුමනාකාරයේ ප්‍රේමයක් ගැනද?
7 අපි පළිගැනීමෙන් වැළකී සිටින්නේ එය හරි දේ නිසා පමණක්ම නොවෙයි, නමුත් එය ප්‍රේමණීය දෙයක් වන නිසයි. පාවුල් රෝම පොතේ ප්‍රේමය කියන වචනය යොදාගත් ආකාරය සැලකිල්ලට ගන්න. ඔහු අවස්ථා කිහිපයකදීම “ප්‍රේමය” (ග්‍රීක භාෂාවෙන් අගාපේ) යන වචනය භාවිත කළේ යෙහෝවා දෙවි සහ යේසුස් අන්‍යයන්ට පෙන්වූ ප්‍රේමය ගැන සඳහන් කරන විටයි. (රෝම 5:5, 8; 8:35, 39) නමුත් රෝම 12වෙනි පරිච්ඡේදයේ පාවුල් එම වචනය මිනිසුන් එකිනෙකාට දක්වන ප්‍රේමය විස්තර කිරීමටත් යොදාගත්තා. ඒ කාලයේ සිටි සමහර ක්‍රිස්තියානීන්ට දෙවිගේ සේවය හා සම්බන්ධ විවිධ දීමනා ලැබුණු බව පාවුල් සඳහන් කරනවා. නමුත් ඒ සෑම කෙනෙකුටම ප්‍රේමය කියන ගුණාංගය තිබිය යුතු බව ඔහු අවධාරණය කරනවා. ඔහු පවසන්නේ මෙසේයි. “ඔබේ ප්‍රේමය කුහකකමින් තොරව තිබිය යුතුය.” (රෝම 12:4-9) ඇත්තෙන්ම සැබෑ ක්‍රිස්තියානියෙකුව හඳුනාගැනීමට තිබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ප්‍රේමයයි. (මාක් 12:28-31) එකිනෙකා කෙරෙහි සැබෑ ප්‍රේමයක් ඇතිව සිටින්න කියා පාවුල් අපිට උනන්දු කරන්නේ ඒ නිසයි.
8. අපිට සැබෑ ප්‍රේමය පෙන්විය හැක්කේ කෙසේද?
8 කුහකකමින් තොර වූ ප්‍රේමයක් පෙන්වන්නේ කෙසේද කියා පාවුල් තවදුරටත් විස්තර කරනවා. ඔහු පැවසුවේ “දුෂ්ට දේට ද්වේෂ කරන්න. යහපත් දේට ඇලුම් වන්න” කියායි. (රෝම 12:9) මෙහිදී යොදාගෙන ඇති ‘ද්වේෂ කිරීම’ සහ ‘ඇලුම් කිරීම’ යන වචන දෙකට ගැඹුරු අර්ථයන් තිබෙනවා. ‘ද්වේෂ කිරීම’ යන වචනය තවත් පරිවර්තනයක දැක්වෙන්නේ ‘දැඩි සේ හෙළා දකින්න’ ලෙසයි. නපුරු ක්‍රියාවෙන් හටගන්නා ප්‍රතිඵලවලට පමණක් නොව නපුරු ක්රියාවලටත් අපි ද්වේෂ කළ යුතුයි. (ගීතාවලිය 97:10) ‘ඇලුම් කිරීම’ ලෙස යොදාගෙන ඇති ග්‍රීක ක්‍රියා පදයෙන් අදහස් වෙන්නේ “යම් දෙයක් එකට ඇලවීමයි.” ඒ හා සමානව ප්‍රේමය යහපත්කම කියන ගුණාංගයට ඉතා කිට්ටුවෙන් බැඳී තිබෙනවා. එය ක්‍රිස්තියානියෙකුගේ පෞද්ගලිකත්වයේම කොටසක්. ඒ අනුව සැබෑ ප්‍රේමය තිබෙන ක්‍රිස්තියානියෙක් අන් අයට යහපත කරන්න පෙලඹෙනවා.
9. පාවුල් නැවත නැවතත් සිහි ගන්වන්නේ කුමක්ද?
