5වන කොටස
මහා ජලගැල්මේදී දිවි ගලවාගත්තේ කවුද?
නෝවාගේ කාලයේ සිටි ගොඩක් අය නරක දේවල් කළා. උත්පත්ති 6:5
ආදම් සහ ඒවට දරුවන් ලැබුණු පසු ජනයාගෙන් පොළොව පිරෙන්න පටන්ගත්තා. මේ අතරතුර තවත් දේවදූතයන් සාතන් සමඟ එකතු වුණා.
ඔවුන් මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණ, ස්ත්‍රීන් සමඟ විවාහ වුණා. දේවදූතයන් නිසා එම ස්ත්රීන්ට ලැබුණේ අසාමාන්‍ය ලෙස බලවත් පුත්‍රයන්.
ඒ නිසා දුෂ්ට මිනිසුන්ගෙන් මුළු පොළොවම පිරී ගියා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ අතර ඔවුන්ගේ සිත් නිතරම යොමු වී තිබුණේ නපුරු දේටමයි.’
උත්පත්ති 6:13, 14, 18, 19, 22
නෝවා, දෙවිට කීකරු වී නැවක් සෑදුවා.නෝවා යහපත් මිනිසෙක්. ඒ සමාජයේ සිටි දුෂ්ට මිනිසුන්ව මහත් ජලගැල්මකින් විනාශ කරන බව යෙහෝවා දෙවි නෝවාට පැවසුවා.
විශාල නැවක් සාදා ඔහුගේ පවුලේ අයවත් සියලුම වර්ගවල සතුන්වත් ඒ නැවට ඇතුල් කරන්න කියා දෙවි නෝවාට කිව්වා.
නෝවා ඒ ජලගැල්ම ගැන ජනයාට අනතුරු ඇඟෙව්වත් ඔවුන් ඊට සවන් දුන්නේ නැහැ. සමහර අය ඔහුට සිනාසුණා. තවත් අය ඔහුට වෛර කළා.
නැව සාදා අවසන් වූ පසු නෝවා සතුන්ව ඒ නැවට ඇතුල් කළා.