Skip to content

මේ ලෝකේ පාලනය කරන්නේ කවුද?

මේ ලෝකේ පාලනය කරන්නේ කවුද?

ඔයා හිතන විදිහට . . .

  • දෙවියන්ද?

  • මිනිස්සුද?

  • වෙන කවුරු හරිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

මේ මුළු ලෝකයම යක්ෂයාගේ බලපෑමට අහු වෙලා ඉන්නවා.”—1 යොහන් 5:19, ‘නව ලොව පරිවර්තනය.’

“දෙවියන්ගේ පුතා ආවේ යක්ෂයාගේ ක්‍රියා නැත්තටම නැති කරලා දාන්නයි.”—1 යොහන් 3:8.

ඒක විශ්වාස කරද්දී ලැබෙන ප්‍රයෝජන

ලෝකේ මෙච්චර ප්‍රශ්න ඇති වෙන්න හේතුව තේරුම්ගන්න පුළුවන්.—එළිදරව් 12:12.

ඉස්සරහට ලෝකෙට හොඳ කාලයක් එනවා කියලා විශ්වාස කරන්න හොඳ හේතුවක් ලැබෙනවා.—1 යොහන් 2:17.

බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. හේතු තුනක් බලන්න.

  • යක්ෂයාගේ පාලනය වැඩි කල් තියෙන්නේ නැහැ. “යක්ෂයාව නැති කරලා දානවා” කියලත් යක්ෂයා මේ ලෝකෙට කරලා තියෙන හැම හානියක්ම හරිගස්සනවා කියලත් දෙවියන් පොරොන්දු වෙනවා.—හෙබ්‍රෙව් 2:14.

  • ඉස්සරහට ලෝකේ පාලනය කරන්න දෙවියන් තෝරගෙන තියෙන්නේ යේසුස්ව. දැන් ලෝකේ පාලනය කරන දුෂ්ට පාලකයාට වඩා යේසුස් හාත්පසින්ම වෙනස්. යේසුස් මේ ලෝකේ පාලනය කරද්දී ඔහු ‘අසරණ අයටත් දුප්පත් අයටත් අනුකම්පා කරනවා’ කියලත් ‘කුරිරු දේවල් කරන අයගෙන් එයාලව මුදවගන්නවා’ කියලත් දෙවියන් පොරොන්දු වෙනවා.—ගීතාවලිය 72:13, 14.

  • දෙවියන්ට බොරු කියන්න බැහැ. “දෙවියන්ට කවදාවත් බොරු කියන්න බැහැ” කියලා බයිබලයේ කියනවා. (හෙබ්‍රෙව් 6:18) යෙහෝවා දෙවියන් පොරොන්දුවක් දුන්නොත් කවදාවත් ඒක ඉටු නොවී තියෙන්නේ නැහැ. (යෙසායා 55:10, 11) ඒ නිසා ඔහු අනිවාර්යයෙන්ම “මේ ලෝකයේ පාලකයාව එළවලා දානවා” කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.—යොහන් 12:31.

මේ ගැන හිතන්න

මේ ලෝකේ පාලකයාව අයින් කළාට පස්සේ මොන වගේ කාලයක් තියෙයිද?

ඒකට උත්තරේ බයිබලයේ ගීතාවලිය 37:10, 11 සහ එළිදරව් 21:3, 4 තියෙනවා.