යාළු වෙන්න කාලේ හරිද?
1වෙනි පරිච්ඡේදය
යාළු වෙන්න කාලේ හරිද?
“මගේ යාළුවෝ හැමෝටම වගේ කොල්ලෙක් ඉන්නවා. දැක්කාම හිත ඇදිලා යන කොල්ලොත් ඕන තරම්. මටත් හිතෙනවා ඒ එක් කෙනෙක් එක්ක යාළු වෙන්න.”—විට්නි.
“සමහර කෙල්ලෝ ඇවිල්ලා කෙළින්ම යාළු වෙන්න අහනවා. මටත් හිතෙනවා ඉතින් හා කියන්න. හැබැයි ගෙදරින් තමයි ප්‍රශ්නේ.”—ෆිලිප්.
ළාබාල වයසේම ගැහැනු ළමයෙකුගේ හිත පිරිමි ළමයෙකුටත් පිරිමි ළමයෙකුගේ හිත ගැහැනු ළමයෙකුටත් ඇදිලා යන්න පුළුවන්. ඒ ආකර්ෂණය හරිම ප්‍රබලයි. ජෙනිෆර් කියන යෞවනිය කිව්වේ එයාට පිරිමි ළමයෙක්ව යාළු කරගන්න ආස හිතුණේ අවුරුදු 11දී කියලයි. “මට විතරක් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති නිසා ඉස්කෝලේදී මට හරි අමුත්තක් දැනෙනවා” කියලා බ්‍රිට්නි කිව්වා.
යාළු වෙන්න කාලේ හරි කියලා ඔයාටත් හිතෙනවාද? ඒ වගේ දෙයක් දැන්ම පටන්ගන්න එක නුවණට හුරුද නැද්ද කියලා බලන්න ඉස්සෙල්ලා අපි තව වැදගත් කාරණයක් තේරුම්ගමු.
මිතුරුකමට වඩා වැඩි දෙයක්ද?
පහළ තියෙන ප්‍රශ්නවලට ඔයාගේ පිළිතුර මොකද්ද?
ඔයා නිතරම එහේ මෙහේ යන්නේ ඔයාගේ හිත ගිය කෙනා එක්ක නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමකට වඩා වැඩි දෙයක්ද?
□ ඔව්
□ නැහැ
හිත ඇදිලා ගිය කෙනෙක්ට ඔයා දවසට කීප වතාවක්ම SMS යවනවා නම් වරු ගණන් ෆෝන් එකෙන් කතා කරනවා නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමකට වඩා වැඩි දෙයක්ද?
□ ඔව්
□ නැහැ
යාළුවන් එක්ක ඉන්න වෙලාවටත් ඔයායි එයායි නිතරම ඉන්නේ එකට නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමකට වඩා වැඩි දෙයක්ද?
□ ඔව්
□ නැහැ
පළවෙනි ප්රශ්නය දිහා බැලුවාම නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමකට වඩා වැඩි දෙයක් කියලා තේරුම්ගන්න එක එච්චර අමාරු වෙන්න නැතුව ඇති. හැබැයි දෙවෙනි ප්‍රශ්නෙයි තුන්වෙනි ප්‍රශ්නෙයි බැලුවාම නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමට වඩා වැඩි දෙයක් කියලා සමහරවිට ඔයාට හිතෙන්න නැතුව ඇති. ඒත් ඔයායි ඔයාගේ හිත ඇදිලා ගිය කෙනයි ෆෝන් එකෙන් හරි, හම්බ වෙලා හරි නිතර නිතර කතා කරනවා නම් ඔය දෙන්නා අතරේ තියෙන්නේ මිතුරුකමට වඩා වැඩි දෙයක්. ඒක හොර රහසින් කළත් ප්‍රසිද්ධියේ කළත් වෙනසක් නැහැ. එහෙම බලන කොට උඩ තිබුණු ප්‍රශ්න තුනටම උත්තරේ වෙන්න ඕනේ ‘ඔව්.’ ඒත් ඒ වගේ දෙයක් දැන්ම පටන්ගන්න එක නුවණට හුරුයි කියලා ඔයා හිතනවාද? උත්තරේ දැනගන්න දැන් අපි ප්‍රශ්න තුනක් සලකලා බලමු.
කෙනෙක් එක්ක යාළු වෙන්න ඔයා ආස ඇයි?
ගැහැනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු වෙන එක හුඟක් රටවල සලකන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. ඒත් ඒ වගේ දෙයක් පටන්ගන්න ඕනේ බඳින්න කලින් දෙන්නට දෙන්නා ගැළපෙනවාද කියලා දැනගන්නයි.
ඔයාගේ යාළුවන්ගෙන් සමහරදෙනෙක්ට නම් ඒ වගේ අදහසක් නැතුව ඇති. සමහරවිට ඒගොල්ලෝ කෙනෙක් එක්ක යාළු
වෙන්නේ එහේ මෙහේ යන්න, නිතර කතා කරකර ඉන්න තමන්ගේම කියලා කෙනෙක් ඉන්නවාට ආස නිසයි. මට කෙනෙක් ඉන්නවා කියලා අනිත් අයට පෙන්නන්න ඕනේ නිසත් යාළු වෙන අය ඉන්නවා. හැබැයි ඒ වගේ සම්බන්ධකම් වැඩි කල් තියෙන්නේ නැහැ. එක යෞවනියක් ඒ ගැන මෙහෙම කිව්වා. “ගොඩක් අය යාළු වුණාට ඒවා තියෙන්නේ සතියයි දෙකයි. ඒගොල්ලෝ ඒක සලකන්නේ ටික දවසකට තියෙන දෙයක් හැටියටයි. ඒක හරියට දික්කසාදයට පෙරහුරුවක් වගෙයි.”ඔයා කෙනෙක් එක්ක නිකං සෙල්ලමට යාළු වුණොත් ඒකෙන් පේන්නේ ඒ කෙනාගේ හැඟීම් ගැන ඔයාට කිසි ගානක් නැහැ කියන එකයි. ඔයා කැමතිද කවුරු හරි ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලං කරනවාට? ඒ නිසා කෙනෙක් එක්ක යාළු වෙන එක සැහැල්ලුවට ගන්න එපා. චෙල්සී කියන යෞවනිය මෙහෙම කියනවා. “සමහර වෙලාවට මට හිතෙනවා යාළු වෙන එක නිකං ජොලියට කරන්න ඕනේ දෙයක් කියලා. හැබැයි දෙන්නාගෙන් එක් කෙනෙක් ඒක සීරියස් ගත්තොත් නම් ඒක සෙල්ලමක් නෙමෙයි.”
යාළු වෙන්න වයස හරිද?
කෙනෙක් මොන වයසේදී යාළු වුණාට කමක් නැහැ කියලද ඔයා හිතන්නේ? උත්තරේ ලියන්න. ․․․․․
දැන් ඒ ප්‍රශ්නේ ඔයාගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි අහලා ඒ උත්තරෙත් ලියන්න. ․․․․․
ඔයා ලියපු වයස ඔයාගේ අම්මායි තාත්තායි දුන්න වයසට වඩා අඩුද වැඩිද? වැඩි නම් ඒ කියන්නේ ඔයා ඔයාවම හොඳට තේරුම්ගන්න පුළුවන් වයසකට එනකම් යාළු වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න ඥානවන්ත යෞවනයෙක්. ඩැනියෙලුත් ඒ වගේ යෞවනියක්. එයාට වයස අවුරුදු 17යි. එයා මෙහෙම කියනවා.
“මීට අවුරුදු දෙකකට කලින් මං කවදාහරි බඳින කෙනා මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියට දැන් ඒවා වෙනස් වෙලා. ඉස්සරහට තවත් වෙනස් වෙයි. ඒ නිසා මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියලා මට හිතෙන කාලේක තමයි මං කෙනෙක් එක්ක යාළු වෙන්නේ.”බයිබලයේ තියෙන විදිහට “යොවුන් විය” කියන්නේ ලිංගික හැඟීම් ප්‍රබල වෙන්න පටන්ගන්න කාලයක්. (1 කොරින්ති 7:36) ඒ වගේ කාලයකදී ඔයා කෙනෙක් එක්ක යාළු වෙලා එයාව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් ඒ හැඟීම් පාලනය කරගන්න එක ඔයාට එච්චර ලෙහෙසි දෙයක් වෙන්නේ නැහැ. සමහරවිට ඔයා අතින් වරදක් වෙන්නත් පුළුවන්. ඒත් ඔයාගේ යාළුවන්ගෙන් හුඟදෙනෙක් ලිංගික සම්බන්ධකම් පවත්වන්න ආසාවෙන් ඉන්න නිසා ඒගොල්ලන්ට නම් ඒක එච්චර ගානක් නැතුව ඇති. හැබැයි ඔයා ඒ රැල්ලට අහු වෙන්න එපා. (රෝම 12:2) බයිබලයෙත් දිරිගන්වලා තියෙන්නේ, “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලයි. (1 කොරින්ති 6:18) ඒ නිසා ඔයා යොවුන් විය පහු වෙනකම් හිටියොත් ‘අනවශ්‍ය දුක් කරදර’ මඟහරින්න ඔයාට පුළුවන් වෙයි.—දේශනාකාරයා 11:10.
දැන්ම බඳින්න පුළුවන්ද?
ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න නම් ඔයා ඔයා ගැනම කල්පනා කරලා බලන්න ඕන පැති කීපයක් තියෙනවා.
බැඳීම්. ඔයාට ඔයාගේ අම්මයි, තාත්තයි, පවුලේ අනිත් අයයි එක්ක හොඳින් ඉන්න පුළුවන්ද? ඔයාට ඒගොල්ලෝ එක්ක නිතර කේන්ති යනවාද? ඒ වගේ වෙලාවට ඒගොල්ලන්ගේ හිත පාරන විදිහට ඔයා කතා කරනවාද? සැරෙන් බණිනවාද? ඒ ප්‍රශ්න ඔයාගේ පවුලේ අයගෙන් ඇහුවොත් ඒගොල්ලෝ මොනවා කියයිද? ඒවා ගැන හිතලා බලන එක ගොඩක් වැදගත්. මොකද ඔයාගේ එෆීස 4:31 කියවන්න.
පවුලේ අයට ඔයා දැන් සලකන විදිහෙන් අනාගතයේදී ඔයා බඳින කෙනාට කොහොම සලකයිද කියලා පේනවා.—ගතිගුණ. ඔයා හැම දෙයක් දිහාම හොඳ විදිහට බලන කෙනෙක්ද? නැත්නම් ඔයා දකින්නේ නරක පැත්ත විතරද? ඔයා අනිත් අයගේ අදහස්වලටත් සවන් දෙන කෙනෙක්ද? නැත්නම් නිතරම ඔයාට ඕන විදිහට දේවල් කරන්න හදනවාද? ප්‍රශ්න මැද වුණත් ඔයාට සන්සුන්ව ඉන්න පුළුවන්ද? ඔයා ඉවසිලිවන්ත කෙනෙක්ද? දෙවිගේ උපකාරයෙන් ඔයා දැන් හොඳ ගතිගුණ ඇති කරගත්තොත් අනාගතයේ හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න ඒවා ඔයාට උදව් වෙයි.—ගලාති 5:22, 23 කියවන්න.
මුදල්. ඔයා ඔහේ මුදල් වියදම් කරන කෙනෙක්ද? නැත්නම් හිතලා බලලා වියදම් කරන කෙනෙක්ද? ඔයා නිතරම ණය වෙනවාද? ඕනෑම විදිහේ ජොබ් එකක් කරන්න ඔයාට පුළුවන්ද? බැරි නම් ඒ ඇයි? ඔයා දැන් මුදල් හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් පවුලක් වුණාට පස්සේ ඒක කරන්න පුළුවන් වෙයිද?—1 තිමෝති 5:8 කියවන්න.
ආගම. ඔයා යෙහෝවා දෙවිට නමස්කාර කරන යෞවනයෙක් නම් දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ඔයා උත්සාහ කරනවාද? ඔයා බයිබලය කියවනවාද? දේවසේවයේ යනවාද? රැස්වීම්වලට හවුල් වෙනවාද? ඔයා ඒ වගේ කෙනෙක් නම් ඔයාව බඳින කෙනාට ඔයා වටිනා කෙනෙක් වෙයි.—දේශනාකාරයා 4:9, 10 කියවන්න.
ඔයාට කරන්න පුළුවන් දේ
පොඩි වයසේදීම යාළු වෙන එක හරියට පොඩි පන්තියක ඉන්න ළමයෙක් A/L කරන්න හදනවා වගේ. ඒක එච්චර ඥානවන්ත දෙයක් නෙමෙයි. මොකද A/L විෂයන් ගැන දන්නේ නැතුව විභාගෙට ඉඳගත්තොත් එන ප්‍රශ්නවලට හොඳට උත්තර ලියන්න බැරි වෙනවා.
කෙනෙක් එක්ක යාළු වෙන්න කලින් ඔයාත් දැනගන්න ඕන වැදගත් දේවල් තියෙනවා. හොඳ මිතුරන් ඇති කරගෙන ඒ මිතුදම් දිගටම රැකගන්න පුළුවන් විදිහ ඔයා දැනගන්න ඕනේ. එතකොට පස්සේ කාලෙක ඔයාට ගැළපෙන කෙනාව හම්බ වුණාම එයාත් එක්ක ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගන්න ඔයාට පුළුවන් වෙයි. ඇත්තටම විවාහයක් කියන්නේ හොඳ මිතුරන් දෙන්නෙක්ගේ එක් වීමක්.
කෙනෙක් එක්ක යාළු වෙන්නේ නැතුව ඉන්න එක ලොකු අඩුවක් කියලා හිතන්න එපා. එහෙම ඉන්න එකෙන් ඔයාගේ යෞවන දේශනාකාරයා 11:9) අනාගතයේදී හොඳ සහකරුවෙක්, සහකාරියක් වෙන්න අවශ්‍ය ගතිගුණ ඇති කරගන්නත් ඔයාට ඒ කාලය පාවිච්චි කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි දෙවිත් එක්ක ඔයාට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න ඒ කාලය පාවිච්චි කරන්න ලැබෙන එක.—විලාප ගී 3:27.
