39වෙනි පරිච්ඡේදය
දෙවි තමන්ගේ පුතාව අමතක කළේ නැහැ
ලාසරුස් මැරුණාම යේසුස් ඇඬුවා. ඔයා හිතනවාද යේසුස් දුක් විඳලා මැරෙද්දී යෙහෝවා දෙවිටත් දුකක් දැනෙන්න ඇති කියලා?— දෙවිගේ හිතටත් දුක දැනෙනවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 78:40, 41; යොහන් 11:35.
තමන්ගේ ආදරණීය පුතා මැරෙනවා දකිද්දී යෙහෝවා දෙවිට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද?— දෙවි කවදාවත් තමන්ව අමතක කරන්නේ නැහැ කියලා යේසුස් දැනගෙන හිටියා. මැරෙන්න ටිකකට කලින් ‘තාත්තේ, මගේ ජීවිතය ඔබේ අතේ’ කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—ලූක් 23:46.
තමන් මැරුණාට පස්සේ හැමදාම මිනී වළේ ඉන්න වෙන්නේ නැහැ කියලත් දෙවි තමන්ව නැවත නැඟිටුවනවා කියලත් යේසුස් දැනගෙන හිටියා. බයිබලයේ යේසුස් ගැන කියලා තිබුණු දෙයක් මතක් කරමින් පේතෘස් මෙහෙම කිව්වා. ‘ක්‍රිස්තුස්ව දිගටම මිනී වළේ තියන්නේ නැහැ. එයාගේ ශරීරය මිනී වළේ කුණු වීමට ක්‍රියා 2:31; ගීතාවලිය 16:10) ඔව්, යේසුස්ගේ ශරීරය කුණු වෙලා යන කල් මිනී වළේ තිබ්බේ නැහැ.
ඉඩ දෙන්නේ නැහැ.’ (යේසුස් ජීවත් වෙලා හිටිය කාලෙදිම කියලා තිබුණා තමන් මැරිලා ‘තුන්වෙනි දවසේදී තමන්ව නැවත නැඟිටුවනවා’ කියලා. (ලූක් 9:22) ඒ නිසා යේසුස් නැවත නැඟිටුණාම ගෝලයන්ට ඒ ගැන පුදුම වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඇත්තටම ගෝලයන් ඒ ගැන පුදුම වුණේ නැද්ද?—
යේසුස් මැරුණේ සිකුරාදා හවස තුනට විතර. යේසුස් මැරිලා කියලා යුදෙව් අධිකරණයේ සාමාජිකයෙක් වුණු යෝසෙප්ට ආරංචි වුණාම එයා ගිහින් රෝම ආණ්ඩුකාර පිලාත්ව මුණගැහෙනවා. යෝසෙප් හුඟක් පොහොසත් කෙනෙක්. හොර රහසින් යේසුස්ගේ ගෝලයෙක් වෙලා හිටිය එයා යේසුස්ගේ මිනිය තැන්පත් කරන්න අවසර ගන්නයි එහෙට ගියේ.
යේසුස්ගේ මිනිය සොහොන් ගෙයක තැන්පත් කරලා ඒකේ දොර ලොකු ගලකින් වැහුවා. ඒක ආරක්ෂා කරන්න නායක පූජකයන් මුරකරුවන්වත් දාලායි තිබුණේ. යේසුස් මැරිලා තුන්වෙනි දවස වෙන කල්ම ඒ කියන්නේ ඉරිදා වෙන කල්ම ඒ අය එතැන හිටියා. ඒ ඇයි කියලා දන්නවාද?—
තමන්ව මරණයෙන් නැවත නැඟිටුවනවා කියලා යේසුස් කියපු දේ පූජකයන් දැනගෙන හිටියා. එයාලා හිතුවේ ගෝලයන් මිනිය හොරෙන් අරන් ගිහින් යේසුස් නැවත නැඟිටලා කියලා කියයි කියලයි. ඒ නිසයි එයාලා මුරකරුවන්ව දැම්මේ. තුන්වෙනි දවසේ එකපාරටම පොළොව හෙලවෙන්න පටන්ගත්තා. ඒ වෙද්දී එළිය වැටිලා තිබුණෙත් නැහැ. ඒත් එකපාරටම ලොකු එළියක් ආවා. ඒ යෙහෝවා දෙවිගේ දූතයෙක්! මුරකරුවන් කොයි තරම් බය වුණාද කියනවා නම් එයාලා හිටියේ ගල් ගැහිලා වගෙයි. දේවදූතයා සොහොන් ගෙය වහලා තිබුණු ගල අයින් කළා. සොහොන් ගෙය හිස් වෙලා!
