ගීතාවලිය 129:1-8
-
විරුද්ධවාදිකම් කළත් පරද්දන්න බැරි වුණා
-
සියොන්ට වෛර කරන හැමෝම ලැජ්ජාවට පත් වෙලා (5)
-
කන්ද නඟිද්දී ගයන ගීයක්.
129 “මගේ යොවුන් වියේ ඉඳන්ම ඔවුන් දිගින් දිගටම මට විරුද්ධවාදිකම් කරනවා.”+
(ඊශ්‍රායෙල් සෙනඟෙනි, දැන් ඔබත් මෙහෙම කියන්න.)
2 “මගේ යොවුන් වියේ ඉඳන්ම ඔවුන් දිගින් දිගටම මට විරුද්ධවාදිකම් කරනවා.+ඒත් ඔවුන්ට මාව පරද්දන්න බැරි වුණා.+
3 කෙතක් හානවා වගේ ඔවුන් මගේ පිට හාරගෙන ගියා.+ඔවුන් හාරපු පාරවල් මගේ පිට පුරාම තියෙනවා.”*
4 ඒත් යෙහෝවා ධර්මිෂ්ඨයි.+දුෂ්ටයන් බැඳපු කඹ ඔහු කපලා දැම්මා.+
5 සියොන්ට වෛර කරන හැමෝටමලැජ්ජාවට පත් වෙලා පලා යන්න වෙයි.+
6 ඔවුන් උගුල්ලන්නත් කලින් වේළිලා යන,වහලේ* උඩ වැවෙන තණකොළ වගේ වෙයි.
7 අස්වැන්න නෙළන අයට ඒවායින් එක මිටක් අතට ගන්නවත්මිටි එකතු කරන්නාට ඒවායින් එක මිටක් එකතු කරගන්නවත් ලැබෙන්නේ නැහැ.
8 ඔවුන්ව පහු කරගෙන යන කවුරුවත් කවදාවත් මෙහෙම කියන්නේ නැහැ.
“යෙහෝවාගේ ආශීර්වාදය ඔබට ලැබේවා!යෙහෝවාගේ නමින් අපි ඔබට ආශීර්වාද කරනවා!”
පාදසටහන්
^ පේන විදිහට මෙතන කතා කරන්නේ සතුරන් දරුණු විදිහට කරපු හිංසා පීඩා ගැන.
^ හෝ, “පැතලි වහලේ.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.