9 ප්‍රේමය පෙන්විය හැකි එක් ආකාරයක් ගැන පාවුල් අපිට නැවත නැවතත් මතක් කර දෙනවා. ඔහු පවසන්නේ මෙසේයි. “පීඩා කරන්නන්ට නොකඩවා ආශීර්වාද කරන්න. ශාප නොකර, ආශීර්වාදම කරන්න. කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න.” ‘ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගන්න.’ “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.” (රෝම 12:14, 17-19, 21) පාවුල්ගේ වචනවලින් පැහැදිලිවම පෙන්වන්නේ සැබෑ නමස්කාරකයන් නොවන අයට, එනම් අපිට පීඩා කරන අයට පවා අපි එසේ සැලකිය යුතු බවයි.
“පීඩා කරන්නන්ට නොකඩවා ආශීර්වාද කරන්න”
10. අපේ සතුරන්ට ආශීර්වාද කළ හැක්කේ කෙසේද?
10 “පීඩා කරන්නන්ට නොකඩවා ආශීර්වාද කරන්න” කියා පාවුල් දුන් උපදෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේද? (රෝම 12:14) යේසුස්ද තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.” (මතෙව් 5:44; ලූක් 6:27, 28) අපිට පීඩා කරන්නන්ට ආශීර්වාද කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමයි. ඔවුන් නොදන්නාකමින් එසේ කරන නිසා, සත්‍යය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න කියා යෙහෝවා දෙවිගෙන් බැගෑපත්ව අයදින්න අපිට පුළුවන්. (2 කොරින්ති 4:4) අපිට පීඩා කරන්නෙකුට ආශීර්වාද කරන්න කියා දෙවිට යාච්ඤා කිරීම අමුතු දෙයක් කියා සිතෙන්න පුළුවන්. නමුත් අපි ක්‍රිස්තුස් සිතන ආකාරයට සිතන්න පුරුදු වුණොත් අපිට එය කළ හැකියි. (ලූක් 23:34) එසේ කිරීමෙන් කුමන ප්‍රතිඵල අද්දකින්න හැකිද?
11. (අ) ස්තේපන්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) පාවුල් මෙන් අන් අයට පීඩා කරන සමහරුන්ගේ ජීවිතවල කුමන වෙනසක් සිදු විය හැකිද?
11 ස්තේපන් තමන්ට පීඩා කළ අය වෙනුවෙන් යාච්ඤා කළ පුද්ගලයෙක්. ඒ වගේම ඔහුගේ යාච්ඤාවලට දෙවිගෙන් හොඳ පිළිතුරුත් ලැබුණා. ක්‍රිස්තු වර්ෂ 33දී ඔහුව යෙරුසලමෙන් පිටතට ඇදගෙන ගොස් ගල් ගැසුවා. මිය යෑමට කලින් ඔහු දෙවිට මොරගසා මෙසේ පැවසුවා. “යෙහෝවා, ඔවුන්ට විරුද්ධව මේ පාපය නොතබන්න.” (ක්‍රියා 7:58–8:1) ස්තේපන්ව මරන්න සාවුල් සහය දුන් නිසා ඔහුගේ යාච්ඤාවට සාවුල්ද ඇතුළත්. පසුව නැවත නැඟිටුවනු ලැබූ යේසුස් යෙරුසලමේදි සාවුල්ට කතා කළ අතර ඔහු තම ජීවිතය වෙනස් කරගෙන යේසුස්ගේ අනුගාමිකයෙක් බවට පත් වී පාවුල් ලෙස හඳුන්වනු ලැබුවා. ස්තේපන්ගේ යාච්ඤාවට එකඟව සාවුල් කළ වරදට දෙවි ඔහුට සමාව දෙන්න ඇති කියා අපිට සිතන්න පුළුවන්. අපි සාකච්ඡා කරන මේ බයිබල් පරිච්ඡේදයද රෝමවරුන්ට ලියනු ලැබුවේත් ඔහු විසිනුයි. (ක්‍රියා 26:12-18; 1 තිමෝති 1:12-16) පසුව පාවුල් මෙසේ උනන්දු කිරීම ගැන අපි පුදුම විය යුතු නැහැ. “පීඩා කරන්නන්ට නොකඩවා ආශීර්වාද කරන්න.” පීඩා කරන්නන් පවා යම් දිනක යෙහෝවා දෙවිගේ සේවකයෙක් බවට පත් විය හැකි බව පාවුල් තේරුම්ගත්තා. ඒ හා සමානව යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ සාමකාමී හැසිරීම නිසා පීඩා කළ සමහරුන්ද සත්‍ය මාර්ගයට පැමිණ තිබෙනවා.
“සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න”
12. රෝම 12:17හි පාවුල් පැවසු දෙය 9වෙනි පදයෙහි ඇති උපදෙසට සම්බන්ධ වෙන්නේ කෙසේද?
12 දෙවිට නමස්කාර කරන අයට හා එසේ නොකරන අයට අපි සැලකිය යුතු ආකාරය ගැන පාවුල් ඊළඟට මෙසේ පවසනවා. “කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න.” එම උපදෙස අදාළ කරගැනීමෙන් පෙන්වන්නේ “දුෂ්ට දේට ද්වේෂ කරන්න” කියා ඔහු කලින් පැවසු දෙයට අපි කීකරු වෙන බවයි. කෙනෙක් තව කෙනෙකුගෙන් පළිගන්න උත්සාහ කරනවා නම්, තමන් නපුරට ද්වේෂ කරනවා කියා ඔහුට කිව හැකිද? එසේ කිරීමෙන් තමන්ගේ ප්‍රේමය ‘කුහකකමින් තොරයි’ කියා ඔහුට පෙන්වන්න බැහැ. ඊළඟට පාවුල් කියන්නේ “සියලුදෙනා ඉදිරියෙහි යහපත්ව තිබෙන දේවල් කරන්න සිතෙහි තබාගන්න” කියායි. (රෝම 12:9, 17) අපට එය කළ හැක්කේ කෙසේද?
13. අපිට පීඩා කරන විට අපි හැසිරිය යුත්තේ කෙසේද?
1 කොරින්ති 4:9-13) ඒ හා සමානව අපිත් මේ ලෝකයේ මිනිසුන්ට ප්‍රදර්ශනයක්. අපිට අයුක්තිසහගත ලෙස සලකන විට අපගේ යහපත් හැසිරීම අවට සිටින්නන් හොඳින් නිරීක්ෂණය කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අප ගෙන යන පණිවුඩයට හොඳින් සවන් දෙන්න ඔවුන් පෙලඹෙනවා.—1 පේතෘස් 2:12.
13 කොරින්තිවරුන්ට පාවුල් ලියූ මුල් ලිපියේ මෙවැනි උපදෙසක් දුන්නා. “අපි ලෝකයටත් දේවදූතයන්ටත් මිනිසුන්ටත් රංග භූමියක ප්‍රදර්ශනයක් වී සිටිමු. . . . නිග්‍රහ කරන විට අපි ආශීර්වාද කරන්නෙමු. පීඩා කරන විට අපි දරාගෙන සිටින්නෙමු. අපකීර්තියට පත් කරන විට අපි අයැද සිටින්නෙමු.” (14. අපි කොතෙක්දුරට අන් අය සමඟ සමාදානයෙන් සිටින්න උත්සාහ කළ යුතුද?
14 අපි කොතෙක්දුරට අන් අය සමඟ සමාදානයෙන් සිටිය යුතුද? අපිට හැකි උපරිමයෙන් අපි එසේ කිරීමට උත්සාහ කළ යුතුයි. පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට පැවසුවේ “පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” කියායි. (රෝම 12:18) “පුළුවන් නම්” සහ “ඔබට හැකි පමණින්” යන වචනවලින් පැහැදිලි වෙන්නේ අන් අය සමඟ සාමයෙන් සිටීම හැමවිටම පහසු දෙයක් නොවන බවයි. උදාහරණයකට අන් අය සමඟ සමාදානයෙන් සිටීම සඳහා අපි දේවප්‍රතිපත්ති කඩ කරන්නේ නැහැ. (මතෙව් 10:34-36; හෙබ්‍රෙව් 12:14) නමුත් සාධාරණ මට්ටමින් එනම් දේවප්‍රතිපත්ති බාල නොකරමින් “සියලුදෙනා සමඟ” සමාදානයෙන් සිටීමට අපි උත්සාහ කරනවා.
