මොන්ට් බ්ලාන්ක් යුරෝපයේ යෝධ කඳුයාය
මොන්ට් බ්ලාන්ක් යුරෝපයේ යෝධ කඳුයාය
ස්විට්සර්ලන්ත ජාතික හෝරස් බෙනඩික් ඩී සෝසුඅර් කුඩා කළ පටන් දැඩි ඇල්මක් දැක්වූ දෙයක් තිබුණා. ඒ ආකර්ෂණීය මොන්ට් බ්ලාන්ක් කඳුයායටයි. අඩි 15,771ක් තරම් උස් වූ එම කන්ද තරණය කරන පුද්ගලයාට ත්‍යාගයක් පවා පිරිනැමීමට ඔහු සූදානමින් සිටියේ එය ඉතාමත් දුෂ්කර කාර්යයක් බව ඔහු දැන සිටි නිසායි. නමුත් 1741 අගෝස්තු මාසයේදී එය තරණය කිරීමට යම් පිරිසක් උත්සාහ කළා. එහෙත් 1786වන තුරුම එය උත්සාහයන්ට පමණක් සීමා වුණා. අවසානයේදී ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු විසින් එය සාර්ථකව තරණය කළා. ඉන් එක් අයෙක් පළිඟු සොයා ගිය සෑක් බල්මා වූ අතර අනික් තැනැත්තා වෛද්‍යවරයෙක් වූ මයිකල් ගාබ්‍රියල් පැක්කඩ් නමැත්තායි. ඊළඟ අවුරුද්දේදී සෝසුඅර් එම කන්ද තරණය කළ අතර 1788දී ඔහු කොල් ඩු ජේන්ට් නමැති කන්දේ දින 17ක් නැවතී සිටිමින් පර්යේෂණ කටයුතු සිදු කළා. මුල් වරට සැලැස්මකට අනුව කඳු තරණය කළ පුද්ගලයන් වූයේ මොවුනුයි.
පසුව 1855දී ඉතාලි ජාතිකයන් පිරිසක්ද තම රට දෙසින් මොන්ට් බ්ලාන්ක් කන්ද තරණය කිරීමට පටන්ගත්තා. නමුත් එය පෙරට වඩා අභියෝගාත්මක කාර්යයක් වුණා. ඒ නිසා ඉතාලිය දෙසින් එම කන්ද තරණය කිරීමට හැකි වූයේ ඊට අවුරුදු නවයකට පසුවයි. එදා ඔවුන්ට අද මෙන් නවීන ආම්පන්න තිබුණේ නැහැ. භූගෝල විද්‍යාඥයෙක් වන ජොටෝ ඩයිනලී ඒ ගැන මෙසේ අදහස් දක්වනවා. “ඔවුන් කොහෙත්ම නොදන්නා ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කළ නිසා එය ඔවුන්ට තවත් දුෂ්කර වුණා. ඔවුන්ගේ අරමුණ ඉටු කරගැනීම සඳහා ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමටත් දැඩි අධිෂ්ඨානයක් ඇතුව සිටීමටත් සිදු වුණා. ඔවුන් මුහුණ දුන් තත්වය අද සිටින කඳු තරණය කරන්නන්ට නම් සිතාගන්නවත් බැරි දෙයක්.” වර්තමානයේ පවා එම කඳුකරයේ නිසි මාර්ගයක් නැති ස්ථාන තරණය කිරීමට හැකි වී ඇත්තේ කිහිප වතාවක් පමණයි.