ඔව්, යේසුස්ව නැවත නැඟිටුවලා. ඒ නිසා තමයි යේසුස් නැවත නැඟිට්ටා කියලා පස්සේ කාලෙක පේතෘස් කිව්වේ. (ක්‍රියා 2:32) යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිටුවලා තියෙන්නේ දේවදූතයෙක් විදිහට. (1 පේතෘස් 3:18) ඒ නිසා මිනිසුන්ට පේන්න එන්න නම් යේසුස් මිනිසෙක් විදිහට එන්න ඕනේ. යේසුස් එහෙම කරයිද?—
දැන් එළිය වැටීගෙන එනවා. මුරකරුවන් සොහොන් ගෙය මාක් 16:3) ඒත් එයාලා එද්දී ඒ ගල අයින් කරලා. යේසුස්ගේ මිනිය එතැන නැහැ. වෙලා තියෙන දේ ගැන කියන්න ඒ වෙලාවෙම මරියා මග්දලේනා නියෝජිතයන්ව හොයාගෙන යනවා.
ළඟ නැහැ. මරියා මග්දලේනාත් යේසුස්ගේ ගෝලයන් වෙලා හිටිය තවත් ගැහැනු කීපදෙනෙකුත් සොහොන් ගෙය ළඟට එනවා. අතරමඟදී එයාලා කතා වෙනවා ‘කාට කියලද අපි සොහොන් ගෙයි ගල අයින් කරගන්නේ’ කියලා. (අනිත් අය එතැනම ඉන්නවා. එයාලා කල්පනා කරන්නේ ‘යේසුස්ගේ මිනියට වුණේ මොකක්ද’ කියලයි. එකපාරටම දේවදූතයන් දෙන්නෙක් එතැනට එනවා. එයාලා ගැහැනු අයට මෙහෙම කියනවා. ‘ඔයාලා යේසුස්ව හොයන්නේ ඇයි? එයාව නැවත නැඟිටුවලා. දැන් ඉක්මනට ගිහින් ඒ ගැන ගෝලයන්ට කියන්න.’ එයාලා කොයි තරම් හයියෙන් දුවන්න ඇද්ද! අතරමඟදී පිරිමි කෙනෙක්ව එයාලාට මුණගැහෙනවා. දන්නවාද ඒ කවුද කියලා?—
ඒ යේසුස්. ‘ඉක්මනට ගිහින් ගෝලයන්ට කියන්න’ කියලා යේසුත් එයාලාට කියනවා. එයාලාට ඒක අදහාගන්නත් බැහැ. ගෝලයන්ව මුණගැහුණාම එයාලා මෙහෙම කියනවා. ‘යේසුස්ව නැවත නැඟිටුවලා! අපි එයාව දැක්කා.’ සොහොන් ගෙය හිස් වෙලා කියලා මේ වෙද්දීත් මරියා පේතෘස්ටත් යොහන්ටත් කියලයි තියෙන්නේ. පින්තූරේ පේන විදිහට දැන් ඒ දෙන්නාත් එතැනට ඇවිත්. යේසුස්ව ඔතලා තිබුණු රෙදි පටි දිහා එයාලා බලනවා. යේසුස්ව නැවත නැඟිටුවලා කියලා පිළිගන්න එයාලා කැමති වුණත් සිද්ධ වෙලා තියෙන දේ එයාලාට හිතාගන්නවත් බැහැ.
ටික වෙලාවකට පස්සේ එම්මාවුස් කියන ගමට යමින් හිටිය ගෝලයන් දෙන්නෙක් ළඟට යේසුස් යනවා. ඇවිදගෙන යන ගමන් යේසුස් එයාලත් එක්ක කතා කරනවා. ඒත් යේසුස්ගේ පෙනුම දැන් වෙනස් නිසා ගෝලයන් යේසුස්ව අඳුනගන්නේ නැහැ. කෑම කන්න කලින් යේසුස් යාච්ඤා කරද්දී තමයි එයාලා යේසුස්ව අඳුනගත්තේ. ගෝලයන් ඒ ගැන මොන තරම් සතුටු වුණාද කියනවා නම් කිලෝමීටර් ගාණක් ගෙවාගෙන ආපහු යෙරුසලමට යනවා. පේන විදිහට ඊට ටික වෙලාවකට පස්සේ යේසුස් පේතෘස්ව මුණගැහෙන්නත් ගිහින් තියෙනවා.
