11වන පාඩම
දෙවියන් දීලා තියෙන ආඥා පිළිපදින එක ප්‍රයෝජනවත්ද?
1. අපිට දෙවියන්ගේ ආඥා අවශ්‍ය ඇයි?
හැම දරුවෙක්ටම පුංචි කාලේ ඉඳලා හරි වැරැද්ද ගැන කියලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි දෙමාපියන් එක එක නීති දාන්නේ. ඒකෙන් හොඳක් වෙන්නේ දරුවන්ටමයි. අපිටත් අපේ ජීවිත සාර්ථක කරගන්න දෙවියන්ගේ ආඥා ඕනේ. (යෙසායා 48:17, 18) ඔහුගේ උදව් නැතුව හරි වැරැද්ද අතර වෙනස අඳුනගන්න අපිට බැහැ. (යෙරෙමියා 10:23) දෙවියන් දීලා තියෙන ආඥා පිළිපැද්දොත් අපිට යහපතක් වෙනවා කියලා ස්ථිරයි. මොකද යෙහෝවා දෙවි අපිට වඩා ගොඩක් ප්‍රඥාවන්තයි. ඔහු ආදරණීය තාත්තා කෙනෙක් වගේ අපි ගැන සැලකිලිමත්.—2 තිමෝති 3:16 කියවන්න.
දෙවියන් දීලා තියෙන ආඥා පිළිපැද්දොත් අපේ ජීවිත අර්ථවත් විදිහට ගත කරන්න පුළුවන්. අනාගතයේදී සදාකාල ජීවනය ලබාගන්නත් පුළුවන් වෙනවා. යෙහෝවා දෙවි අපේ නිර්මාතෘ නිසා අපිට ආඥා දෙන්න ඔහුට අයිතියක් තියෙනවා. ඔහු ඒ වගේ ආඥා දීලා තියෙන එක ගැන අපි ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ.—ගීතාවලිය 19:7, 11; එළිදරව් 4:11 කියවන්න.
2. දෙවියන් දීලා තියෙන ආඥා මොනවාද?
සමහරක් කාරණාවලදී අපි කරන්න ඕනේ මොනවාද නොකරන්න ඕනේ මොනවාද කියලා දෙවියන් කෙළින්ම කියනවා. (ද්විතීය කතාව 22:8) ඒත් බයිබලයේ හැම දෙයක්ම ඒ විදිහට කෙළින්ම කියන්නේ නැහැ. සමහරක් අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා බයිබලය හොඳින් කියවලා ඒකේ තියෙන තොරතුරු තේරුම් අරගෙන කරන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරන්න. (හිතෝපදේශ 2:10-12) උදාහරණයකට ජීවිතය දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒක අපි හොඳින් තේරුම් අරං ඉන්නවා නම් අපේ ජීවිතයටවත් අනිත් අයගේ ජීවිතවලටවත් අනතුරක් වෙන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ.—ක්‍රියා 17:28 කියවන්න.
3. ප්‍රධානම ආඥා දෙක මොනවාද?
ඒවා මොනවාද කියලා යේසුස් කිව්වා. යෙහෝවා දෙවිට ප්‍රේම කරන එක තමයි පළමුවෙනි ආඥාව. ඒකට දෙවියන්ව දැන හිතෝපදේශ 3:6) ඒ ආඥාව පිළිපදින අයට දෙවියන්ගේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ජීවිතය සතුටින් ගත කරන්නත් සදාකාල ජීවනය ලබාගන්නත් පුළුවන් වෙනවා.—මතෙව් 22:36-38 කියවන්න.