මොන්ට් බ්ලාන්ක් කන්ද පිහිටා තිබෙන්නේ යුරෝපයේ මැද වුණත් අතීතයේ සිටි බොහෝදෙනෙක් එය දැන සිටියේ නැහැ. ඒ ගැන මුලින්ම සඳහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1088 තරම් ඈත කාලයේයි. ඒකෙමනෙක්ස් නගරයේ විසූ කතෝලික ජූජකවරුන්ට අයත් සිතියමකයි. ඔවුන් එය නම් කළේ රූපෙස් ආල්බා යන නමිනුයි. එහි තේරුම “සුදු කන්ද” යන්නයි. කෙසේනමුත් සියවස් ගණනාවක් යන තුරුම එහි අවට ජනයා එය හැඳින්වූයේ ශාපලත් කන්ද ලෙසයි. ඊට හේතුව
බලවත් භූතයන් හා මකරුන් එහි අරක් ගෙන සිටින බව ඔවුන් විශ්වාස කළ නිසයි. පසු කාලයේදී එනම් 1744 පමණ වන විට මොන්ට් බ්ලාන්ක් යන නම සිතියමට එක් වීමත් සමඟම ඊට තිබූ අපකීර්තිමත් නාමය ඉක්මනින්ම මැකී ගියා.විවිධත්වයෙන් යුත් කඳු පන්තිය
මොන්ට් බ්ලාන්ක් කඳුයාය සම්පූර්ණයෙන්ම දැක බලා ගත හැක්කේ ගුවනේ සිට පමණයි. එහි දිග කිලෝමීටර් 50ක් පමණ වන අතර වර්ග කිලෝමීටර් 600ක ප්‍රදේශයක් පුරා එය පැතිරී තිබෙනවා. එමෙන්ම ඉතාලිය, ප්‍රංශය හා ස්විට්සර්ලන්තය වෙන් කරන දේශ සීමාව ලෙසද එය හැඳින්විය හැකියි. මොන්ට් බ්ලාන්ක් කඳුයායේ අඩි 13,000කට වඩා උස් කඳු මුදුන් දකින්න ලැබෙනවා. මෙම කඳුයාය නිර්මාණය වී ඇත්තේ පොළොව යට තිබූ පළිඟු හා සමාන පාෂාන තට්ටුවලින් හා කලු ගල්වලිනුයි. අනික් කඳු සමඟ සසඳද්දී අවුරුදු මිලියන 350ක් පමණ වන මේ කඳුයාය තවමත් ළාබාල එකක් බව භූවිද්‍යාඥයන් පවසනවා. අවුරුදු දහස් ගණනක් පුරා වැසි කුණාටුවලට නිරාවරණය වීමෙන් හා අයිස් තට්ටු නිසා එහි විවරයන්, විවිධ හැඩයන් හා විවිධ
මට්ටම්වලින් යුත් කඳු මුදුන් ඇති වී තිබෙනවා. එය මෙම කඳුයායට පුදුමාකාර සුන්දරත්වයක් එක්කර තිබෙන අතර කඳු තරණය කරන්නන්ව ඒ වෙත ආකර්ෂණය කරගැනීමටද සමත් වී තිබෙනවා.සමීප බැල්මක්
මොන්ට් බ්ලාන්ක් කඳුයායේ සමහර ස්ථාන සමීපව දැක බලා ගැනීමට දක්ෂ කඳු නඟින්නන්ම විය යුතු නැහැ. ඒ සඳහා 1958 සිට ක්‍රියාත්මක වීමට පටන්ගත් කේබල් මත දිවෙන කුටිවලින් ගමන් කිරීමට පහසුකම් සලසනු ලැබුවා. ඒවා භාවිත කරමින් ළඟා විය හැකි උසම ස්ථානය වන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 12,605ක් තරම් උසින් පිහිටි ඒගිල් ඩු මිඩි කඳු මුදුනයි. එතැන සිට බලද්දී කෙමනෙක්ස් තැනිතලාව ඉතා මනරම් ලෙස දිස් වෙනවා.
අද වන විට මොන්ට් බ්ලාන්ක් කන්ද පිළිබඳව සියලුම භූ ලක්ෂණ අනාවරණය කරගෙන තිබෙනවා. ඇත්තෙන්ම මෙය හිරු නැඟීමේ සිට බැස යෑම දක්වා වූ කාල පරාසය තුළ විවිධ දසුන් මවනවා. මෙම කඳු මුදුන් මතට හිරු රැස් පතිත වන විට එය දිස්වන්නේ ගිනියම් වූ ආකාරයටයි.
[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]
උමඟේ සිහිනය සැබෑ වෙයි
“මොන්ට් බ්ලාන්ක් කන්ද දෙපස වෙසෙන මේ ජනයා එකම භාෂාවක් කතා කරන, එකම ජාතියේ අයයි. දිනක ඔවුන් දෙපිරිස එක් කරමින් මේ කන්ද හරහා උමඟක් ඉදි වෙයි.” සෝසුඅර් දුටු ඒ සිහිනය සැබෑ වීමට දශක දෙකක් ගත වුණා. ඒ සඳහා පීඩ්මොන්ට් හා සාර්ඩිනියාවේ රජුට පළමු ඉල්ලීම කළේ 1814දීයි. කෙසේනමුත් එහි වැඩ ආරම්භ වූයේ 1959දී වූ අතර එය අවසන් කළේ 1965දීයි. එහි දිග කිලෝමීටර් 11.6ක් වන අතර ඉතාලි දෙසින් ආරම්භ වන එය මුහුදු මට්ටමේ සිට අඩි 4,531ක් ඉහළින් පිහිටාතිබෙනවා. එමෙන්ම ප්‍රංශය දෙසින් එහි උස මුහුදු මට්ටමේ සිට අඩි 4,204ක්.
