ගීතාවලිය 128:1-6
කන්ද නඟිද්දී ගයන ගීයක්.
128 යෙහෝවා ගැන ගරුබියක් තියෙන,+ඔහු පෙන්වන මාර්ගයේ යන හැමෝම ඉන්නේ සතුටින්.+
2 ඔබේ දෑතේ මහන්සියෙන් හම්බ කරපු දෙයින් ඔබ කාලා බීලා සතුටු වෙයි.
ඔබට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ලැබෙයි.+
3 ඔබේ නිවසේ ඉන්න ඔබේ බිරිඳ හොඳින් පල දරන මිදිවැලක් වගේ වෙයි.+ඔබේ මේසේ වටේ ඉන්න ඔබේ දරුවෝ ඔලීව ගහක රිකිලි වගේ වෙයි.
4 යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක්ටආශීර්වාද ලැබෙන්නේ ඒ විදිහටයි.+
5 සියොන්වල ඉඳන් යෙහෝවා ඔබට ආශීර්වාද කරයි.
යෙරුසලමට ආශීර්වාද ලැබෙන විදිහඔබේ ජීවිත කාලේ පුරාම ඔබට දකින්න ලැබේවා!+
6 ඔබේ දරුවන්ගේ දරුවන්වත් ඔබට දකින්න ලැබේවා!
ඊශ්‍රායෙල්ට සමාදානය ලැබේවා!