හඳුන ගන්න එක, ඔහුට විශ්වාසවන්තව සේවය කරන එක ඇතුළත්. ඇත්තටම අපි ජීවත් වෙන්න ඕනෙත් ඒ දේ කරන්නයි. අපි මොන දේ කළත් ඒ ආඥාව මතක තියාගන්න ඕනේ. (අනිත් අයට ප්‍රේම කරන එක තමයි දෙවෙනි ආඥාව. ඒක පිළිපදිනවා නම් අපිට හැමෝම එක්ක හොඳින් ඉන්න පුළුවන් වෙනවා. (1 කොරින්ති 13:4-7) ඒ වගේම යෙහෝවා දෙවි වගේ අනිත් අයට ප්‍රේම කරන්නත් අපිට පුළුවන් වෙනවා.—මතෙව් 7:12; 22:39, 40 කියවන්න.
4. දෙවියන් දීලා තියෙන ආඥා පිළිපදින එක ප්‍රයෝජනවත්ද?
විවාහ වෙලා ඉන්න අයට දෙවියන් ආඥා කරලා තියෙන්නේ විවාහ බැඳීම හැමදාටම තියාගන්න කියලයි. ඒ ආඥාවට කීකරු වුණොත් විවාහ වෙලා ඉන්න දෙන්නට විතරක් නෙමෙයි, දරුවන්ටත් ඒක ලොකු ආරක්ෂාවක්. බයිබලයේ තියෙන ආඥාවලට කීකරු වෙද්දී පවුලේ සාමාජිකයන් අතරේ එකමුතුකමත් වැඩි වෙනවා.—කොලොස්සි 3:12-14.—උත්පත්ති 2:24 කියවන්න.
දෙවියන්ගේ ආඥා පිළිපදින එකෙන් අපිට තවත් ප්‍රයෝජන තියෙනවා. බයිබලයේ කියන්නේ නිතරම අවංකව, කඩිසරව වැඩ කරන්න කියලයි. අපි එහෙම කරද්දී රැකියාවන් හොයාගන්නත් තියෙන රැකියාව රැකගන්නත් පුළුවන්. අද ගොඩක් රැකියාවලට හොයන්නේ අවංක, කඩිසර අයවයි. (හිතෝපදේශ 10:4, 26; හෙබ්‍රෙව් 13:18) අපිට දැනටමත් තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න කියලත් දෙවියන් ආඥා කරලා තියෙනවා. ඒ වගේම දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම අපේ ජීවිතේ වැදගත්ම දේ හැටියට සලකන්න කියලත් ඔහු පවසනවා. අපි ඒවාට කීකරු වෙනවා නම් මනස නිරවුල්ව තියාගන්න පුළුවන්.—මතෙව් 6:24, 25, 33; 1 තිමෝති 6:8-10 කියවන්න.
දෙවියන්ගේ ආඥා පිළිපදින එක අපේ සෞඛ්‍යයටත් හොඳයි. (හිතෝපදේශ 14:30; 22:24, 25) ඔහු ආඥා කරලා තියෙනවා සීමාව ඉක්මවලා මත්පැන් බොන්න එපා කියලා. බරපතළ ලෙඩ හදාගන්නේ නැතුව ඉන්නත් අනතුරු වළක්වගන්නත් ඒ නිසා අපිට පුළුවන්. (හිතෝපදේශ 23:20) ඒකෙන් අදහස් කරන්නේ මත්පැන් බොන එක දෙවියන් තහනම් කරලා තියෙනවා කියලා නෙමෙයි. සීමාව ඉක්මවලා බොන එක තමයි වැරදි. (ගීතාවලිය 104:15; 1 කොරින්ති 6:10) දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙද්දී අපේ සිතුවිලි ආරක්ෂා කරගන්නත් පුළුවන්. (ගීතාවලිය 119:97-100) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔහු දීලා තියෙන ආඥාවලට කීකරු වෙන්නේ ඒකෙන් ප්‍රයෝජන ලැබෙන නිසාම නෙමෙයි. ඒකෙන් අපේ දෙවියන්ට ලොකු ගෞරවයක් ලැබෙන නිසයි.—මතෙව් 5:14-16 කියවන්න.