ගීතාවලිය 20:1-9
-
යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා
-
සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් සහ අශ්ව රථ ගැනයි. ‘ඒත් අපි විශ්වාසය තියන්නේ යෙහෝවාගේ නම මතයි’ (7)
-
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
20 විපත්ති කාලයේදී යෙහෝවා දෙවියන්ගෙන් ඔබට පිළිතුරු ලැබේවා!
යාකොබ්ගේ දෙවියන්ගේ නම ඔබට ආරක්ෂාවක් වේවා!+
2 ශුද්ධස්ථානයේ ඉඳන් ඔහුගෙන් ඔබට උපකාර ලැබේවා!+සියොන් ඉඳන් ඔහු ඔබව ශක්තිමත් කරනු ලැබේවා!+
3 ඔබ ඔප්පු කරපු තෑගි පූජා ඔහු සිහි කරනු ලැබේවා!ඔබේ දවන පූජා ඔහු සතුටින් පිළිගනු ලැබේවා! (සීලාහ්)
4 ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කර දෙනු ලැබේවා!+ඔබේ සැලසුම් සියල්ල ඔහු සාර්ථක කරනු ලැබේවා!
5 ඔබ ලබා දුන්න ගැලවීම නිසා අපි ප්‍රීති ඝෝෂා නඟනවා.+අපේ දෙවියන්ගේ නම අපි ගෞරවයට පත් කරනවා.+
යෙහෝවා ඔබේ හැම ඉල්ලීමක්ම ඉටු කර දෙනු ලැබේවා!
6 යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා කියලා මම දැන් දන්නවා.+
දෙවියන් තමන්ගේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඔහුට උත්තර දෙනවා.තමන්ගේ දකුණතින් පුදුම දේවල් කරලා ගැලවීම* ලබා දෙනවා.+
7 සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් මතයි. තවත් අය විශ්වාස කරන්නේ අශ්ව රථ ගැනයි.+ඒත් අපි විශ්වාසය තියන්නේ අපේ දෙවි යෙහෝවාගේ නම මතයි.*+
8 ඔවුන් පරාජය වෙලා වැටිලා ගියා.ඒත් අපි ධෛර්යය වඩවගෙන ආයෙත් නැඟිට්ටා.+
9 අනේ යෙහෝවා, රජව බේරගන්න!+
අපි උදව් ඉල්ලන දවසේදී දෙවියන්* නිසැකවම අපිට උත්තර දෙනවා.+