Skip to content

පටුනට යන්න

‘සතුටින් ඉන්නේ කොහොමද?’

‘සතුටින් ඉන්නේ කොහොමද?’

‘සතුටින් ඉන්නේ කොහොමද?’

● ආර්ජන්ටිනාවේ ජීවත් වන කැමිලාගේ වයස අවුරුදු අටයි. ඇය රක්තහීනතාවයෙන් හා ස්නායු ආබාධකින් පෙළෙන අතර ඇගේ වර්ධනයද නිසියාකාරයෙන් සිදු වන්නේ නැහැ. මෙතෙක් ඇය වර්ධනය වී තිබෙන්නේ අඟල් 30ක් පමණයි. ඇගේ දෙමාපියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අතර දවසක් ඔවුන් වෛද්‍ය වැඩමුළුවකට සහභාගි වුණා. එයට 500දෙනෙකු පමණ පැමිණි සිටි අතර කැමිලාගේ දෙමාපියන් අසුන්ගෙන සිටියේ දෙවෙනි පේළියේයි.

එක් වෛද්‍යවරයෙකු හොඳ සෞඛ්‍ය සම්පන්න කුඩා දරුවන් ගැන කතා කරන විට උදාහරණයක් ලෙස කැමිලාව පෙන්නුම් කළා. ඇය ගැන කිසිවක් නොදැන සිටි ඔහු “බබාගේ වයස කීයද” කියා කැමිලාගේ මව වන මරිසාගෙන් ඇසුවා.

“අවුරුදු අටයි” කියා මරිසා පැවසුවා.

“කීයද, මාස අටයිද” කියා වෛද්‍යවරයා නැවතත් ඇසුවා.

“නැහැ, අවුරුදු අටයි” කියා මරිසා පැවසුවා.

වෛද්‍යවරයා පුදුම වී දරුවාටත් මවටත් වේදිකාවට එන ලෙස ආරාධනා කළා. කැමිලාගේ තත්වයත් මෙතෙක් ඇයට කර තිබෙන වෛද්‍ය ප්‍රතිකාර ගැනත් මරිසා වෛද්‍යවරයාට විස්තර කළා. එවිට ඔහු මෙසේ පැවසුවා. “සමහර අම්මලා, දරුවෙකුට පුංචි උණක් හැදුණත් භය වෙලා අඬනවා. ඒත් ඔයා කැමිලාට අවුරුදු හතක් තිස්සේ මෙච්චර ප්‍රතිකාර කරලත් ඇගේ තත්වය දැනගෙනත් ඔයා සතුටින් ඉන්නවා. ඔයා එහෙම ඉන්නේ කොහොමද?”

ඒ අවස්ථාවේදී මරිසා ඇය තදින්ම විශ්වාස කරන බයිබලයේ ඇති පොරොන්දු ගැන කතා කළා. එනම් ළඟදීම දුක, වේදනාව සහ මරණය නැති කාලයක් සියලුම ධර්මිෂ්ඨ අයට ලැබෙන බව ඇය පැවසුවා. (යෙසායා 33:24; එළිදරව් 21:3, 4) ඒ වගේම ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක පවුලක් ලෙස එකිනෙකාට ප්‍රේම කරන නිසා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන අවස්ථාවලදී සෙසු සහෝදරයන්ට ඉන් ඉමහත් ශක්තියක් ලැබෙන බවද ඇය පැවසුවා.—යොහන් 13:35.

වැඩමුළුව අවසානයේදී එක් කාන්තාවක් පැමිණ මරිසාගේ බලාපොරොත්තු ගැන වැඩි විස්තර ඇසූ අතර බයිබලයෙන්ම එම තොරතුරු සාකච්ඡා කරන්න ඇය කැමති වුණා. මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිට ඇති අරමුණ ගැන ඉගෙනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට ඒ ගැන කියා දීමට ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා ආශාවෙන් බලා සිටිනවා.

[25වන පිටුවේ පින්තූරය]

අට හැවිරිදි කැමිලා සහ ඇගේ මව වන මරිසා