Skip to content

පටුනට යන්න

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

පරිවාරකයෝ පරිවාරකයන්ව පත් කරලා තියෙන්නේ ඔබට උදව් කරන්නයි. වාහන නවත්වද්දී, රැස් වෙලා ඉන්න අයට මඟ පෙන්වද්දී, ආසන වෙන් කරද්දී සහ වෙනත් කාරණාවලදී ඔවුන්ට සම්පූර්ණ සහයෝගය දෙන්න.

බව්තීස්මය බව්තීස්ම වෙන අයට වේදිකාවේ ඉදිරිපස පුටු වෙන් කරලා තියෙනවා. යම් වෙනසක් කරනවා නම් ඒ ගැන දැනුම් දෙයි. ඔවුන් සෙනසුරාදා උදෑසන බව්තීස්ම දේශනය පටන්ගන්න කලින් ඒ පුටුවල වාඩි වෙලා ඉන්න ඕනේ. තුවායක් සහ විනීත ඇඳුමක් අරගෙන එන්න.

සම්මාදම් ප්‍රමාණවත් පුටු, ශබ්ද විකාශන, වීඩියෝ උපකරණ සහ වෙනත් බොහෝ සේවාවන් අපට ලබා දෙන්නේ සමුළුවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන දෙවියන්ට ළං වෙන්නයි. ඒ වෙනුවෙන් දරන වියදම් පියවගන්න ලෝක ව්‍යාප්ත සේවය සඳහා ඔබ ලබා දෙන ස්වේච්ඡා සම්මාදම් උදව් වෙනවා. ඔබගේ පහසුව සඳහා පැහැදිලිව ලකුණු කර ඇති සම්මාදම් පෙට්ටි ශාලාවේ තැනින් තැන තියලා තියෙනවා. කැමති නම් donate.jw.org වෙබ් අඩවිය හරහාත් සම්මාදම් කරන්න පුළුවන්. ඔබ කරන හැම සම්මාදමක්ම හුඟක් අගය කරනවා. රාජ්‍යයේ වැඩකටයුතුවලට ඔයාලා දෙන සහයෝගයට පාලක මණ්ඩලය හුඟක් ස්තුතිවන්ත වෙනවා.

ප්‍රථමාධාර මෙය හදිසි අවස්ථාවන් සඳහා පමණක් බව මතක තියාගන්න.

නැති වූ භාණ්ඩ ඔබට අයිති නැති දෙයක් හම්බ වුණොත්, නැති වූ භාණ්ඩ අංශයට භාර දෙන්න. ඔබ සතු දෙයක් නැති වුණා නම් මේ අංශයට ගිහින් ඒක ලැබිලා තියෙනවාද කියලා හොයලා බලන්න. දෙමව්පියන්ව හොයාගන්න බැරුව අතරමං වුණ දරුවන්වත් මෙම අංශයට භාර දෙන්න පුළුවන්. ඒත් මේ අංශය ළමාගාරයක් ලෙස සලකන්න එපා. ඔබේ දරුවන්ව පරෙස්සමින් බලාගන්න එක ඔබේ වගකීමයි.

පුටු අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. පුටු වෙන් කරන්න පුළුවන් ඔබ එක්ක වාහනයෙන් එන අයට, ඔබේ නිවසේ ඉන්න අයට හෝ ඔබ එක්ක බයිබලය පාඩම් කරන අයට විතරයි කියලා මතක තියාගන්න. ඔබ පුටු වෙන් කරලා නැත්නම් ඒවායේ බඩු තියන්න එපා.

ස්වේච්ඡා සේවය සමුළුවට සම්බන්ධ වැඩවලට සහාය වෙන්න ඔබ කැමති නම් තොරතුරු සහ ස්වේච්ඡා සේවා අංශයට දැනුම් දෙන්න.

අමතර රැස්වීම

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල සේවය වැඩි කිරීමට කැමති, අවුරුදු 23ත් 65ත් අතර පුරෝගාමීන්ට පුළුවන් ඒ පාසැලට අයදුම් කරන අය සඳහා ඉරිදා දහවල් පවත්වන රැස්වීමට සහභාගි වෙන්න. ඒක පවත්වන වෙලාව සහ තැන නිවේදනය කරයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විසින් සැලසුම් කර ඇත

© 2020 Watch Tower Bible and Tract Society of Pennsylvania