Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

මුල් පිටුවෙන් | බයිබලය අදටත් ගැළපෙනවාද?

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - ප්‍රේමය

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - ප්‍රේමය

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.”—කොලොස්සි 3:14.

ප්‍රයෝජන: බයිබලයේ වැඩිපුරම තියෙන්නේ සාමාන්‍යයෙන් ඇති වන ආදර හැඟීම් ගැනවත් රාගය නිසා ඇති වන ආදරය ගැනවත් නෙමෙයි. කරුණාව, දයාව, ඉවසීම, සමාව දීම, විශ්වාසවන්තකම, යටහත්කම වැනි ගුණාංග එක්ක බැඳිලා තියෙන ආදරය ගැනයි. (මීකා 6:8; කොලොස්සි 3:12, 13) රාගය නිසා ඇති වන ආදරය කාලයත් එක්ක නැති වුණත් සැබෑ ආදරය එන්න එන්නම වැඩි වෙනවා.

බ්‍රෙන්ඩා විවාහ වෙලා අවුරුදු 30ක් වෙනවා. ඇය මෙහෙම කියනවා. “ආදරය කාලයත් එක්ක වැඩි වෙන දෙයක්. අලුත විවාහ වුණු දෙන්නෙක් අතරේ තියෙනවාට වඩා වැඩි ආදරයක් විවාහ වෙලා කාලයක් ගිය දෙන්නෙක් අතරේ තියෙනවා.”

සෑම් විවාහ වෙලා අවුරුදු 12කට වැඩියි. ඔහු මෙහෙම කියනවා. “බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ජීවිතේට අදාළ කරගන්න එක අපි හිතන තරම් අමාරු නැහැ කියලා මමයි බිරිඳයි හැම තිස්සෙම හිතනවා. ඒවා අදාළ කරගද්දී කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඒත් හැම කාරණයකදීම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕන කියලා හිතුවත් එහෙම කරන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. හුඟක් වෙලාවට එහෙම වෙන්නේ මං මගේ හැඟීම් ගැන විතරක් හිතද්දී. නැත්නම් මහන්සියක් දැනෙද්දී. ඒ වගේ වෙලාවට මං හිතන විදිහ වෙනස් කරගන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරනවා. ඊටපස්සේ මං බිරිඳව ආදරෙන් වැළඳගන්නවා. අපි අතර වුණු ප්‍රශ්නය අමතක කරන්න ඒ දේවල් උදව් වෙනවා.”

කෙනෙක් ප්‍රඥාවන්තයි කියලා ඔප්පු වෙන්නේ ඔහුගේ ක්‍රියාවලින්

කෙනෙක් ප්‍රඥාවන්තයි කියලා ඔප්පු වෙන්නේ ඔහුගේ ක්‍රියාවලින් කියලා යේසුස් කිව්වා. (මතෙව් 11:19) ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕන කරන හැම මඟපෙන්වීමක්ම බයිබලයේ තියෙනවා. ඒක ලියපු කාලේදී වගේම අදටත් ඒකේ තියෙන මඟ පෙන්වීම් හැමෝටම අදාළයි. මිනිසුන්ට අවශ්‍ය වටිනා මඟ පෙන්වීම් බයිබලයේ තියෙන්නේ ඒක අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබුණු පොතක් නිසයි. ඒත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ඒවා අදාළ කරගත්තොත් විතරයි. “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” කියලා බයිබලයේ තියෙන ආරාධනය පිළිගන්න ඔබත් කැමතිද?—ගීතාවලිය 34:8.