දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?
ඔයා යාච්ඤා කරද්දී දෙවියන් ඒකට ඇහුම්කන් දෙනවා කියලා ඔයා හිතනවාද?
බයිබලේ කියන්නේ මොනවාද?
දෙවියන් ඇහුම්කන් දෙනවා. බයිබලේ මෙහෙම සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි. . . . උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය.”—ගීතාවලිය 145:18, 19.
ඔයා දෙවියන්ට යාච්ඤා කරනවාට ඔහු කැමතියි. බයිබලේ අපිට මෙහෙම කියලා තියෙනවා. “යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.”—ෆිලිප්පි 4:6.
දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙනවා. අපි මුහුණ දෙන හැම ප්රශ්නයක්ම, අපේ කනස්සල්ලට හේතු වන හැම දෙයක්ම දෙවියන් දන්නවා. ඒ වගේම ඔහුට ඕනෙ අපිට උදව් කරන්නයි. බයිබලේ කියන්නේ “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න” කියලයි.—1 පේතෘස් 5:7.