නිර්මාණයක්ද?
ඇසක් වගේ ක්‍රියා කරන පිටත ආවරණය
කොරල් පරවල වෙසෙන බ්‍රිට්ල් ස්ටාර් කියන මේ ජීවියාට පිටත කටුවක් හා සමාන ආවරණයක් තියෙනවා. ඉන් ඌට ආරක්ෂාවක් ලැබුණත් එහි තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පිටත ආවරණය මත පිහිටලා තියෙන ඇසට නොපෙනෙන කාච සමූහය. ඒවා එකතු වෙලා සංයුක්ත ඇසක් විදිහට ක්‍රියා කරනවා.
මේ ගැන සිතන්න: මේ සතාගේ පිටත ආවරණය අධ්‍යයනය කළ විද්‍යාඥයන් දැක්කේ “විනිවිද පෙනෙන, අසාමාන්‍ය රටාවකට ළඟින් ළඟ පිහිටා තියෙන ගැටිති රාශියක්. ඒ ගැටිත්තක් කෙස් ගසකටත් වඩා සිහින්” කියලා සඟරාවක සඳහන් වුණා. විනිවිද පෙනෙන මේ ගැටිති හැදිලා තියෙන්නෙ කැල්සියම් කාබනේට්වලින් (කැල්සයිට්). මේ ගැටිති ක්‍රියා කරන්නේ කාච විදිහට. ඒවාට හැකියි ඊට යටින් තියෙන ස්නායුවලට ආලෝකය යවන්න. පෙනෙන විදිහට ඒ ස්නායු ආලෝකයට සංවේදියි. ඒ විතරක් නෙමෙයි දකින්න අවශ්‍ය රූපය ඒ විදිහටම දැකගන්න ඒ කාච පිහිටලා තියෙන පුදුමාකාර හැඩයෙන් ලැබෙන්නෙත් මනා උදව්වක්.—Natural History.
කාර්යයන් දෙකක් ඉටු කරන්න පුළුවන් මේ පිටත ආවරණය “අපිට වැදගත් පාඩමක් උගන්වනවා. ජෛව ලෝකයේ හුඟක් දේවල් හැදිලා තියෙන්නේ එක දෙයක් කරන්න නෙමේ, විවිධ කාර්යයන් කරන්න පුළුවන් විදිහට.” එහෙම කිව්වේ ජොඈනා අයිසන්බර්ග් නම් විද්‍යාඥවරිය.
මේ ආවරණයේ සැකැස්ම අධ්‍යයනය කරලා පර්යේෂකයන් කැල්සියම් කාබනේට්වලින් සරල, අඩු වියදම් සහිත ඉතාම කුඩා කාච නිපදවලා තියෙනවා. වීදුරු තන්තු හරහා ආලෝක සංඥා යවන සන්නිවේදන කටයුතු ඇතුළු තව බොහෝ දේවලටත් මේවා පාවිච්චි කරන්න පුළුවන්.
ඔබේ නිගමනය කුමක්ද? බ්‍රිට්ල් ස්ටාර්ගේ පිටත ආවරණය ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?