වර්ෂ 1999 මාර්තු 24වෙනිදා එම උමඟ තුළ ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් විශාල ව්‍යසනයක් සිදු වුණා. ගින්න නිසා උමඟ තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,000 ඉක්මවා ගිය නිසා වාහන ගණනාවක් උණු වී ගියා. එයින් 39ක් ජීවිතක්ෂයට පත් වූ අතර 30ක් පමණ තුවාල ලැබුවා. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කිරීමෙන් අවුරුද්දකට පසු එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ වුණා. ඒ අනුව 2002 ජූනි 25වෙනිදා නැවතත් එය විවෘත කළා. කෙසේනමුත් ඊට විරෝධය දක්වමින් ඒ අවට වැසියන් සහ පරිසර වේදින් පැවසුවේ බර වාහන ගමනාගමනය නිසා පරිසරය දූෂණය වන බවයි. පසුගිය මාස හතරක කාලය තුළ වාහන 1,32,474ක් ඒ උමඟෙන් ගමන් කර තිබෙනවා.
[පින්තූරය]
ප්‍රංශයේ කෙමනෙක්ස්හි ඉදි කර තිබෙන එච්. බී. ඩි සෝසුඅර්ගේ ස්මාරකය
[හිමිකම් විස්තර]
Library of Congress, Prints & Photographs Division, Photochrom Collection, LC-DIG-ppmsc-04985
[24, 25වන පිටුවේ කොටුව⁄පින්තූරය]
යෝධ කඳු අතරින් සංචාරයක්
දක්ෂ කඳු තරණය කරන්නන්ට පමණක් නොව එසේ කිරීමට නොහැකි අයට පවා මොන්ට් බ්ලාන්ක් කඳුයායේ සුන්දරත්වය විඳගත හැකියි. ඒ කෙසේද? එම කඳු අතරින් වැටී ඇති මං මාවත් ඔස්සේ සංචාරය කිරීමෙනුයි. ඇත්තෙන්ම මෙම කඳුයායේ අලංකාර දසුන් ඡායාරූප ගත කර තිබෙන්නේ කඳු මුදුනේ සිට නොව තරමක් ඈත සිටයි. ඒ සඳහා කඳුයායට නුදුරින් අලංකාර දසුන් මවන ස්ථානවල පහසුකම් සලසා තිබෙනවා. සොබා සෞන්දර්යට ඇලුම් කරන, කිලෝමීටර් 130ක් පමණ ඇවිද යෑමට තරම් හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට ඒ සඳහා ප්‍රස්තාව විවෘතයි. කඳු වටා කරන එම සංචාරයේදී ප්‍රංශය, ඉතාලිය හා ස්විට්සර්ලන්තය යන දේශ සීමා අතර වැටී ඇති මාර්ග ඔස්සේද ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා. දින දහයකින් සමන්විත මෙම සංචාරයේදී දිනකට පැය තුනත් හතත් අතර කාලයක් ගමන් කිරීමට සිදු වෙනවා. එහිදී ඉතාමත් ආකර්ෂණීය දසුන් නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. නමුත් එතරම් කාලයක් මිඩංගු කිරීමට ඔබට නොහැකි නම් කඳු කිහිපයක් වුණත් සංචාරය කිරීමට ඔබට හැකියි.
[පින්තූරය]
කේබල් කුටි මගින් ළඟා විය හැකි උසම ස්ථානය වන ඒගිල් ඩු මිඩි කඳු මුදුන
[හිමිකම් විස්තර]
Courtesy Michel Caplain; http://geo.hmg.inpg.fr/mto/jpegs/020726/L/12.jpg
[22වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ප්‍රංශය
ස්විට්සර්ලන්තය
ඉතාලිය
මොන්ට් බ්ලාන්ක්
[22වන පිටුවේ පින්තූරය]
සෝසුඅර් 1787දී මොන්ට් බ්ලාන්ක් කන්ද තරණය කරමින් (චිත්‍රයට නගා ඇති ආකාරය)
[හිමිකම් විස්තර]
© The Bridgeman Art Library International
[23වන පිටුවේ පින්තූරය]
මොන්ට් බ්ලාන්ක් කන්ද