ජෝර්ජියාව
දෙවිගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවා
ටමෑසි බිබ්ලායා
-
ඉපදුණේ 1954
-
බව්තීස්ම වුණේ 1982
-
තොරතුරු රහසිගතව කළ මුද්‍රණ වැඩවලට උදව් කළ කෙනෙක්. දරුවන් හතරදෙනෙක්ව රැකබලා ගන්න ගමන් සංචාරක සේවකයෙක් විදිහටත් සේවය කළා.
මමයි, මගේ බිරිඳයි සාක්ෂිකරුවන් වුණාම මගේ අම්මා ඒකට හුඟක් විරුද්ධ වුණා. නෑදෑයන් මාර්ගයෙනුත් අපේ තීරණය වෙනස් කරන්න හැදුවා. වෙනස් වෙන්නේ නැත්නම් ගෙදරින් යන්න කියලා අම්මා කිව්වා.
ගමෙන් පිට වෙලා කුටයිසිවලට යනවාද නැද්ද කියලා මං කල්පනා කළා. එහේ රස්සාවක් හොයාගන්න ලේසියි. ඒ වගේම ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාවක් තියෙනවා කියලත් මම දැනන් හිටියා. ඒ නිසා තීරණයක් ගන්න උදව් ඉල්ලලා මම දෙවිට යාච්ඤා කළා.
දවසක් මාත් එක්ක පාඩම් කරන කෙනෙක් මම කුටයිසිවලට යන්න හිතාගෙන ඉන්නවා කියලා දැනගෙන මෙහෙම කිව්වා. “එහේ යන්න එපා. ජ්වාරිවලට එන්න. අපේ ගෙදර ඔයාලාට නතර වෙන්නත් පුළුවන්. අපේ ගෙදර කාමර දෙකක් තියෙනවා. අපි එක කාමරයක ඉන්නම්. ඔයාලාට පුළුවන් අනිත් කාමරේ ඉන්න.”
ඒක දෙවි මට මඟ පෙන්වන විදිහක්ද කියලා මං කල්පනා කළා. ඒත් මට හැමදාම එයාගේ ගෙදර නැවතිලා ඉන්න බැරි නිසා රස්සාවකුයි,
ඉන්න තැනකුයි හොයාගන්න පුළුවන් වුණොත් ජ්වාරිවලට එන්නම් කියලා මම එයාට කිව්වා. පුදුමේ කියන්නේ එදා හවසම එයා රස්සාවල් කිහිපයක් ගැන තොරතුරුත් හොයාගෙන මාව බලන්න ආවා.දවස් කිහිපයකට පස්සේ අපි ජ්වාරිවල පදිංචියට ගියා. පළවෙනි දවසේම හොඳ පඩියකුයි, ලොකු ගේකුයි එක්ක රස්සාවක් ලැබුණා. ටික දවසක් ගියාම අපේ පොත් පත් රහසිගතව මුද්‍රණය කරන වැඩවලට මට උදව් කරන්න පුළුවන්ද කියලා සහෝදරයන් ඇහුවා. මමයි, මගේ බිරිඳයි අපේ ගෙදරම ඒක කරන්න කැමති වුණා.
අවුරුදු ගාණක් යන කල් අපේ ගෙදර තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම වගේ විශේෂ අවස්ථාවලදී රැස් වුණේ. අපේ ගෙදර 500කට වඩා වැඩිදෙනෙක් බව්තීස්ම වෙලා තියෙනවා. මං ගත්ත තීරණයට දෙවි ආශීර්වාද කළා. ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා.