යෙසායා 32:1-20
32 බලන්න! ධර්මිෂ්ඨකම වෙනුවෙන් කැප වෙන+ රජෙක්+ එයි.අධිපතීන් යුක්තිය ඉටු කරමින් පාලනය කරයි.
2 ඒ හැම කෙනෙක්ම සුළඟින් මුවා වෙන්න ස්ථානයක් වගෙත්කුණාටුවෙන් සැඟවෙන්න පුළුවන් තැනක්* වගෙත් වෙයි.දිය පොදක් නැති දේශයක ගලා බහින දිය පහරවල් වගෙත්+වියළි දේශයක මහ පර්වතයකින් ලැබෙන සෙවණක් වගෙත් වෙයි.
3 එදාට ඇස් පේන අයගේ පෙනීම බොඳ වෙන්නේ නැහැ.කන් ඇහෙන අය හොඳ අවධානයකින් සවන් දෙයි.
4 හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන අය පවා අවබෝධයෙන් වැඩ කරන්න ඉගෙනගනියි.ගොතගහන අය පැහැදිලිව, දක්ෂ විදිහට කතා කරයි.+
5 අඥානයාව මින් මත්තට ත්‍යාගශීලී කෙනෙක් විදිහට ගණන් ගන්නේ නැහැ.කිසි ප්‍රතිපත්තියක් නැති කෙනෙක්ව උතුම් කෙනෙක් විදිහට සලකන්නේ නැහැ.
6 අඥානයා කිසි තේරුමක් නැති කතා කියයි.ඔහු තම හිතින් නපුරු දේ සැලසුම් කරයි.+එහෙම කරන්නේ දෙවියන්ගෙන් මිනිස්සුන්ව ඈත් කරන්නයි.* යෙහෝවා ගැන බොරු පතුරුවන්නයි.හාමතෙන් ඉන්න කෙනාට කෑම ලැබෙන එක වළක්වන්නයි.පිපාසයෙන් ඉන්න කෙනාට වතුර ලැබෙන එක වළක්වන්නයි.
7 කිසි ප්‍රතිපත්තියක් නැති කෙනාගේ උපායන් හරිම දුෂ්ටයි.+ඔහු අනිත් අයව පොලඹවන්නේ නින්දිත විදිහට වැඩ කරන්නයි.දුප්පතා ඇත්ත කියද්දීත්ඔහුට ඕනෙ බොරු කියලා ඒ අසරණයාව නැති කරලා දාන්නයි.+
8 ඒත් ත්‍යාගශීලී කෙනා ත්‍යාගශීලී වෙන්නේ හරිම කැමැත්තෙන්.ත්‍යාගශීලී වෙන්න ඔහු ගන්න උත්සාහය ඔහු අත් නොහරියි.
9 “කිසිම දෙයක් ගැන තැකීමක් නැති කාන්තාවෙනි, දැන් නැඟිටින්න! මගේ හඬට ඇහුම්කන් දෙන්න.
සැහැල්ලු ජීවිතයක් ගත කරන දියණියනි,+ මම කියන දේට සවන් දෙන්න.
10 තව අවුරුද්දකින් විතර, සැහැල්ලුවෙන් ඉන්න ඔබ බයෙන් හෙල්ලිලා යයි.මොකද මිදි නෙළන කාලය ඉවර වුණත් එක ගෙඩියක්වත් නෙළාගන්න බැරි වෙයි.+
11 කිසිම දෙයක් ගැන තැකීමක් නැති කාන්තාවෙනි, බයෙන් වෙවුලන්න!
සැහැල්ලුවෙන් ඉන්න ඔබත් බයෙන් වෙවුලන්න!
ඔබේ ඇඳුම් ගලවලා දාලාඉණ වටේ ගෝණි රෙදි ඇඳගන්න.+
12 සාරවත්ව තිබුණ කෙත්වතු දිහාත් මිදිවතු දිහාත් බලලාපපුවට ගගහා වැලපෙන්න.
13 මොකද මගේ සෙනඟගේ වතුපිටි කටු පඳුරුවලින් වැහිලා යයි.ඔවුන් සතුටින් ජීවත් වුණ හැම ගෙයක්මත්ප්‍රීතිමත් නුවරත් කටු පඳුරුවලින් වැහිලා යයි.+
14 මොකද බලකොටුව අත්හැරලා දාලා.ඝෝෂාකාරී නුවර අත්හැරලා.+
ඕෆෙල්+ සහ මුරකොටුව සදහටම පාළුවට ගිහිල්ලා.ඒවා බූරුවන් නිදැල්ලේ ඉන්න තැන් වෙලා.සත්ව රැළවල්වලට තණබිම් වෙලා.+
15 දෙවියන් ඔහුගේ බලය අපිට ලබා දෙන කල් ඒවා ඒ විදිහටම තියෙයි.+ඊටපස්සේ පාළුකරය පලතුරු උයනක් වෙයි.ඒ පලතුරු උයන ගන කැලෑවක් වගේ පෙනෙයි.+
16 එදාට පාළුකරයේ යුක්තිය රජයයි.පලතුරු උයනේ ධර්මිෂ්ඨකම වාසය කරයි.+
17 සැබෑ ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි.+සැබෑ ධර්මිෂ්ඨකම නිසා හැමෝම කිසිම බයක් සැකක් නැතුව, සුරක්ෂිතව හැමදාටම ජීවත් වෙයි.+
18 මගේ සෙනඟ සාමකාමී තැනක ජීවත් වෙයි.ඔවුන් සුරක්ෂිත නිවහන්වල නිස්කලංකව ජීවත් වෙයි.+
19 ඒත් හිම කැට වර්ෂාවකින් ගන කැලෑව සමතලා වෙයි.නුවරත් පොළොවටම සමතලා වෙයි.
20 දිය පහරවල් තියෙන හැම තැනකම බීජ වපුරන ඔබ,ගවයන්ව සහ බූරුවන්ව යවන* ඔබ සන්තෝෂවත්.”+
පාදසටහන්
^ හෝ, “රක්ෂස්ථානයක්.”
^ හෝ, “දෙවියන්ට ගරුබියක් නැතුව වැඩ කරන්න පොලඹවන්නයි.”
^ හෝ, “ගවයන්ට සහ බූරුවන්ට යන්න හරින.”