ආයෙත් හම්බ වෙද්දී
8පාඩම
ඉවසන්න
ප්‍රතිපත්තිය: ‘ආදරේ තියෙන කෙනෙක් ඉවසීමෙන් වැඩ කරනවා.’—1 කොරි. 13:4.
යේසුස් කරපු දේ
1. වීඩියෝ එක බලන්න, නැත්නම් යොහන් 7:3-5 සහ 1 කොරින්ති 15:3, 4, 7 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:
යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
2. සමහර අයට ශුභාරංචිය පිළිගන්න කාලයක් යනවා. ඒ නිසා අපි ඉවසන්න ඕනේ.
යේසුස්ව ආදර්ශයට ගන්න
3. වෙනස් ක්‍රම පාවිච්චි කරන්න. එයා මුලදී පාඩමක් කරන්න කැමති නැත්නම් බල කරන්න එපා. හොඳ වෙලාවක් බලලා බයිබල් පාඩමකදී වෙන දේ සහ ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන තියෙන වීඩියෝ එකක්, ලිපියක් පෙන්නන්න.
4. සන්සන්දනය කරන්න එපා. හැමෝම එක වගේ නැහැ. පවුලේ කෙනෙක් හරි නැවත බලන්න යන කෙනෙක් හරි පාඩමක් කරන්න, බයිබලයෙන් පෙන්නපු දෙයක් පිළිගන්න අදිමදි කරන්න පුළුවන්. ඒ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. එයා එහෙම කරන්නේ එයාගේ හිතට තදින්ම කාවැදිලා තියෙන ආගමික විශ්වාසයක් නිසාද? එයාගේ නෑදෑයන්, අසල්වැසියන් එයාට බලපෑම් කරන නිසාද? එයාට ඔයා කියපු දේවල් ගැන හිතන්න, බයිබල් ඉගැන්වීම් ගැන අගයක් ඇති කරගන්න කාලේ දෙන්න.
5. එයා ගැන යාච්ඤා කරන්න. බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව ඉන්නත් එයාගේ හිත දිනාගන්න පුළුවන් විදිහට කතා කරන්නත් යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. එයා පාඩම් කරන්න ඇත්තටම කැමති නැද්ද කියලත් එයාව හම්බ වෙන්න යන එක නවත්තනවාද නැද්ද කියලත් තේරුම්ගන්න උදව් කරන්න කියලා යාච්ඤා කරන්න.—1 කොරි. 9:26.