නිර්මාණයක්ද?
යෝධ පෙන්ගුයින්ගේ අපූරු කබාය
යෝධ පෙන්ගුයින් හෙවත් එම්පර පෙන්ගුයින් පිහිනන්නේ පුදුම වේගයකින්. ආපු වේගයෙන්ම අයිස් තට්ටුව මතට පනින විදිහත් හරිම අපූරුයි. ඌට මේ වගේ හැකියාවක් ලැබුණේ කොහොමද?
යෝධ පෙන්ගුයින්ගේ පිහාටුවක්
මේ ගැන සිතන්න: මේ පෙන්ගුයින්ලට පුළුවන් කබායක් වගේ තියෙන උන්ගේ පිහාටු අස්සේ වාතය හිර කරලා තියාගන්න. මේ නිසා සීතල දරාගන්නත් සාමාන්‍යයෙන් පිහිනන වේගයට වඩා දෙතුන් ගුණයක වේගයකින් පිහිනා යන්නත් පුළුවන්. සාගර විද්‍යාඥයන් කියන විදිහට උන් පීනද්දී පිහාටු අස්සේ හිර කරගත්තු වාතය ටිකෙන් ටික මුදාහරිනවා. ඒ මුදාහරින වායු බුබුළු ඇඟ වටේ රැඳෙද්දී අවට ජල කඳ කපාගෙන වේගයෙන් ඉදිරියට පීනන්න ඌට පුළුවන් වෙනවා. එහෙම පීනද්දී අපිට පේන්නේ උන් වායු බුබුළුවලින් හදපු ගුහාවක් තුළින් යනවා වගෙයි.
ඉන්ජිනේරුවනුත් දැන් උත්සාහ කරන්නේ වායු බුබුළු පිටවන ආකාරයට නැව් බඳ හදලා නැවේ ගමන වේගවත් කරන්න. ඒත් අත්හදා බැලීම් කරන අය කියන්නේ වායු මුදාහරින්න පුළුවන් විදිහෙ දෙයක් හැදුවත් පෙන්ගුයින්ලට තරම් විශිෂ්ට විදිහට ඒක කරන්න ඔවුන්ට බැරි වෙයි කියායි.
ඔබේ නිගමනය කුමක්ද? එම්පර පෙන්ගුයින්ට ඒ වගේ අපූරු කබායක් ලැබුණෙ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?