‘ප්‍රේමණීය තැනැත්තෙනි පළි නොගන්න’
15. රෝම 12:19හි පෙන්වන ආකාරයට පළිගැනීමෙන් වැළකී සිටීමට හේතුව කුමක්ද?
15 පළිගැනීමෙන් වැළකී සිටීමට තවත් හේතුවක් පාවුල් පැහැදිලි කරනවා. ඔහු පැවසුවේ එය නිහතමානී ක්‍රියාමාර්ගය වන නිසා අපි එසේ කළ යුතු බවයි. “ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න. මන්ද, ‘පළිගැනීම මගේය. මම විපාක දෙන්නෙමි’ කියා යෙහෝවා කියන්නේයයි ලියා තිබේ” කියා ඔහු පවසනවා. රෝම 12:19) ක්‍රිස්තියානියෙක් පළිගන්නවා නම් ඔහු උත්සාහ කරන්නේ දෙවිට පමණක් අයිති වූ දෙයක් කිරීමටයි. (මතෙව් 7:1) ඒ වගේම එවැනි කෙනෙක් “මම විපාක දෙන්නෙමි” කියා දෙවි පවසා ඇති දේ එතරම් විශ්වාස කරන්නේ නැති බවත් පෙන්නුම් කරනවා. නමුත් යෙහෝවා දෙවි ‘තමා තෝරාගත් අය වෙනුවෙන් නිසැකවම යුක්තිය ඉටුවීමට සලස්වන’ බව සැබෑ ක්‍රිස්තියානීන් විශ්වාස කරනවා. (ලූක් 18:7, 8; 2 තෙසලෝනික 1:6-8) වැරදිකරුවන්ගෙන් පළිගැනීම ඔවුන් නිහතමානීව යෙහෝවා දෙවිට බාර දෙනවා.—යෙරෙමියා 30:23, 24; රෝම 1:18.
(16, 17. (අ) කෙනෙකුගේ හිස මත ‘ගිනි අඟුරු ගොඩගැසීම’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) යහපත් ක්‍රියා මගින් ඇදහිලිවන්තයෙකු නොවන කෙනෙකුගේ සිත මෘදු වූ ආකාරය ඔබ පෞද්ගලිකව අද්දැක තිබෙනවාද? උදාහරණයක් දෙන්න.
16 පළිගැනීමට යෑමෙන් සිදු වන්නේ සතුරාගේ සිත තව තවත් දැඩි වීම පමණයි. නමුත් ඔහුට කාරුණිකව සැලකීමෙන් ඔහුගේ ආකල්ප වෙනස් විය හැකියි. එහෙම කියන්නේ ඇයි? පාවුල් රෝමවරුන්ට පැවසූ තවත් දෙයක් සලකා බලන්න. “ඔබේ සතුරා බඩගිනිව සිටිනවා නම්, ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම්, ඔහුට බොන්න යමක් දෙන්න. මන්ද එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා ඇත.” (රෝම 12:20; හිතෝපදේශ 25:21, 22) ඉන් අදහස් කරන්නේ කුමක්ද?
17 ‘ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩගසන්න’ යන ප්‍රකාශය, බයිබල් කාලවලදී යකඩ ලබාගැනීම සඳහා යපස් උණු කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධයි. සාමාන්‍යයෙන් යකඩ ලබාගැනීම සඳහා යපස් උණු කිරීමේදි ඊට යටින් පමණක් නොව උඩිනුත් ගල් අඟුරු තට්ටුවක් දමනු ලැබුවා. ඒ නිසා ඇති වූ දැඩි උෂ්ණත්වය හේතුවෙන් යපස්වල තිබූ අපද්‍රව්‍ය ඉවත් වී යකඩ පමණක් ලබාගත හැකි වුණා. ඒ හා සමානව, පීඩා කරන කෙනෙකුට කරුණාවන්තව සැලකීම මගින් ඔහු තුළ ඇති නරක ගුණාංග ඉවත් වී වටිනා ගුණංග ඉස්මතු කරන්නත් හැකි වෙනවා. (2 රාජාවලිය 6:14-23) ක්‍රිස්තියානි සභාවේ සිටින බොහෝදෙනෙක් සත්‍ය නමස්කාරයට පැමිණීමට හේතු වී ඇත්තේ සෙසු ක්‍රිස්තියානීන් ඔවුන් වෙනුවෙන් කළ යහපත් දේවල් නිසයි.
