ගීතාවලිය 132:1-18
කන්ද නඟිද්දී ගයන ගීයක්.
132 යෙහෝවා දෙවියනි, දාවිත්ව සිහි කරන්න.ඔහු අද්දැක්ක හැම පීඩාවක්ම මතක් කරගන්න.+
2 ඔහු යෙහෝවාට දිවුරලා කියපු දේ සිහි කරන්න.ඔහු යාකොබ්ගේ බලවත් දෙවියන්ට වුණ මේ පොරොන්දුව මතක් කරගන්න.+
3 “මගේ කූඩාරමට, මගේ නිවසට මම ඇතුල් වෙන්නේ නැහැ.+
මගේ ඇඳට ගිහින් හාන්සි වෙන්නේ නැහැ.
4 මං මගේ ඇස් පියාගන්නේ නැහැ.නින්දට මගේ ඇස් ළඟටවත් එන්න දෙන්නේ නැහැ.
5 යෙහෝවා වෙනුවෙන් තැනක් වෙන් කරන කල්,යාකොබ්ගේ බලවත් දෙවියන් වෙනුවෙන් අලංකාර ගෘහයක්* හදන්න තැනක් වෙන් කරන කල්මම ඒ විදිහට ඉන්නවා.”+
6 අපිට ඒක* ගැන එෆ්‍රාතාවලදී+ ආරංචි වුණා.කැලෑ ප්‍රදේශයක තියෙන තණබිම්වලදී ඒක අපිට හම්බ වුණා.+
7 අපි දෙවියන්ගේ ගෘහයට* ඇතුල් වෙමු.+ඔහුගේ පා පුටුව ඉස්සරහා වැඳ වැටෙමු.+
8 යෙහෝවා දෙවියනි, නැඟිටලා ඔබේ වාසස්ථානයට එන්න.+ඔබේ බලය නියෝජනය කරන ගිවිසුම් පෙට්ටිය එක්ක ඔබත් එන්න.+
9 ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම කියන ඇඳුමෙන් සැරසී සිටීවා!ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා!
10 ඔබේ සේවක දාවිත්ට දුන්න පොරොන්දුව නිසාඔබේ අභිෂේක ලත් තැනැත්තාව ප්‍රතික්ෂේප කරන්න එපා.+
11 යෙහෝවා දාවිත්ට දිවුරලා පොරොන්දුවක් වුණා.ඔහු ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ.
ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි.“ඔබෙන් පැවතෙන කෙනෙක්ව මම ඔබේ සිංහාසනයේ ඉන්දවනවා.+
12 ඔබේ පුතුන් මගේ ගිවිසුම රකිනවා නම්මං දෙන සිහිගැන්වීම්වලට කීකරු වෙනවා නම්,+ඔවුන්ගේ පුතුන්ටත් සදහටමඔබේ සිංහාසනයේ ඉඳගන්න ලැබෙනවා.”+
13 යෙහෝවා සියොන් තෝරගත්තා.+ඒක තමන්ගේ නිවහන කරගන්න ඔහු ආශාවෙන් ඉන්නවා.+
14 “ඒක සදහටම මගේ නිවහන වෙනවා.මගේ ආශාව හැමදාටම එහේ වාසය කරන්නයි.+
15 ඕන කරන හැම දේම දීලා මං ඒ නගරෙට නොඅඩුව ආශීර්වාද කරනවා.එහේ ඉන්න දුප්පතුන්ට ආහාර දීලා ඔවුන්ව තෘප්තිමත් කරනවා.+
16 ඒකේ ඉන්න පූජකයන්ව මම ගැලවීම කියන ඇඳුමෙන් සරසනවා.+එහේ ඉන්න මගේ විශ්වාසවන්ත සේවකයෝ සතුටින් කෑගහයි.+
17 දාවිත්ගේ ශක්තිය* මම තව තවත් වැඩි වෙන්න සලස්වනවා.
මගේ අභිෂේක ලත් තැනැත්තා වෙනුවෙන් මම පහනක් සූදානම් කරලා තියෙනවා.*+
18 මම ඔහුගේ සතුරන්ට ලැජ්ජාව කියන ඇඳුම අන්දවනවා.ඒත් ඔහුගේ පාලනය* නම් තව තවත් සාර්ථක වෙයි.”+
පාදසටහන්
^ හෝ, “තේජවත් කූඩාරමක්.”
^ පේන විදිහට මෙතන කතා කරන්නේ ගිවිසුම් පෙට්ටිය ගැනයි.
^ හෝ, “තේජවත් කූඩාරමට.”
^ මූ.අ., “අඟ.”
^ හෝ, “මගේ අභිෂේක ලත් තැනැත්තාගේ පෙළපත සුරකින්න මම පියවර ගත්තා.”
^ මූ.අ., “ඔටුන්න.”