37වෙනි පාඩම
යෙහෝවා සාමුවෙල්ට කතා කරයි
උත්තම පූජක ඒලීට හොප්නී සහ පිනෙහාස් කියලා පුත්තු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නාම ශුද්ධ කූඩාරමේ සේවය කරපු පූජකයන්. එයාලා දෙවියන්ගේ නීතියට කීකරු වුණේ නැහැ. ඊශ්‍රායෙල්වරු යෙහෝවාට පූජා ඔප්පු කරන්න ආවාම හොඳම මස් ටික එයාලා ගත්තා. ඒලීට ඒ දෙන්නා කරන දේවල් ආරංචි වුණත් එයා මුකුත්ම කළේ නැහැ.
හොප්නීටයි පිනෙහාස්ටයි වඩා සාමුවෙල් හුඟක් බාල වුණත් සාමුවෙල් එයාලා වගේ වැඩ කළේ නැහැ. ඒ නිසා යෙහෝවා එයා ගැන සතුටු වුණා. දවසක් සාමුවෙල් නිදාගෙන ඉද්දී එයාට ඇහුණා කවුද එයාගේ නම කියනවා. එයා නැඟිටලා ඒලී ළඟට දුවගෙන ගිහින් “මට කතා කළාද” කියලා ඇහුවා. ඒලී කිව්වා ‘මං කතා කළේ නෑ. ගිහින් නිදාගන්න’ කියලා. සාමුවෙල් නිදාගෙන ඉද්දී ආයෙත් ඒ දේම වුණා. ඔය විදිහට සාමුවෙල් තුන් පාරක්ම ඒලී ළඟට ගියාම ඒලී තේරුම්ගත්තා සාමුවෙල්ට කතා කරන්නේ යෙහෝවා කියලා. ඒ නිසා එයා සාමුවෙල්ට කිව්වා ආයෙත් කතා කරනවා ඇහුණොත් ‘යෙහෝවා දෙවියනි, මං අහගෙනයි ඉන්නේ’ කියන්න කියලා.
සාමුවෙල් ආයෙත් නිදාගන්න ගියා. ටික වෙලාවකින් ආයෙත් එයාගේ නම කියනවා ඇහුණාම එයා කිව්වා ‘ඔයාගේ සේවකයා අහගෙනයි ඉන්නේ’ කියලා. යෙහෝවා එයාට මෙහෙම කිව්වා. ‘ඒලීට කියන්න මං
එයාටයි පවුලේ අයටයි දඬුවම් කරනවා කියලා. පුතාලා කරන වැරදි ගැන දැනගෙනත් එයා මුකුත් කරන්නෑ.’ පහුවෙනිදා උදේ සාමුවෙල් වෙනදා වගේම ශුද්ධ කූඩාරමේ දොරවල් ඇරියා. යෙහෝවා කියපු දේ ඒලීට කියන්න එයා බයෙන් හිටියේ. ඒත් ඒලී කිව්වා ‘පුතේ, යෙහෝවා කියපු දේ මට කියන්න’ කියලා. ඊටපස්සේ සාමුවෙල් හැම දේම ඒලීට කිව්වා.සාමුවෙල් ලොකු වුණාමත් යෙහෝවා එයා එක්ක හිටියා. යෙහෝවා සාමුවෙල්ව අනාගතවක්තෘවරයෙක් විදිහටයි විනිශ්චයකරුවෙක් විදිහටයි තෝරගෙන තියෙනවා කියලා ඊශ්‍රායෙල්වරු හැමෝම දැනගත්තා.
“තරුණයෙනි, තරුණ කාලේදී ඔයාගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘව සිහි කරන්න.”—දේශනාකාරයා 12:1