ඒ ඉරිදා දවසෙම හැන්දෑ වරුවේ ගෝලයන් හුඟදෙනෙක් එක කාමරයකට මතෙව් 28:1-15; ලූක් 24:1-49; යොහන් 19:38–20:21.
රැස් වෙනවා. ඒකේ හැම දොරක්ම වහලයි තිබුණේ. හැබැයි එකපාරටම යේසුස් ඒ අය අතරට එනවා. යේසුස්ව නැවත නැඟිටුවලා කියලා දැන් නම් එයාලාට කිසිම සැකයක් නැහැ. ඒ ගැන එයාලා කොච්චර සතුටු වෙන්න ඇද්ද!—තමන් ඇත්තටම ජීවත් වෙනවා කියලා පෙන්වන්න යේසුස් දවස් 40ක්ම එක එක මිනිස් සිරුරුවලින් ගෝලයන්ව මුණගැහෙන්න ආවා. ඊටපස්සේ එයා ස්වර්ගයේ ඉන්න එයාගේ තාත්තා ළඟට ගියා. (ක්‍රියා 1:9-11) දෙවි, යේසුස්ව නැවත නැඟිට්ටෙව්වා කියලා ගෝලයන් අනිත් අයටත් කියන්න පටන්ගත්තා. පූජකයන් එයාලාට ගැහුවත් සමහර අයව මැරුවත් එයාලා දිගටම දේශනා කළා. එයාලා හොඳින්ම දැනගෙන හිටියා එයාලාට මැරෙන්න සිද්ධ වුණත් යෙහෝවා දෙවි යේසුස්ව අමතක කළේ නැහැ වගේ තමන්වත් අමතක කරන්නේ නැහැ කියලා.
අද ඉන්න හුඟක් අයට වඩා ඒ කාලේ හිටිය ගෝලයන් කොයි තරම් වෙනස්ද! යේසුස්ව නැවත නැඟිටුවපු එක සමරන පාස්කු කාලයේදී පවත්වන චාරිත්‍ර ගැනයි අද ඉන්න අය වැඩියෙන් හිතන්නේ. ගොක් කොළවලින් කුරුස හදන එක ඒ අතරට අයිතියි. සමහර රටවල ඒ චාරිත්‍රවලට බිත්තරත් හාවුන්වත් සම්බන්ධ කරගන්නවා. හැබැයි බයිබලයේ ඒ වගේ චාරිත්‍ර ගැන සඳහන් වෙලා නැහැ. ඒ වෙනුවට දෙවිට සේවය කරන්න ඕන කොහොමද කියලයි ඒකේ තියෙන්නේ.
දෙවි තමන්ගේ පුතාව නැවත නැඟිට්ටෙව්වා කියලා මිනිසුන්ට කියනවා නම් අපිටත් පුළුවන් යේසුස්ගේ ගෝලයන් වගේ වෙන්න. එහෙම කරද්දී අපිව මරනවා කියලා මිනිසුන් කිව්වත් අපි බය වෙන්න ඕන නැහැ. මොකද අපි මැරුණත් යේසුස්ව නැවත නැඟිටුවපු යෙහෝවා දෙවිට පුළුවන් අපිවත් නැවත නැඟිටුවන්න.
දෙවි කවදාවත් තමන්ගේ සේවකයන්ව අමතක කරන්නේ නැහැ කියලත් එයාලාව මරණයෙන් නැවත නැඟිටුවනවා කියලත් දැනගන්න ලැබුණු එක ගැන ඔයා සතුටු වෙනවා නේද?— ඒ දේ දැනගත්තාම දෙවිව සතුටු කරන්න පුළුවන් විදිහ ගැනත් හිතන්න අපි පෙලඹෙනවා. දෙවිව සතුටු කරන්න අපිට පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියාද?— ඒ ගැන ඊළඟ පාඩමෙන් බලමු.
යේසුස්ව නැවත නැඟිට්ටෙව්වා කියලා අපි විශ්වාස කරනවා නම් අපේ බලාපොරොත්තුවත් දෙවි ගැන තියෙන විශ්වාසයත් ශක්තිමත් වෙනවා. අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. ක්‍රියා 2:22-36; 4:18-20; 1 කොරින්ති 15:3-8, 20-23.