ගීතාවලිය 87:1-7
-
සියොන්, සැබෑ දෙවියන්ගේ නුවර
-
සියොන්වල ඉපදුණ අය (4-6)
-
කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+
87 දෙවියන්ගේ නුවරේ අත්තිවාරම පිහිටලා තියෙන්නේ ශුද්ධ කඳුවලයි.+
2 යාකොබ්ගේ සියලුම කූඩාරම්වලට වඩායෙහෝවා සියොන් කන්දට* ප්‍රිය කරනවා.+
3 සැබෑ දෙවියන්ගේ නුවර ගැන පුදුමාකාර දේවල් කතා වෙනවා.+ (සීලාහ්)
4 මාව හඳුනන* අය අතරේ රාහබ්+ සහ බැබිලෝනිය ඉන්නවා.පිලිස්තිය, තීර් සහ කූෂ් කියන ජාතීනුත් ඒ අතරේ ඉන්නවා.
“ඔවුන් සියොන්වල ඉපදුණ අය” කියලා මිනිසුන් කතා වෙනවා.
5 සියොන් ගැන මෙහෙමත් කතා වෙනවා.
“ඒ ජාතීන්ට අයිති හැම කෙනෙක්ම ඉපදුණේ එහෙදී.”
උසස්ම දෙවියන් ඒ නුවර ශක්තිමත්ව පිහිටුවනවා.
6 යෙහෝවා මිනිසුන්ගේ නම් එකිනෙක සටහන් කරද්දී,
“මේ කෙනා ඉපදුණේ එහෙදී” කියලා කියයි. (සීලාහ්)
7 “හැම යහපත් දෙයක්ම මට ලැබෙන්නේ ඔබෙන්”+ කියලා
ගයන අයත්+ නටන අයත්+ කියයි.