ගීතාවලිය 137:1-9
137 බැබිලෝනියේ ගංඉවුරුවල+ වාඩි වෙලා
සියොන් ගැන මතක් කරකර අපි ඇඬුවා.+
2 එහේ* තිබුණ ගස්වල*අපි අපේ වීණා එල්ලලා තිබ්බා.+
3 අපිව වහලුන් කරගත්ත අය අපිට ගීයක් ගයන්න කිව්වා.+අපිට සමච්චල් කරන අය ඔවුන්ගේ විනෝදය වෙනුවෙන්
“සියොන්වල ගීයක් ගයන්න” කියලා අපිට කිව්වා.
4 යෙහෝවාට ගයන ගීයක් වෙනත් දේශයක ඉඳන්අපි කොහොම ගයන්නද!
5 අනේ යෙරුසලම, මට ඔබව අමතක වුණොත්මගේ දකුණතින් කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න ඕනේ!*+
6 යෙරුසලම, මට ඔබව සිහි වෙන්නේ නැත්නම්,මම ඔබව මගේ ජීවිතේ ලොකුම සතුට+ කරගත්තේ නැත්නම්මගේ දිව උඩු තල්ලේ ඇලෙන්න ඕනේ!
7 අනේ යෙහෝවා, යෙරුසලම වැටුණ දවසේඒදොම්වරු කියපු මේ දේ අමතක කරන්න එපා.
“ඒක කඩලා බිඳලා දාන්න! ඒක පොළොවටම සමතලා කරන්න!”+
8 ඉක්මනින්ම විනාශ වෙන්න යන බැබිලෝනිය දියණියනි,+ඔබ අපිට සලකපු විදිහටම ඔබටත් සලකන+තැනැත්තා සන්තෝෂවත්.
9 ඔබේ දරුවන්ව පැහැරගෙනඔවුන්ව ගලේ ගහලා මරලා දාන තැනැත්තා සන්තෝෂවත්.+
පාදසටහන්
^ ඒ කියන්නේ බැබිලෝනියේ.
^ හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ මැදපෙරදිග රටවල ගංඉවුරුවල සාමාන්‍යයෙන් වැඩෙන ගහක්. ඉංග්‍රීසියෙන් පොප්ලර්.
^ හෝ සමහරවිට, “දකුණත පණ නැති වෙන්න ඕනේ!”