හිතෝපදේශ 25:1-28
25 මේ හිතෝපදේශත් රචනා කළේ සලමොන් රජයි.+ යූදාවල රජ වුණ හෙසකියාගේ+ සේවකයන් ඒවා පිටපත් කළා.*
2 දෙවියන් ගෞරවයට පත් වෙන්නේ කාරණා රහසිගතව තියාගන්න එකෙන්.+රජවරුන් ගෞරවයට පත් වෙන්නේ කාරණා සෝදිසි කරලා බලන එකෙන්.
3 අහසේ උසත් පොළොවේ ගැඹුරත් මනින්න බැහැ වගේරජවරුන්ගේ හිතේ තියෙන දේත් තේරුම්ගන්න බැහැ.
4 රිදීවලින් බොර අයින් කරන්න.එතකොට ඒක සම්පූර්ණයෙන්ම පවිත්‍ර වෙයි.+
5 රජ ඉස්සරහින් දුෂ්ටයාව පන්නලා දාන්න.එතකොට ඔහුගේ සිංහාසනය ස්ථිර වෙලා ඔහු ධර්මිෂ්ඨකමින් පාලනය කරයි.+
6 රජ ඉස්සරහා ඔයාවම උසස් කරගන්න එපා.+හොඳ පිළිගැනීමක් තියෙන අය ඉන්න තැනට යන්නත් එපා.+
7 ඔහු ඔයාව අධිපතියෙක් ඉස්සරහා ලැජ්ජා කරනවාට වඩා,+
“මෙතනට එන්න” කියලා ඔහුම කියන එක හොඳයි.
8 අසල්වැසියාට විරුද්ධව නඩුවක් දාන්න ඉක්මන් වෙන්න එපා.අන්තිමේදී එයා ඔයාව ලැජ්ජාවට පත් කළොත් ඔයා මොනවාද කරන්නේ?+
9 කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම ඒක එයාත් එක්ක විතරක් කතා කරලා විසඳගන්න.+ඔයාට රහසින් කියපු දෙයක්* හෙළි කරන්න එපා.+
10 එහෙම කළොත් ඔයාට ඇහුම්කන් දෙන කෙනා ඔයාට ලැජ්ජා කරයි.ඔයා කියපු නරක කතාව* පැතිරිලා යන එක නවත්තන්නත් ඔයාට බැරි වෙයි.
11 නියම වෙලාවට කියන වචනකැටයම් කරපු රිදී බඳුන්වල තියපු රන් ඇපල් වගේ.+
12 කෙනෙක් ප්‍රඥාවන්තයා දෙන අවවාද පිළිගද්දී+ඒවා එයාට රන් කරාබුවක් වගේ. වටිනා රන් ආභරණයක් වගේ.
13 විශ්වාසවන්ත පණිවිඩකරුවෙක්අස්වැන්න නෙළන කාලයේදී සිසිලස දෙන හිම වගේ.එයා එයාගේ ස්වාමියාට අලුත් පණක් දෙනවා.+
14 තෑග්ගක් දෙනවා කියලා මහ ලොකුවට කිව්වත් ඒක දෙන්නේ නැති කෙනා+ හරියටවැසි වස්සන්නේ නැති වලාකුළු සහ සුළං වගේ.
15 අණ දෙන නිලධාරියෙක්ගේ හිත වුණත් ඉවසීමෙන් දිනාගන්න පුළුවන්.කාරුණික* වචනයකින් ඇටකටු පවා බිඳින්න පුළුවන්.+
16 මීපැණි ලැබුණොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න එපා.ඕනෑවට වඩා කෑවොත් ඒක ඔයාට වමාරන්න වෙයි.+
17 ඔයාගේ අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර යන්න එපා.එහෙම ගියොත් එයාට ඔයාව එපා වෙලා ඔයාට වෛර කරන්නත් පටන්ගනියි.
18 අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි දෙන කෙනා+ හරියටපොල්ලක්, කඩුවක් සහ තියුණු ඊතලයක් වගේ.
19 කරදරේක වැටිලා ඉද්දී, විශ්වාසය තියන්න බැරි* කෙනෙක් මත රඳා ඉන්න එක හරියටකැඩුණු දතකින් හපනවා වගේ. කොර වුණ කකුලකින් ඇවිදිනවා වගේ.
20 දුකින් ඉන්න කෙනෙක්ට ගී ගයන එක+ හරියටසීතල දවසක තමන්ගේ ඇඳුම ගලවලා දානවා වගේ.ආප්ප සෝඩාවලට විනාකිරි දානවා වගේ.
21 ඔයාගේ සතුරා* බඩගින්නේ ඉන්නවා නම් එයාට කන්න දෙන්න.එයා තිබහෙන් ඉන්නවා නම් එයාට බොන්න වතුර දෙන්න.+
22 එහෙම කරන එක හරියට එයාගේ ඔළුවට ගිනි අඟුරු ගොඩගහනවා වගේ.*+යෙහෝවාගේ ආශීර්වාදයත් ඔයාට ලැබෙයි.
23 උතුරෙන් හමන සුළඟත් එක්ක තද වර්ෂාවක් එයි.ඕපාදූප පතුරුවන එකෙන් කේන්තිය ඇවිස්සෙයි.+
24 රණ්ඩුවට බර* බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩාවහලේ මුල්ලට වෙලා ජීවත් වෙන එක හොඳයි.+
25 දුර පළාතකින් ලැබෙන හොඳ ආරංචියක්වෙහෙසට පත් වුණ කෙනෙක්ට* දෙන සිසිල් පැන් පොදක් වගේ.+
26 දුෂ්ටයාගේ බලපෑමට යටත් වෙන* ධර්මිෂ්ඨ කෙනෙක් හරියටමඩ වතුර උනන උල්පතක් වගේ. ජරා වතුර තියෙන ළිඳක් වගේ.
27 ඕනෑවට වඩා මීපැණි කන එක හොඳ නැහැ.+තමන්ටම ගෞරවය ගන්න හදන එකත් ඒ වගේ.+
28 කේන්තිය* පාලනය කරගන්න බැරි කෙනෙක්+ හරියටපවුර කඩලා බිඳලා දාපු නුවරක් වගේ.
පාදසටහන්
^ හෝ, “පිටපත් කරලා පිළිවෙළකට සකස් කළා.”
^ හෝ, “අනිත් අයගේ රහස්.”
^ හෝ, “හොඳ නම නැති කරන අදහසින් කියපු කතාව.”
^ හෝ, “මෘදු.”
^ හෝ සමහරවිට, “ද්‍රෝහිකම් කරන.”
^ මූ.අ., “ඔයාට වෛර කරන කෙනා.”
^ ඒ කියන්නේ ඒ කෙනාගේ දැඩි හිත මොළොක් කරනවා කියන එක.
^ හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”
^ හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “දුෂ්ටයා නිසා ප්‍රතිපත්ති පාවලා දෙන.”
^ හෝ, “තමන්වම.”