කාලය නිදහසේ වගේම සතුටින් ගෙවන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. (ගැහැනු ළමයි පිරිමි ළමයි කියලා බලන්නේ නැතුව යෞවන කාලයේදී හැම කෙනෙක්වම මිතුරන් වගේ ආශ්‍රය කරන්න. විනෝද වෙන්න කට්ටිය එකතු වෙන වෙලාවලදී වැඩිහිටියන්වත් හවුල් කරගන්න එක ඥානවන්ත දෙයක්. ටැමී කියන යෞවනියත් මෙහෙම කිව්වා. “ඒ විදිහට කට්ටියක් එක්ක එකතු වෙන කොට සතුට වැඩියි. යාළුවෝ හුඟදෙනෙක් ඉන්න එක හොඳ දෙයක් කියලයි මට හිතෙන්නේ.” මොනිකා කියන යෞවනිය කිව්වෙත් “කට්ටියක් හැටියට ආශ්‍රය කරන එකෙන් ගොඩක් අයව අඳුනගන්න පුළුවන් වෙනවා” කියලයි.
හැබැයි ඔයා පොඩි වයසේදීම කා එක්ක හරි යාළු වුණොත් ඔයාගේ හිත පෑරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මිතුරන් ඇති කරගෙන ඒ මිතුදම් රැකගන්න විදිහ ගැන දැන් ඉගෙනගන්න එක. කාලයත් එක්කම ඔයාට ඔයා ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයා බඳින්න කැමති මොන වගේ කෙනෙක්වද කියලා ඔයාට තවත් හොඳින් තේරෙයි. ඒ නිසා හදිසි වෙන්න එපා.
තවත් දැනගන්න 1වෙනි පොතේ 29වෙනි හා 30වෙනි පරිච්ඡේද බලන්න
ගෙදරට හොරෙන් සම්බන්ධයක් පටන්ගන්න ඔයාට හිතිලා තියෙනවාද? ඔයා ඒකේ අනතුරු දන්නවාද?
බයිබල් උපදෙස
“සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.
යෝජනාවක්
දෙවෙනි පේතෘස් 1:5-7 කියවලා ඔයා අදාළ කරගන්න ඕනේ ගතිලක්ෂණයක් තෝරගෙන ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. ඒක කොච්චර දුරට අදාළ කරගෙන තියෙනවාද කියලා මාසයකින් බලන්න. හොඳ සහකරුවෙක් වෙන්න ඒක උදව් වෙයි.
මේක දැනගෙන හිටියාද?
ගොඩක් සමීක්ෂණවලින් පෙන්නන විදිහට අවුරුදු 20ට වඩා අඩු වයසේදී විවාහ වුණු හුඟදෙනෙක් අවුරුදු පහක් ඇතුළතදී දික්කසාද වෙනවා.
ඔයාට වැඩක්!
බඳින එක ගැන හිතන්න කලින් මං මේ ගතිලක්ෂණ දියුණු කරගන්න ඕනේ ․․․․․
ඒකට මං මේ දේවල් කරන්න ඕනේ ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම එකට ආශ්‍රය කරන්න හොඳ අවස්ථාවන් මොනවාද?
● ඔයාගේ සහෝදරයා හරි සහෝදරිය හරි පොඩි වයසෙන් සම්බන්ධයක් පටන්ගන්න යනවා නම් එයාට කරුණු තේරුම් කරන්නේ කොහොමද?
● බඳින්න අදහසක් නැතුව ඔයා කෙනෙක් එක්ක යාළු වෙලා නම් එයාට ඒක කොහොම බලපායිද?
[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘ඔයා කෙනෙක් එක්ක යාළු වෙන්න ඕනේ එයා ඔයාගේ ජීවිතයට වටිනවා කියලා දැනුණාමයි. එයාත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලත් ඔයාට දැනෙන්න ඕනේ. එහෙම නැතුව යාළු වෙන්නම් වාලේ යාළු වෙලා වැඩක් නැහැ.’’—ඇමා
[16, 17වන පිටුවේ පින්තූරය]
ඔයා නිකං සෙල්ලමට කෙනෙක් එක්ක යාළු වෙන්න හදන කෙනෙක් නම් ඔයා හරියට අලුත් සෙල්ලං බඩුවක් හම්බ වුණාම ඒකත් එක්ක සෙල්ලං කරලා එපා වුණාම ඒක අයින් කරලා දාන ළමයෙක් වගෙයි