අපි පළි නොගත යුතු හේතුව
18. පළිගැනීමෙන් වැළකී සිටීම නිවැරදි, ප්‍රේමණීය සහ නිහතමානී ක්‍රියාමාර්ගක් වෙන්නේ ඇයි?
18 “කිසි කෙනෙකුට නපුරට නපුර නොකර” සිටීමට බලපාන වැදගත් හේතු කිහිපයක් අපි රෝම 12වෙනි පරිච්ඡේදයෙන් සලකා බැලුවා. ඉන් පළමු හේතුව නම් එසේ කිරීම නිවැරදි ක්‍රියා මාර්ගය වීමයි. යෙහෝවා දෙවි අපිට පෙන්වා ඇති දයානුකම්පාව අපි අගය කරනවා නම් අපි කැමැත්තෙන්ම ඔහුගේ ආඥාවලට කීකරු වෙනවා. ඊට අපගේ සතුරන්ට ප්‍රේම කරන්න කියා දෙවි දී තිබෙන ආඥාවද අයත් වෙනවා. දෙවැන්න නම් එය ප්‍රේමණීය ක්‍රියාමාර්ගය වීමයි. අපි නිතරම සාමය ලුහුබඳින්න උත්සාහ කරනවා නම් අපිට දරුණු ලෙස පීඩා කරන අයට පවා දෙවිගේ නමස්කාරකයන් බවට පත් වෙන්න උපකාර කරන්න පුළුවන්. තුන්වෙනි හේතුව නම් එය නිහතමානී ක්‍රියාමාර්ගය වීමයි. “පළිගැනීම මගේය” කියා යෙහෝවා දෙවිම පවසා තිබෙන නිසා, අපි එසේ කරනවා නම් එය උඩඟු ක්‍රියාවක්. දෙවිගේම වචනයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. “උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි. එහෙත් යටහතුන්ට ප්‍රඥාව ඇත.” (හිතෝපදේශ 11:2) පළිගන්නේ නැතිව කාරණා යෙහෝවා දෙවිට බාර දීමෙන් අපි නිහතමානී පුද්ගලයන් බව පෙන්වනවා.
19. ඊළඟ ලිපියේදී සලකා බලන්නේ කුමක් ගැනද?
19 අපි අන්‍යයන්ට සැලකිය යුතු ආකාරය ගැන පවසමින් පාවුල් ඔහුගේ සාකච්ඡාව මෙසේ කැටි කොට දක්වනවා. “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.” (රෝම 12:21) අපි අද දින මුහුණ දෙන්නේ කුමනාකාර නපුරු බලවේගයන්ටද? අපිට ඒවායින් ජය ගත හැක්කේ කෙසේද? එම ප්‍රශ්නවලට සහ ඒ හා සම්බන්ධ වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.
ඔබට විස්තර කළ හැකිද?
• රෝම 12වෙනි පරිච්ඡේදයේ නැවත නැවතත් සඳහන් කරන්නේ කුමක් ගැනද?
• පළිගැනීමෙන් වැළකී සිටීමට අපිව පොලඹවන්නේ කුමක්ද?
• “නපුරට නපුර නොකර” සිටීමෙන් අපිත් අන් අයත් ලබන ප්‍රයෝජන මොනවාද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[22වන පිටුවේ කොටුව]
ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයට බලපාන සම්බන්ධතා ගැන රෝම 12වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එනම් . . .
• යෙහෝවා දෙවි
• සෙසු ඇදහිලිවන්තයන්
• ඇදහිලිවන්තයන් නොවන අය
[23වන පිටුවේ පින්තූරය]
රෝමවරුන්ට පාවුල් ලියූ ලිපියේ, ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් උපදෙස් අඩංගුයි
[25වන පිටුවේ පින්තූරය]
යේසුස්ගේ අනුගාමිකයෙක් වූ ස්තේපන්ගෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?