Skip to content

පටුනට යන්න

උපකාර ලබාගන්න

උපකාර ලබාගන්න

ළමා කාලයේදී පමණක් නොව වැඩිහිටියෙකු වූ පසුවත් අන් අයගේ උපකාර අවශ්‍යයි.

පාසැල් අධ්‍යාපනය සාර්ථක කරගැනීමට ඔබට උපකාර ලබාගන්න පුළුවන් කාගෙන්ද?

පවුලේ අය.

“පාසැලෙන් දෙන ගෙදර වැඩ තනියම කරගන්න බැරි වුණාම මගේ තාත්තා මට උදව් කරනවා. තාත්තා පාඩම කියලා දීලා ඒකෙන් ප්‍රශ්න අහනවා. හැබැයි ප්‍රශ්නවලට උත්තර තාත්තා කියලා දෙන්නේ නැහැ.” * එසේ පැවසුවේ බ්‍රසීලයේ ජීවත් වන 18 හැවිරිදි ශිෂ්‍යාවක්.

යෝජනාවක්: ඔබට යම් විෂයක් අමාරු නම් අම්මා හරි තාත්තා හරි පාසැල් යන කාලයේදී ඒ විෂය දක්ෂ ලෙස කළාද කියා අහන්න. එසේනම් ඔබට උපකාර ලබාගන්න හොඳම අය වන්නේ ඔවුනුයි.

ගුරුවරු.

යම් විෂයක් ඉගෙනගන්න ශිෂ්‍යයෙකුට ඇත්තටම උනන්දුවක් තිබෙනවා නම් ඔවුන්ට උදව් කිරීමට ගුරුවරුන් කැමතියි.

යෝජනාවක්: ඔබේ ගුරුවරයාගෙන් මෙසේ අසන්න. “මට මේ විෂය ටිකක් අමාරුයි. හැබැයි මම ආසයි ඒක ඉගෙනගන්න. මම මොනවද කරන්න ඕනේ?”

මඟ පෙන්වන්නෙක්.

ඔබේ පවුලට කිට්ටු කෙනෙකුට හැකි වෙයි ඔබට උපකාර කරන්න. එයින් ඔබට ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. එකක් නම් අවශ්‍ය විටක ඔවුන් ඔබට උපකාර කිරීමයි. දෙවෙනි එක නම් ඔබ තනිව ගැටලු සමඟ පොරබදිනවා වෙනුවට කෙනෙකුගේ උපකාරය ලබාගැනීමට පෙලඹීමයි. ඔබ වැඩිහිටියෙක් වූ පසුවත් එසේ කිරීම ප්‍රයෝජනවත්. ඊට හේතුව කිසිවෙකුට තනිව සාර්ථක වීමට නොහැකි වීමයි.—හිතෝපදේශ 15:22.

යෝජනාවක්: ඔබට හොඳ උපදෙස් ලබාගැනීමට තෝරාගන්න පුළුවන් කාවද කියා දෙමාපියන්ගෙන් අසන්න.

නිගමනය: අවශ්‍ය විටක යම් කෙනෙකුගෙන් උපකාර ඉල්ලීමේ වරදක් නැහැ.

ඔබ දැනටමත් පරක්කු නැහැ. ඔබට උපකාර ලබාගත හැකි දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ නම් ලියාගන්න. ඔබේ පාසැල් වැඩවලට ඒ අයගෙන් කෙනෙකුට උපකාර කරන්න පුළුවන්ද කියා බලන්න.

^ 4 ඡේ. අයියා කෙනෙකුගෙන් හෝ අක්කා කෙනෙකුගෙන් වුණත් උපකාර ලබාගත හැකියි.