මුල් පිටුවෙන් | සුරැකුණු ඉපැරණි පොතක්
බයිබලය සුරැකුණේ ඇයි?
අද ඔයාට බයිබලය කියවන්න ලැබිලා තියෙන්නේ ඒක ආරක්ෂා වුණ නිසයි. ඔයා නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරගත්තොත් ඒකෙ තියෙන තොරතුරු බයිබලයේ මුල් පිටපත්වල තිබුණ තොරතුරුමයි කියලා නිසැක වෙන්න පුළුවන්. a දිරාපත් වෙන එකෙන්, විරුද්ධවාදීකම්වලින් වගේම අදහස වෙනස් කරන්න දරපු උත්සාහයන්ගෙන් බයිබලය පුදුමාකාර විදිහට ආරක්ෂා වුණේ ඇයි? බයිබලයේ තියෙන විශේෂත්වය මොකක්ද?
“බයිබලය දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා දැන් මට තේරෙනවා”
‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළින්’ කියලා බයිබලය අධ්‍යයනය කරන හුඟක් අය තේරුම් අරන් තියෙනවා. (2 තිමෝති 3:16) බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් නිසා ඔහු ඒක අද දක්වා ආරක්ෂා කළා කියලා එයාලා විශ්වාස කරනවා. මුල් ලිපියේ කතා කරපු ෆයිසාල් තමන්ට බයිබලය ගැන අනිත් අයගෙන් දැනගන්න ලැබුණ දේවල් ඇත්තද කියලා බයිබලයෙන්ම හොයලා බැලුවා. වැඩි කාලයක් යන්න කලින්, පල්ලියෙන් උගන්වන හුඟක් දේවල් බයිබලයට එකඟ නැහැ කියලා දැනගත්තම එයා පුදුම වුණා. ඒ විතරක් නෙමෙයි පොළොව සම්බන්ධයෙන් දෙවියන්ට තියෙන අරමුණ ගැන දැනගත්තාම එයා හුඟක් සතුටු වුණා.
ෆයිසාල් මෙහෙම කිව්වා. “බයිබලය දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා දැන් මට තේරෙනවා. මේ මුළු විශ්වයම නිර්මාණය කරන්න ඔහුට බලය තියෙනවා නම් ඔහුට බැරිද අපිට පොතක් දීලා ඒක ආරක්ෂා කරන්න? සියලු බලැති දෙවියන්ට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔහුට එහෙම කරන්න බලයක් නැහැ කියන්න මං කවුද?”—යෙසායා 40:8.
a 2008 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ “නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු” කියන ලිපිය බලන්න.