Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

සර්පයාගේ හම

සර්පයාගේ හම

සර්පයන් රළු ගස් කඳන් දිගේ එතෙමින් යන විදිහත් වැල්ලේ සැඟවෙන විදිහත් දැක්කම පුදුම හිතෙනවා. උන්ට ඒ වගේ හපන්කමක් කරන්න නම් ශක්තිමත් වගේම හැම දේටම ඔරොත්තු දෙන හමක් තියෙන්න ඕනේ.

මේ ගැන සිතන්න: සර්පයන්ට අත් පා නැති නිසා යම් පෘෂ්ඨයක් මතුපිටින් ගමන් කරන්න අවශ්‍ය වාරුව ගන්නේ හමෙන්. ඌට තියෙන්නේ මතුපිටින් ගන ඇතුළතින් මෘදු හමක්. එක් පර්යේෂකවරියක් පැවසුවේ “සාමාන්‍යයෙන් මතුපිට ගනව සහ ඇතුළත මෘදුව තියෙන දෙයක් මත කුමක් හෝ ගැටුණොත් ඒ මත ඇති වන පීඩනය විශාල ප්‍රදේශයකට විහිදී යනවා. එමනිසා මතුපිටට හානියක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි” කියායි. සර්පයාටත් තියෙන්නේ එවැනි හමක් නිසා ගල් වැනි තියුණු දෙයක් මතින් යද්දී හම මතට ඇති වන පීඩනය එක සමානව විහිදී යනවා. ඒ නිසා සර්පයාගේ හමට හානි වෙන්නේ සුළු වශයෙන්. සාමාන්‍යයෙන් සර්පයෙක් ඌගේ හැව අරින්නේ මාස දෙකකට හෝ තුනකට සැරයක් නිසා එවැනි කල් පවතින හමක් සර්පයෙකුට අත්‍යවශ්‍යයි.

සර්ප හම ගැන කළ අධ්‍යයනයන් වෛද්‍ය විද්‍යාවටත් ප්‍රයෝජනවත් වෙයි කියා විශ්වාස කරනවා. උදාහරණයකට ශරීරයේ කෘත්‍රිමව තැන්පත් කරන දේවල් කල් පවතින සහ ඝර්ෂණයට ඔරොත්තු දෙන ලෙස නිපදවන්න ඒ දැනුම උදව් වෙයි කියා ඔවුන් සිතනවා. ඒ වගේම බෙල්ට් මත බඩු එහා මෙහාගෙන යන යන්ත්‍රවලට මෙම තාක්ෂණය යොදා ගැනීමෙන් යන්ත්‍රයට වන හානිය අවම කරගත හැකි නිසා පරිසරයට අහිතකර තෙල් වර්ග යන්ත්‍රවලට භාවිත කිරීමත් අවම කරගන්න පුළුවන් වෙයි.

ඔබේ නිගමනය කුමක්ද? සර්පයාගේ හම ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?