Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

හැලොවීන් උත්සවේ නොදත් කතාව

හැලොවීන් උත්සවේ නොදත් කතාව

හැලොවීන් උත්සවේ ගැන ඔබ දන්නවද? ඇමරිකාවේ සහ කැනඩාවේ නම් මේ උත්සවේ හරිම ප්‍රසිද්ධයි. ඔවුන් එය පවත්වන්නේ ඔක්තෝබර් 31වෙනිදා. ලෝකෙ වෙනත් රටවල වගේම දැන් ලංකාවෙත් හැලොවීන් උත්සවේ සමරන්න පටන් අරන්. විවිධ රටවල වෙන වෙන නම්වලින් මේ හා සමාන උත්සව පැවැත්වුවත් ඒ හැම එකකම අරමුණ එකයි. ඒ තමයි සුරංගනාවියන්, මායාකාරියන්, යක්ෂයා, භූතාත්ම සහ මළ අයගේ ආත්ම සමඟ සම්බන්ධ වීම.— “හැලොවීන් හා සමාන වෙනත් උත්සව” කියන කොටුව බලන්න.

සමහරවිට ඔබට ජනප්‍රවාදවල එන සුරංගනාවියෝ ගැන, යක්ෂයන් ගැන විශ්වාසයක් නැතුව ඇති. හැලොවීන් වගේ උත්සව විනෝද වෙන්න, දරුවන්ගේ නිර්මාණ කුසලතා දියුණු කරගන්න ලැබෙන අවස්ථාවක් කියලා ඔබට හිතෙයි. ඒ වගේම විකට ඇඳුම් සංදර්ශනයක සිරිය ගන්න නිසා ඒක එතරම් ලොකුවට හිතන්න ඕනේ නැහැයි කියලත් හිතෙන්න ඉඩ තියෙනවා. ඒත් පහත සඳහන් කාරණා දිහා බලන්න. ඒ උත්සවවල තියෙන අනතුරුදායක පැති දකින්න ඒවා හුඟක් අයට උදව් වෙලා තියෙනවා.

  1. “හැලොවීන් උත්සවේදී මූලිකවම කෙරෙන්නේ භූතාත්ම සමඟ ගනු දෙනු කිරීමයි. මේ සමහර භූතාත්ම මිනිසුන්ට තර්ජනය කරනවා, භය කරනවා” කියලා විශ්වකෝෂයක සඳහන් වුණා. ( “හැලොවීන් ආ ගමන් මඟ” යන කොටුව බලන්න.) හැලොවීන් වගේ හුඟක් උත්සවවලට තියෙන්නේ මිථ්‍යා මූලාරම්භයක්. ඒ වගේම මළ ගිය නෑසියන්ට කරන වන්දනාවටත් මෙහි ප්‍රබල සම්බන්ධයක් තියෙනවා. මේ උත්සව දිනවලදී ලෝකෙ පුරා මිනිසුන් අදටත් කරන්නේ මළවුන්ගේ ආත්ම සමඟ සම්බන්ධකම් පවත්වනවා කියා සිතාගෙන භූතාත්ම සමඟ ගනු දෙනු කිරීමයි.—Encyclopedia of American Folklore.

  2. හැලොවීන් ඇමෙරිකානු උත්සවයක් ලෙස සැලකුවත් වෙනත් රටවලටත් දැන් දැන් එය වේගයෙන් පැතිර යනවා. මේ උත්සවේදී අඳින ඇඳුම් ආයිත්තම්, සැරසිලි සහ චාරිත්‍රවලට තියෙන්නේ මිථ්‍යා ආරම්භයක්. ඉන් බොහොමයකට අද්භූත හෝ ගුප්ත සම්බන්ධයක් තියෙනවා. මෑතක ඉඳන් මේ උත්සවේ පවත්වන හුඟක් අය ඒ බව දන්නේ නැහැ.— “ආවේ කොහෙන්ද?” යන කොටුව බලන්න.

  3. යුරෝපයේ ආදිවාසීන්ගේ වත්පිළිවෙත්වලට අනුව මායා බන්ධන ක්‍රියාවල නියැලෙන අය අදටත් හැලොවීන් උත්සවය හඳුන්වන්නේ ඊට දී තිබූ සෞඅන් කියන පැරණි නමෙන්. එදා මෙන් අදටත් ඔවුන් එය සමරන්නේ වසරේ පරිශුද්ධම රාත්‍රිය ලෙසයි. මායා බන්ධනකරුවෙක් පුවත්පතකට කිව්වේ “ක්‍රිස්තියානීන් දන්නේ නැති වුණාට එයාලා සමරන්නේ අපේ උත්සවයක්. අපි නං කැමතියි ඒකට” කියලයි.—USA Today.

  4. හැලොවීන්වලට සමාන උත්සව බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට විරුද්ධයි. එහි මේ වගේ අනතුරු අඟවනවා. ‘පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි.’—ද්විතීය කතාව 18:10, 11; ලෙවී කතාව 19:31; ගලාති 5:19-21.

ඉහත කාරණාවලට අනුව භූත නමස්කාරය හා බැඳි මූලාරම්භයක් තියෙන හැලොවීන් වැනි උත්සව ගැන හොඳ අවබෝධයක් ලබාගැනීම නුවණට හුරුයි. එතකොට එවැනි උත්සවවලට අපි සහභාගි වෙන්නේ නැහැ.

මායා බන්ධනකරුවෙක් පුවත්පතකට කිව්වේ “ක්‍රිස්තියානීන් දන්නේ නැති වුණාට එයාලා සමරන්නේ අපේ උත්සවයක්. අපි නං කැමතියි ඒකට” කියලයි.—USA Today

^ 37 ඡේ. හැලෝ යනු “සාන්තුවරයා” යන්නට පාවිච්චි කළ පැරණි ඉංග්‍රීසි වචනයක්. ඕල් හැලෝස් ඩේ යනු මිය ගිය සියලු සාන්තුවරයන්ව සිහි කළ දිනයයි. ඊට කලින් දා සන්ධ්‍යාව හැඳින්නුවේ ඕල් හැලෝ ඊවන් ලෙසයි. පසුව හැලොවීන් කියා කෙටි වුණේ ඒ වචනයයි.