Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

Skip to content

පටුනට යන්න

5වෙනි පාඩම

අපේ රැස්වීම්වලට ආවොත් ඔයාට මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?

අපේ රැස්වීම්වලට ආවොත් ඔයාට මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?
ආර්ජන්ටිනාවේ නමස්කාර මධ්‍යස්ථානයක සිටින සාක්ෂිකරුවන්

ආර්ජන්ටිනාව

සියරා ලියොන්වල සාක්ෂිකරුවන්ගේ රැස්වීමක්

සියරා ලියොන්

බෙල්ජියමේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක්

බෙල්ජියම

මැලේසියාවේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක්

මැලේසියාව

හුඟක් අයට ජීවිතේ එන ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න එයාලගේ ආගම්වලින් හරි මඟ පෙන්වීම් ලැබෙන්නේ නැහැ. එයාලා ආගමික වතාවත්වලට, මෙහෙයන්වලට ගියත් කිසි සහනයක් අද්දකින්නේ නැහැ. අපේ රැස්වීම්වලට ගියාමත් වෙන්නේ ඒ ටිකමද? ඒක දැනගන්න ඔයාම අපේ රැස්වීමකට ඇවිත් බලන්න.

ඔයා ගැන හුඟක් සැලකිලිමත්, ඔයාට ඇත්තටම ආදරේ කරන අය එතැන ඉන්නවා කියලා ඔයාට දැනෙයි. ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එක එක ප්‍රදේශවල විසිරිලා හිටියා. ඒත් ඒ අය කණ්ඩායම් විදිහට ඒ කියන්නේ සභාවන් හැටියට රැස් වෙලා දෙවිට නමස්කාර කළා. ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් හොයලා බැලුවා. එකිනෙකාව දිරිගැන්නුවා. (හෙබ්‍රෙව් 10:24, 25) ඒ විදිහට රැස් වෙද්දී ඒගොල්ලන්ට දැනුණේ එයාලට ඇත්තටම ආදරේ කරන, එයාලා ගැන සැලකිලිමත් සහෝදර සහෝදරියන් අතරේ එයාලා ඉන්නවා කියලයි. (2 තෙසලෝනික 1:3; 3 යොහන් 14) අද අපිත් එයාලව ආදර්ශයට ගන්න නිසා රැස්වීම්වලට ගියාම ඒගොල්ලෝ අද්දැක්ක සතුට අද්දකිනවා.

රැස්වීම්වලට ගියාම බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. එදා දෙවිට නමස්කාර කරපු පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් එකට රැස් වෙලා දෙවි ගැන ඉගෙනගත්තා. අදත් අපි වයස් භේදයක් නැතුව දෙවි ගැන ඉගෙනගන්න එකට රැස් වෙනවා. ඒ රැස්වීම්වලදී සමහර සහෝදරයන් බයිබලේ තියෙන මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන අපිට කියලා දෙනවා. (ද්විතීය කතාව 31:12; නෙහෙමියා 8:8) රැස්වීම්වලදී අපි හැමෝටම අපේ අදහස් කියන්නත් ගීතිකා ගායනා කරලා දෙවිට ප්‍රශංසා කරන්නත් අවස්ථාව තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් වෙනවා අපිට තියෙන බලාපොරොත්තුව ගැන හැමෝම ඉදිරියේ කියන්න.—හෙබ්‍රෙව් 10:23.

දෙවි ගැන තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න පුළුවන්. යේසුස්ගේ අනුගාමිකයෙක් වුණු පාවුල් මෙහෙම කිව්වා. ‘ඇත්තෙන්ම ඔබව දැකගැනීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි. එමගින් අපට එකිනෙකාව දිරිගැන්වීමට හැකියාව ලැබේ. එවිට ඔබ මාගේ විශ්වාසයෙනුත් මා ඔබේ විශ්වාසයෙනුත් දිරිගැන්වීමක් ලබනු ඇත.’ (රෝම 1:11, 12) ඒ වගේ අපි රැස්වීම්වලට ගිහින් අනිත් අයව ආශ්‍රය කරද්දී අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. යේසුස් දීලා තියෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන්නත් ඒකෙන් අපි පෙලඹෙනවා.

අපේ ආරාධනය පිළි අරගෙන අපේ රැස්වීමකට ඔයා ආවොත් ඒ දේවල් අද්දකින්න ඔයාට පුළුවන් වෙයි. ඔයාව අපි සාදරෙන් පිළිගන්නවා. රැස්වීම්වලට එන අයගෙන් අපි සල්ලි අය කරන්නෙවත් එකතු කරන්නෙවත් නැහැ.

  • රැස්වීම් පවත්වන විදිහෙන් අපි ආදර්ශයට ගන්නේ කාවද?

  • රැස්වීම්වලට යන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?