ගීතාවලිය 115:1-18
115 යෙහෝවා දෙවියනි, ගෞරවය ලැබෙන්න ඕනෙ අපිට නෙවෙයි ඔබටයි!ඒ නිසා ඔබේ නම ගෞරවයට පත් කරන්න.+ඔබේ නොසැලෙන ආදරේ නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත් එහෙම කරන්න.+
2 “කෝ ඔවුන්ගේ දෙවියන්” කියලා අහන්න
ඔබ වෙනත් ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+
3 අපේ දෙවියන් ඉන්නේ ස්වර්ගයේ.ඔහු තමන් කැමති ඕනෙම දෙයක් කරනවා.
4 ඒත් ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප හදලා තියෙන්නේ රන් රිදීවලින්.මිනිසුන්මයි ඒවා හදලා තියෙන්නේ.+
5 ඒවාට කටවල් තිබුණත් කතා කරන්න බැහැ.+ඇස් තිබුණත් පේන්නේ නැහැ.
6 ඒවාට කන් තිබුණත් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ.නහයක් තිබුණත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ.
7 ඒවාට අත් තියෙනවා. ඒත් කිසි දෙයක් අල්ලන්න බැහැ.කකුල් තියෙනවා. ඒත් ඇවිදින්න බැහැ.+උගුරෙන් කිසිම හඬක් පිට වෙන්නෙත් නැහැ.+
8 ඒවා හදන අයත් ඒවා ගැන විශ්වාසය තියන අයත්+අන්තිමේදී ඒ රූප වගේම වෙනවා.+
9 ඊශ්‍රායෙල්, යෙහෝවාව විශ්වාස කරන්න.+ඔබේ උදව්වට එන්නේ ඔහුයි. ඔබේ පලිහත් ඔහුයි.+
10 ආරොන්ගෙන් පැවතෙන්නෙනි,+ යෙහෝවාව විශ්වාස කරන්න.ඔබේ උදව්වට එන්නේ ඔහුයි. ඔබේ පලිහත් ඔහුයි.
11 යෙහෝවා ගැන ගරුබියක් තියෙන තැනැත්තෙනි, යෙහෝවාව විශ්වාස කරන්න.+ඔබේ උදව්වට එන්නේ ඔහුයි. ඔබේ පලිහත් ඔහුයි.+
12 යෙහෝවාට අපිව මතකයි. ඔහු අපිට ආශීර්වාද කරනවා.ඔහු ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ට ආශීර්වාද කරනවා.+ආරොන්ගෙන් පැවතෙන්නන්ටත් ආශීර්වාද කරනවා.
13 යෙහෝවා ඔහු ගැන ගරුබියක් තියෙනලොකු කුඩා හැමෝටම ආශීර්වාද කරනවා.
14 යෙහෝවා ඔබටත් ඔබේ දරුවන්ටත්*දරු සම්පතින් ආශීර්වාද කරලා ඔබේ ගණන වැඩි කරනවා.+
15 අහසත් පොළොවත් නිර්මාණය කරපු+යෙහෝවාගෙන් ඔබට ආශීර්වාද ලැබේවා!+
16 ස්වර්ගය අයිති යෙහෝවාටයි.+ඒත් ඔහු පොළොව දුන්නේ මිනිසුන්ටයි.+
17 මිය ගිය අය යාහ්ට ප්‍රශංසා කරන්නේ නැහැ.+මරණ නින්දේ ඉන්න අයට* ඔහුට ප්‍රශංසා කරන්න බැහැ.+
18 ඒත් අපි යාහ්ට ප්‍රශංසා කරනවා.දැනුත් සදහටමත් අපි ඔහුට ප්‍රශංසා කරනවා.
ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*
පාදසටහන්
^ මූ.අ., “පුතුන්ටත්.”
^ මූ.අ., “මරණ නින්දේ නිහඬව ඉන්න අයට.”
^ හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.